තාත්තා ගැන ඇත්ත කතාවක්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තාත්තා ගැන ඇත්ත කතාවක්.....

    තාත්තලා යනු කිසිම දාක හදන්න බැරි මිනිස් කොට්ඨාශයකි. ඔවුන් හැදෙන්නේ නැතුවාට කමක් නැත ඔවුන් දරුවන් හදාගන්නට දෙන්නේද නැත.

    අම්මා එපා කියන හැම දේම තාත්තාගෙන් ලබාගන්නට හැකිය.
    අරක කරන්න එපා, මේක කරන්න එපා කියා අම්මා මෙන් කිසිම දාක තාත්තගෙ කටින් නම් පිට වෙන්නේම නැත. ඒ වෙනුවට කියන්නේ " ඔහෙ කරපුවාදෙන්" " ඔන්න ඔහෙ කරපුදෙන්. අපිත් ඒ කාලෙ ඔහොමයි" වගේ වදන්ම. එවිට ගෙදර ළමයින්ගේ මුහුණු බැලීමට වටින්නේය. ඉතිං මේ නිසා තාත්තලා සදාකාලිකවම " හොද තාත්තලා" වෙති.
    අම්මලාට එවන් පිනක් ඇත්තේම නැත.

    ගෙදර දොරේ සියල්ල කර හදිසියකට, වරුවකට තාත්තා ළග ළමයි තබා අම්මා මොහොතකට එළියට ගියහොත් ගෙට එනවිට ඇත්තේ ගෙයක් නොව සුන්බුන් ගොඩක් ය. ඇදේ තිබිය යුතු ඒවා සාලේය. කුස්සියේ තිබිය යුතු ඒවා තව කොහේවත් ය. සංසාරේම බඩගින්නේ හිටියාක් මෙන් ගෙදර ඇති කෑහැකි සියල්ල කා අවසන් ය. රොඩු බොඩු, පිගන් කෝප්ප සියල්ල සාලයේ රූපවාහිය අසලය.
    ඉතිං අම්මලාට මාරයා වැහේ. ඒත් තාත්තලා සදහටම හොද තාත්තලා වෙති.

    දරුවන්ට පාඩම් කරන්නට කිසිදාක මේ තාත්තලා කියන්නේ නැත. බොරුවට ඇස් පොඩි කරමින් පාඩං වැඩ මගහරින පොඩි තක්කඩි දැක තාත්තලාගේ පපුව බටර් වාගේම දියවෙති.
    " නිදිමත නං ගිහිං නිදියන්න " මේ වචන පිටවෙනවිටම ළමයි අන්ත්‍රධාන වෙන වේගය අම්මලාට හිතාගන්නත් බැරිය. ජබරකලන්තේ හැදී පුටුවෙන් වැටෙන්නට ගියවුන් නොනිදා ඇද උඩ සමයං නටද්දී ආපහු කණෙං ඇදං ඇවිත් පාඩම් මේසෙන් ඉන්දන්නට හදන අම්මා එන බව දරුවන්ට කේලාම් කියා ඔවුන් බොරුවට නිදිකරන්නේද මේ මගෝඩි තාත්තලාමය.

    පාසැල් යන්නට අදිමදි කරන පොඩි මගෝඩිස්ලා හට සැරවැර කර පාසලට ගෙන යනු වෙනුවට " ඔන්න ඔහේ හිටපුදෙන්. මොකෝ ඔක්ස්ෆර්ඩ් උපාධියට ලියනවයැ " කියා ළමුන්ට උඩ ගෙඩි දෙන්නේද මේ තාත්තලාමය

    මොනවා උනත් අම්මාට මේ තාත්තා සමග තරහ වී බැරිය.

    අම්මාට උගන්වන්න බැරි බොහෝ දේ මගෝඩිස්ලාට කියා දෙන්නට තාත්තා නැතුව බැරිය.
    වීරයෙක් වෙන්නේ ඇගේ හයියෙන් නොව මොළේ හයියෙන් බව තාත්තා කියා දෙන්නේ මේ සියලු මගෝඩි වැඩට ඔහුත් හවුල් වෙන ගමන්‍ ය.

    "අම්මා ලෙඩින් කෑ නොගහා කාලා පාඩම් කරන්න" කියා ගෙදරම අමු සොහොනක නිහැඩියාවක ගිල්ලවන හැටි දන්නෙ තාත්තලා පමණමය

    දුව විත් නළලට අත තබා බලා " තාත්තේ අම්මාට උණ හොදටම " යැයි මගෝඩ්ස් කෙනෙක් කියද්දී " යං බලන්න" කියා මගෝඩිස්ලා අතෙන් කරෙන් රැගෙන විත් බෝවෙයි කියද්දී ඇද උඩට රංචුවම ගුලිවෙන හැටි කියා දෙන්නේත් තාත්තලා ය.

    ඇත්තටම බොහෝ අම්මලා වාසනාවන්තය. මන්ද යත් ඔවුන්ගේ ළමා කාලයේ මෙබදු සියලු මගෝඩිකම් වලට උදව් දුන් තාත්තලා ඔවුන්ට සිටියහ. අද ඔවුන්ගේ කුසින් බිහිවූ මගෝඩිස්ලා වෙනුවෙන්ද එවන් තාත්තා කෙනෙකු නිවසේ සිටීමය.

    තාත්තලා කොහේ ගියත් තාත්තලා මිස වෙන කවුරුත් නොවේය. ඔවුන් දෙන දේ තරම් මිහිරක් ළමාවියේ තවත් නැත.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    niyamai.. owa lama wiya kiyala nah thathata api podi thama.. mn last month wedding ekakata giya ammage car eka aran front buffer eka waduna para kadala tiana thanakin gaddi concrete kali dapu thanaka seeruna.. re gedara yaddi thatha innawa eliye.. giya lagata "thatheeeee happunaaaaaa" echcharai kiwwe hina wewi awith balala ah oka ganak nah sirila vtrai tianne kiala ude weddi mark eka nah braso dala pihala tibba e tika
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    niyamai.. owa lama wiya kiyala nah thathata api podi thama.. mn last month wedding ekakata giya ammage car eka aran front buffer eka waduna para kadala tiana thanakin gaddi concrete kali dapu thanaka seeruna.. re gedara yaddi thatha innawa eliye.. giya lagata "thatheeeee happunaaaaaa" echcharai kiwwe hina wewi awith balala ah oka ganak nah sirila vtrai tianne kiala ude weddi mark eka nah braso dala pihala tibba e tika

    22+
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1517514_1500217803590617_625669254512349932_n.jpg