තාත්තා වුනත්..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.


    [FONT=&quot]ඉඳල ඉඳල සති අන්තෙක හිතේ තෙහෙට්ටුව යන්නත් එක්ක අමරදේව මහත්තයගෙ වගේ සිංදුවක් කණට දාගත්තම දැනෙන සැනසිල්ල ඉතිං වෙන කොහෙන් කියල ගේන්නද.. ඔය වගේ ඉතිං පාළුව කාංසිය ඔටුනු පළන්දපු වෙලාවක මේ සෙනසුරාදා හැන්දෑවෙත් පුරුද්දට වගේ කොම්පූටරේ ඉස්සරහ ඉඳගත්ත ගමන් නිකංම වගේ අමරදේව මහත්තයගෙම සිංදුවක් තමයි ක්ලික් උනෙ.. සිතුවිලි කන්දක් මුදුනෙ ඉඳන් සීතලට ගලාගෙන බැස්සෙ,
    තාත්තා වූනත් මා බත සරි කරන... [/FONT]

    [FONT=&quot]අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින.. [/FONT]
    [FONT=&quot]යනාදි ලෙසයි. දැන් ඉතිං ඔය සෙල්ලං නෑ. දරු දැරියො රකින්න කොයින්ද අම්මලට වෙලාවක්. එඋන්දැලත් රස්සා වලට ගාටන්ට පටං අරං නොවැ. බබ්බු බලාගන්ඩ වෙනම ආයා කෙනෙකුත් ඒ කියන්නෙ බේබිසිටර් කෙනෙකුත් ගන්ඩ වෙලා තියෙන්නෙ. නෝනගෙ හරි මහත්තයගෙ හරි අම්මලා ඉන්නවනං ඒ කට්ටිය ස්වාධීනව ඉදිරිපත්වෙලා බේබිසිටර් වැ‍ඩේ කැමැත්තෙන්ම කරනව ඉතිං... නෝනට අමාරුවෙන් හොයාගත්තු රස්සාව අතාරින්නත් බැහැනෙ. ඒ අස්සෙ ආයෙමත්..
    මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්..
    රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්..
    කලින් මට තිබ්බ ආ‍දරේ නං කොහොමත් නැතිවෙලා විත්තිය දැන් දැන් හොඳටම වැටහිලා තියෙන්නෙ. ඒ ඔක්කොම ආදරේ දෙන්නෙ දරුවට වෙන්නෝන. මොකද දරු කැළක් හදන්න ති‍යා ඉන්න එකම දරුවව ආං බාං කර ගන්නවත් නෝනා මැතිණිට වෙලාවක් නෑ නෙවැ. උදේ පාන්දර මාත් එක්කම ගෙදරින් පිටවෙන ‍මැතිණි රෑ හයට ගෙදෙට්ට එනව.. වෙලාවකට මාත් එක්කම. එහෙමත් නැත්තං මටත් පස්සෙ. දරුවාව බේබි කෙයාර් එකෙන් ගේන්නෙත් මමම තමයි. එයාගෙ අම්ම හරි මගෙ අම්ම හරි ‍ෙගදර ආපු දවසට ඕං සැනසිල්ලෙ වැඩට ගිහිං එන්න පුළුවං. මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර ආපුවම තේ එකක් හදල දෙන්න ගෑණි ගෙදර නැත්තං. මව් කිරි දෙන්න දරුවගෙ අම්මට වෙලාවක් නැතුව ගොං කිරි දෙන්න උනාම.. ටික ටික ගෙදර කියන ආකල්පය ගෙදරින්ම ඈත්වෙලා යනකොට.. [/FONT]

    [FONT=&quot]ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්..
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්.. [/FONT]

