තාක්ෂණ ලෝකයේ දැවැන්තයින්ගේ 'ප්‍රියතම කාර

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    තාක්ෂණ ලෝකයේ දැවැන්තයින්ගේ 'ප්‍රියතම කාර

    ඉබේ ධාවනය වන මෝටර් රථ පවා කෙමෙන් කෙමෙන් කරළියට ආවත් තවමත් අපි හැමෝම සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රම තමයි තවමත් භාවිත කරන්නේ. තාක්ෂණික සමාගම් වල මුල් පුටුවල වැජඹෙන කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් වුනත් බොහෝ වෙලාවට කාර් වලින් තමයි ගමන් යන්නේ.

    සමහර කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් බොහෝම සරල විදියට සාමාන්‍ය මිලෙන් අඩු කාර් වලින් ගමන් බිමන් යද්දී තවත් සමහර අය බිලියන ගනන් වියදම් කරලා සුපිරි කාර් වල තමයි ගමන් බිමන් යන්නේ.

    ඇපල් සමාගමේ වර්ථමාන විධායක නිළධාරී Tim Cook ගේ පළමු කාර් එක Porsche Boxster එකක්, හැබැයි දැනටනම් ඔහු පාවිච්චි කරන්නේ BMW 5 Series එකක්.

    tim-cooks-first-car-was-a-porsche-boxster-but-these-days-hes-been-seen-driving-a-bmw-5-series.png


    Tesla, Space X වගේ සමාගම් වල ප්‍රධානී Elon Musk මෝටර් රථ නිශ්පාදන සමාගම් හිමිකරුවෙක් වුනත් ඔහු පාවිච්චි කරන්නේ 67 Series 1 E-Type Jaguar කාර් එකක්.

    elon-musk-the-billionaire-behind-tesla-and-spacex-is-quite-fond-of-his-own-automotive-brand-though-he-admits-he-owns-a-67-series-1-e-type-jaguar.png


    Facebook ප්‍රධානී Mark Zuckerberg සතුව මෝටර් රථ කිහිපයක්ම තිබෙන බව වාර්ථා වන අතර ඒ අතර Acura TSX මෝටර් රථයක්ද ඇතුලත්.කෙසේ නමුත් ඩොලර් මිලියන 1.3ක් (රු. කෝටි 18ක් පමණ) වටිනා ඉතාලි මෝටර් රථයක් වන Pagani Huayra මෝටර් රථයක් ද ඔහු සතුවනවා.

    facebook-ceo-mark-zuckerberg-reportedly-owns-several-cars-including-an-acura-tsx-but-he-also-reportedly-paid-for-an-italian-pagani-huayra-supercar-which-starts-at-a-cool-13-million.png


    Microsoft සමාගමේ නිර්මාතෘ වන බිල් ගේට්ස් Porsche මෝටර් රථ වලට ඇල්මක් ඇති අයෙක්. සිය ප්‍රියතම කාරය Porsche 959 sports කාරය ඔහු මිලදී ගෙන ඇත්තේ එම වාහන මාදිලිය ප්‍රවාහන අමාත්‍යංශය මඟින් අනුමත කිරීමටත් වසර 13කට පෙරයි.

    microsoft-ceo.png


    Amazon ප්‍රධානී Jeff Bezos නම් තවමත් පාවිච්චි කරන්නේ 1996 වසරේ නිපදවූ Honda Accord මෝටර් රථයක්. එය මිලෙන් $4,000 හෙවත් ලංකාවේ මුදලින් නම් ලක්ෂ 6කටත් අඩු මෝටර් රථයක්.

    amazon-ceo-jeff-bezos-still-drives-his-1996-honda-accord-that-model-today-costs-around-4000.png


    Uber ප්‍රධානී Travis Kalanick සාමාන්‍යයෙන් එදිනෙදා ගමන් යන්නේත් Uber කාර් වලින්. ඒ වගේම ඔහු රාත්‍රී කාලයේ Uber රියැදුරෙක් ලෙස සේවයේ යෙදෙන බවත් වාර්තා වනවා.

    uber-ceo-travis-kalanick-only-gets-around-using-uber-hes-also-been-known-to-moonlight-as-an-uber-driver.jpg


    Google හි සම නිර්මාතෘ Sergey Brin, Tesla මෝටර් රථ ලෝලියෙක්: ටෙස්ලා සමාගමේ නව මාදිලිය Tesla Model X හිමිකරගත් මුල් 5 දෙනා අතරින් සිව්වැන්නා ඔහුයි.

    google-cofounder-sergey-brin-loves-his-tesla-cars-hes-the-fourth-person-to-receive-teslas-newest-car-and-first-suv-the-model-x.png


    Google හි අනෙක් සම නිර්මාතෘ Larry Page සතුවත් ඇත්තේ Tesla මෝටර් රථයක්. Elon Musk ගේ මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Tesla හි මුල් ආයෝජකයින් ලෙසත් මොවුන් දෙදෙනා දායක වී තිබෙනවා.

    sergeys-google-cofounder-larry-page-also-owns-a-tesla-both-brin-and-page-were-early-investors-in-elon-musks-car-company.png


    Facebook හි ප්‍රථම සභාපති, Napster හි සම නිර්මාතෘ වන Sean Parker සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී ගමන් බිමන් යන්නේ Audi S5 මෝටර් රථයකින්. ලොස් ඇන්ජලීස් වලදී ඔහු පාවිච්චි කරන්නේ Tesla Model S මෝටර් රථයක්.

    sean-parker.png


    හිටපු Microsoft ප්‍රධානී Steve Ballmer සතුවන්නේ Ford Fusion Hybrid මෝටර් රථයක්. කටහඬින් පාලනය කල හැකි නවීන තාක්ෂණයෙන් යුත් මේ Ford Fusion මෝටර් රථය සඳහා එම තාක්ෂණ සපයා ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගමයි.

    former-microsoft-ceo-and-los-angeles-1.png


    link - http://www.infosrilankanews.com/2015/11/vehicle-collection-of-it-millionaires.html
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිටගෙන කවියන්ගේ සංගමයේ යාවජීව සමාජික Elakiri.com වාසී chathupatiya සතුවන්නේ Toyota Vitz මෝටර් රථයක්. ඔහු හොන්ඩා සහ ටොයොට වාහන සඳහා වැඩි කමැත්තක් දක්වන අතර ඔහුගේ ප්‍රියතම වාහන එකතුවේ Toyota Allion, Toyota KDH සහ Honda Civic Hybrid යන මොටර් රථයන්ය ඇතුලත්වේ, එහෙත් මේ වනතුරුත් ඔහුට ලබාගැනීමට හැකිවී ඇත්තේ Toyota Vitz මොටර් රථයක් පමණකි. :P

    ebay142374607662502.jpg
    11405_m.jpg
    honda-civic-hybrid.jpg
    mig