තාත්තා වසර 27කට පෙර පිහිට වූ වාර්තාවක් පුතා බිඳදමයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තාත්තා වසර 27කට පෙර පිහිට වූ වාර්තාවක් පුතා බිඳදමයි

    තාත්තා වසර 27කට පෙර පිහිට වූ වාර්තාවක් පුතා බිඳදමයි​



    එංගලන්ත ලයන්ස් කණ්ඩායම (එංගලන්ත ඒ) වෙනුවෙන් ශතකයක් රැස්කළ ළාබාලතම පිතිකරුවා බවට පත්වීමට රොකී ෆ්ලින්ටොෆ්ට ඊයේ (23) හැකිවිය.
    එංගලන්තයෙන් බිහිවූ හිටපු විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකුවන ඇන්ඩෘෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයා වන රොකී, මෙම සුවිශේෂී කඩඉම සම්පූර්ණ කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 291කි.

    මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරව සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම, Cricket Australia XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකළ තරගයේදී පන්දු 127කට මුහුණදෙමින් ලකුණු 108ක් රැස්කර මෙම වාර්තාගත ශතක ඉනිම ගොඩනැගීමට රොකී සමත් විය.
    රොකීගේ මෙම ශතක ඉනිමේ ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ, ඔහු විසින් බිඳලනු ලැබුවේ වසර 27කට පෙර ඔහුගේ පියා වන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් වීමයි.

    රොකීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතයක් රැස්කර සිටි ළාබාලම පිතිකරුවා වී සිටියේ ඔහුගේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ය.
    ඔහු 1998 වසරේ නයිරෝබිහිදී කෙන්යාවට එරෙහිව පැවති තරගයකදී සිය පළමු පළමුපෙළ ශතකය රැස්කරන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 20යි දින 28කි.