    [FONT=&quot]කියල මිනිහෙක්ගෙ හිතට කොහොම නං හැඟීමක් ඇතිවෙන්නද.. නෝනා නෝනට හම්බකරගෙන ජීවත් වෙනව.. මහත්තය එයාටයි දරුවටයි හම්බකරගෙන ජීවත් වෙනව. ඉඳල හිටල නෝනව පුදුම කරවන්න හිතාගෙන තෑග්ගක් දෙන්නවත් මහත්තයට විදියක් නෑ.. මොකද නෝනම නෝනගෙ අවශ්‍යතා පිරිමහගන්නවනෙ.. මහත්තයට කෙසේවෙතත් නෝනට විවේකයක් ඇත්තෙම නෑ.. හවසට එනව බත්ටික තම්බනව (එයාමයි ඔහොම කියන්නෙ වැඩ කරල කරල ඇවිල්ල මෙතැන බත් තම්බන්නත් ඕනි කියල). එළවළු මොනාහරි එහෙමෙහෙ කරල කාලා නිදාගන්නව. උදේට ඉතිං වෙලාවක් ති‍බුනොත් උයයි.. නැත්තං ක‍ෙඩං මොනාහරි ෂේප් කරගන්න වෙනව. මොනා නැතත් හැඩට වැඩට ඇඳගෙන සෙන්ට් පවුඩර් ඉහං රස්සාවට නං වෙලාවට..
    බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ..
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ..[/FONT]

    [FONT=&quot]ඒ කියන්නෙ දරුවගෙ කිරිසුවඳ ගැන, ඔය ඒ කාලේ මද්දුමබණ්ඩාර පුංචි වීරයා ගැන කියවෙච්ච සිංදුවක තියෙන්නෙ, කටේ කිරි සුවඳ යන්නට පවා බැරිඋනා.. කියලා. පුංචි දරුවො නිතර අම්මලගෙන් කිරි බොන නිසා දරුවො ගාව නිතරම කිරි සුවඳයි. ඒ සුවඳත් එක්ක පුංචි දරු‍වන් කෙරෙහි අපේ හිත් වල ඇති වෙන ආදරය තව තවත් වැඩිවෙනව. ඒ කිරි දෙන්නෙ අම්මලනෙ, ඉතිං ඒ වගේ අම්මා කෙනෙක් ගැන උත්සහයකින් තොරවමයි භක්තියක් ඇතිවෙන්නෙ. ඒත් අපේ දරු පැටියට කොයින්ද මව්කිරි බොන්න පිනක් කඩෙන් ගත්තු ගොං කිරි තමයි. ගොං කිරි බීල බීලා දරුවගෙ කටින් ගොං කිරි සුවඳ එනකොට නෝනා ගැනනං ඇතිවෙන්නෙ වෙනම විදියක හැඟීමක්.. ඒක බැතිබර නං නෑ. [/FONT]
    [FONT=&quot]අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස..
    නොහැ‍ඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ..
    ඒක නං කොහෙත්ම වෙන්නෙ නෑ.. මොකද මෙයා අම්මා‍ කෙනෙක් කියල හිතෙන වැඩ කරනව වැඩිය දකින්න නෑ.. බිරිඳ කියල නං හැඟීමක් ඇතිවෙන්නෙම නෑ. වෙනමම මැඩම් කෙනෙක්. හිස සිඹින්න තියා අන්තිමට කිස් එකක් දුන්නු කාලයක් මතක නෑ. මොකක් හරි කිව්වොත් ඔයා මාව තේරුම් ගන්නෙ නෑ කියල එයා කියනව. රණ්ඩුවෙනව, අඬනව.. කතා නෑ දවස් ගානක්. ඉතිං අනෙක් දවස් වගේමයි වැඩි වෙනසකුත් නෑ. මට ගානකුත් නෑ. මම එයා තේරුම් ගන්නෙ නෑ කියල එයාට තේරෙනවනං.. එයා‍ට මාව තේරුම් ගන්න පුළුවන්නෙ කියල මම කිව්වා. ඒකෙන් මාව හොඳටම තේරුම් ගත්තු නෝනා සතියක් ඉව්වෙ නෑ. සති දෙකක් කතා නෑ. අන්තිමේදි අමරදේව මහත්තයගෙ සිංදුව ඉවර වෙනකොට අපෙ කසාදෙත් ඉවරයි කියල තමයි මටනං හිතුනෙ. මොකද මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නව. එකෙක් ඉන්නව රස්සා කරන කාන්තාවන්ට කැමැති පුරුෂ. අනික ඉන්නව රස්සාවක් නොකරන කාන්තාවන්ට කැමැති පුරුෂ. ඉතිං මමත් කැමැති රස්සා නොකරන කාන්තාවකට තමයි වඩාත්ම කැමැති. මිනිහෙක් ගෑණියෙක් ගන්නව මිසක් ගෑණියෙක් නෙමේනෙ මිනිහෙක් ගන්නෙ. මිනිහට ඒ ගන්න ගෑණිගෙ ඒ කියන්නෙ කසාද බඳින කාන්තාවගෙ අවශ්‍යතා ඉටුකරමින් ආදරෙන් රැකබලාගන්න පුළුවන්කම තියෙන නිසානෙ ක‍සාදෙ කරගන්නෙ. මමත් කැමැති මම ගන්න කෙනාගෙ අවශ්‍යතා මම ඉටුකරල දෙන්නයි. කොහොමත් ආදරේනං තියෙනවා. එතැනින් එහාට තවත් මොනාහරි ඕනිනං ඒවත් මම සළකලා බලනවා. මේ ඔක්කොම ලිව්වෙ අපේ උන්දැට ආණ්ඩුවෙ රස්සාවක් හම්බවෙලා අපේ ලව් එක පටං ගත්තු අවධියෙ ඉඳං මම කියන්නෙ මට රස්සා කරන ගෑණු නං එපා කියලා. ඉතිං ඉස්සරහට මොනාවෙයිද දන්නෑ. තාමත් අමරදේව මහත්තයගෙ සිංදුවෙ රිපීට් එක යනව..
    තාත්තා උනත් මා බත සරි කරන - අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..
    හරිම ලස්සන සිංදුවක්..

