මටත් ඔය ලෙඩේ ඔය විදිහටම තිබුණා බං කාලයක්. දැන් මම හිතන්නේ මම මොකටද කා එක්කවත් ගැටෙන්න යන්නේ කියලයි. ගැටෙන්න යන එකේ ප්‍රතිඵලය හොද දෙයක් නෙමෙයි. උඹ පොඩ්ඩක් හිතපන් ඒ ආපු එකා අන්ඩර් වර්ල්ඩ් පොරක් කියලා. මොකද වෙන තත්ත්වය. මම මේ කිවුවේ සරලම උදාහරණයක්. කාටවත් බය වෙන්න කියලා කියනවා නෙමෙයි. ඒත් බං අපි ඒ වගේ පොරවල් එක්ක ගැටිලා ප්‍රශ්න හදාගන්න එකේ වටිනාකමක් තියෙනවද ඔය වගේ දේකට. සමහර විට මිනී මරාගන්න තත්ත්වයට යන්න පුලුවන්. අන්තිමට පස්ස හැරිලා බැලුවම අපිටම වැටෙහෙයි මම මේ වගේ දේකටද මෙහෙම දෙයක් කරගත්තේ කියලා. අපිට අපි ගැනම කණගාටුවක් ඇති වෙන්නේ පස්සේ. ඔන්න ඔය සීන් එක ටක්ගාලා හිතට ගනින් ඔය වගේ සීන් එකක් වෙච්ච ගමන්. පටස් ගාලා කූල් ඩවුන් වෙනවා.