තාත්තා ගැන modern පුතාගේ ඇසින්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    තාත්තා ගැන modern පුතාගේ ඇසින්

    මගේ තාත්තා (ඩැඩි නෙවෙයි) ...
    මට අවුරුදු 8,9 සිට
    ඔෆිස් ගිහින් එනතුරු මට ටොෆි ගේනකං හවස 4 සිට මා ඔහු එනතුරු බලා සිටියෙමි.
    උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
    එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
    ඔහු හවස එන්න පරක්කු උනොත් මා දුකෙන් රෑ කෑමද නොකා සිටින අතර ඔහු පැමිණීමෙන් පසුව මා ඔහු සමඟ ඔරොප්පු මුඩ් එකෙන් සිටියෙමි.
    මට කවුරුන් හෝ මොනා හරි දෙයක් කිවුවොත් ඔහුට අතක් ඉස්සීමට ඔහු කිසි විටෙකත් දෙවාරයක් සිතන්නේ නැත.
    අම්මා මට බනිද්දි ඔහු නිතරම මගේ පැත්තට කතා කර අවසානයේ අම්මගෙන් බැනුම් අසා ඔවුන් දෙන්නා රණ්ඩු වේ.
    දවසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි..
    දෙන්න පුළුවන් හැමදේම ඉල්ලුව ගමන් නැතත් පුළුවන් වෙලාවට මට සියලු දේ අරන් දුන්නේ ඔහුයි.
    සතියකට සැරයක් බත් එක්ක මස් කෑල්ලක් කන්න හැමදාමත් ඔහු අමතක කරේ නම් නෑ.



    අවුරුදු 5 කට පසු
    අම්මගේ උකුලෙමයි .. තාත්තා මාත් එක්ක කතා කරන්න්නෙත් නෑ...
    මං කතා කරන්නෙත් නෑ..
    තාත්තා එක්ක කතා කරොත් කරන්නේ තාත්තේ ඉස්කුරුප්පුනිය දැක්කද?පෙන් එක දැක්කද?
    කලිසම දැක්කද?තුවාය දැක්කද?
    ටෙලි නාට්‍ය වල වගේ කරට කර දාගෙන ඉන්න මට ලැජ්ජයි වගේ...
    තාත්තාව බදාගෙන උකුලේ නිදා ගන්න ලැජ්ජයි...
    මොන විකාරයක්ද මට පුළුවන්ය තාත්තගේ උකුලේ නිදාගන්න..
    මං දුවෙක් උනා නම් ඔන්න තාත්තා එක්ක කරට කර දාගෙන ඉන්න තිබුනා...
    ඒත් මොකද්දෝ කරුමෙකට අද වෙනකොට තාත්තා එක්ක සම්බන්ධ තාවය මට මිස් වෙලා...
    ඒක ඇති කරගන්නත් බැරි තරම්..
    මං දන්නවා මේ ලෝකේ මගේ පලවෙනි වීරයා ඔහු...
    මට මොන දැනුමක් තිබුනත්
    සමාජය ගැන මගේ තාත්තට වඩා දැනුමක් මට නෑ...
    මට කම්ප්යුටර් එකේ ෆෝල්ඩර එකක් create කරන්න පුළුවන් උනාට
    තාත්තට මුළු පවුලක්ම කරගහගෙන යන්න හයියක් තිබුනා...
    සමහරවිට මාත් දවසක අද තාත්තා ඉන්න තැනට යයි....
    මුලින් කඩවල් වල සිකියුරිටි රස්සාවක් කරලා ඒ ගමන් වේටර් වැඩෙත් කරලා
    තාත්තා අද ලොකු ගමනක් ඇවිත් අද වැදගත් මහත්මයෙක් විදියට රජයේ ලොකු රැකියාවක් කරනවා...
    අමාරුවෙන් ඇඳ ගත්ත සෙරෙප්පු කෑලි දෙක දාගෙන ඉස්කෝලේ ගිහින් එකම කලිසමයි ෂර්ට් එකයි හැමදාම හෝද හෝද ඇඳගෙන තාත්තා කාපු කට්ට මට කන්න ඉඩ දුන්නේ නෑ...
    තව අවුරුදු ගානකින් මාත් තාත්තා කෙනෙක් වෙයි...
    එයාලාට දුක් විඳින්න හේතුවක් නෑ එදාට..
    ඒ ළමයින්ගේ ළමයින්ට හොඳ දියුණුවක් තියෙයි...
    ඒත් හැමදේම කරගන්න මුල් ශක්තිය උනේ මගේ තාත්තා...
    බොරුවට මසල්ස් හදාගෙන ඔහු වීරයෙක් උනේ නෑ...
    ඇඟ පත නොතිබුනාට ලොකුවට ඔහුගේ හිතේ ශක්තිය ජෝන් සීනාටවත් නැහැ කියලා මං ඉර හඳ වගේ දන්නවා...
    මගේ ලෝකයේ හිරු ඔබයි...ඒත් අද ඒ ඉරට මට කිට්ටු වෙන්න බැරි කියාගන්න බැරි හේතුවක් දුවනවා...

    ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
    අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
    ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
    ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
    මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි.
    මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??




    උපුටා ගැනීමකි..
    සියලු තුති මුල් කතුවරයාට හිමිවිය යුතුයි :) :) :)


    0017ae62ee8ca8fc262fd32020bfa498.jpg
     
    Last edited:

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ලියන්න පුළුවන් උපරිම සංවෙදීව ලියල තියනවා.. තාත්ත කියන්නේ තාත්තට.ඔහුට සමාන කල හැකි අන් කිසිවක් නැ මේ ලෝකයේ.ඔක්කොම නැතත් බොහොමයක් එහෙමයි.