    [/FONT][FONT=&quot]•[/FONT][FONT=&quot]::ඨාකුර්::[/FONT]•[FONT=&quot] කාලයත් එක්ක තාලයට වේලෙමින්.. [/FONT]


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ටයි මචන්..
    11.gif
     
    • Like
    Reactions: TakurZ

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අමරදේවයන්ගෙ මමත් ආස ගීතයක්..!
    වර්තමාණයත් සමඟ ගීතයේ ගැලපුම අගෙයි සහෝ. :yes:
     
    • Like
    Reactions: TakurZ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ලස්සනට ලියල තියෙනව මචං.. ඩබ්ලිව් ඩී අමරදේව මහත්තය කියන්නෙ මගෙත් ආසම ගායකයෙක් තමා..

    මේ සිංදුවත් අහල බලපං..

    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙක් වේ නම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා



     
    • Like
    Reactions: m3pium and TakurZ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගොඩාක් ස්තූතියි මචං..
    1.gif


    අමරදේවයන්ගෙ මමත් ආස ගීතයක්..!
    වර්තමාණයත් සමඟ ගීතයේ ගැලපුම අගෙයි සහෝ. :yes:
    හ්ම්ම්.. ස්තූතියි සහෝ..
    1.gif
    මම උඩින්ම අකැමැති දෙයක් තමයි මම කසාද බඳින කාන්තාව රස්සාව පස්සෙ යන එක


    :D

    උඹ ලස්සනට ලියල තියෙනව මචං.. ඩබ්ලිව් ඩී අමරදේව මහත්තය කියන්නෙ මගෙත් ආසම ගායකයෙක් තමා..

    මේ සිංදුවත් අහල බලපං..

    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙක් වේ නම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා



    මං මේ සිංදුව එච්චර අහල තිබුනෙ නෑ.. ඒකත් ලස්සන සිංදුවක්.. හොඳ අර්ථයක් තියෙනවා
    1.gif


    ස්තූතියි
    1.gif


    ස්තූතියි
    1.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    උඹ ලස්සනට ලියල තියෙනව මචං.. ඩබ්ලිව් ඩී අමරදේව මහත්තය කියන්නෙ මගෙත් ආසම ගායකයෙක් තමා..

    මේ සිංදුවත් අහල බලපං..

    දුකේදී හැඬුමට සැපේදී
    සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙක් වේ නම්
    නුඹයි ඒ අම්මා සොඳුරියෙ නුඹයි ඒ අම්මා




    11.gif
    11.gif