තාත්ත නැති උනා.....

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපිට පාලනය කරන්න බැරි දේවල් මචං ඔය. උබ පහා මාරට තාත්තා බලන්න හොස්පිටල් එකට ගියා නම් තාත්තා උබ එන්න විනාඩි පහළවකට කලින් යන්න ගිහින් ඇති.සමහර දේවල් අපිට කොච්චර උවමනාව තිබුනත් වෙනස් කරන්න බෑ. හැබැයි උබට කියන්න ගියේ මොනවද මට ඒක අහගන්න බැරි උනානේ කියන පසුතැවිල්ල උබට හැමදාටම තියෙයි. මගේ වයිෆ්ගේ තාත්තා නැතිවෙලා තියෙන්නේ එයාට අවුරුදු දාසයේදී හාර්ට් ඇටෑක්‌ එකකින්. තාත්තා නැතිවෙච්ච් දවසේ උදේ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා මගේ වයිෆ්ගේ ඇද ළගට ඇවිල්ලා යනවා කියලා තියෙනවා ඒත් ඒකී ඇස් දෙක වත් අරින්නේ නැතුව හා තාත්තේ කියලා. කොහොම හරි වැඩ කරන තැනදී අසනීප වෙලා හොස්පිටල් ගෙනියනකොට මගදී නැතිවෙලා. දැන් අවුරුදු තිහකටත් ළගයි ඒත් වයිෆ් තාම දුක් වෙනවා අන්තිම වතාවට තාත්තා ළගට ඇවිත් කතා කරලත් තාත්තා දිහා බලලා ගිහින් එන්න කියලා කියන්න බැරි උනානේ කියලා.☹️☹️☹️☹️
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    wipe-tear-sad.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    උඹ ළඟ හිටියා නම් හැමදාම මතක් වෙයි තාත්තගේ පන යන හැටි, මට තාමත් නිදාගන්න ගියාම මතක් වෙන්නේ ඒක. පන යනවා කියල දැනගෙනත් උඹට කරන්න දෙයක් නෑ. මොකෝ අතින් අල්ලන්නද පන. ඒ ගිහිල්ලත් විනාඩි 5ක් 10ක් යනකන් තොල් හෙල්ලෙනවා පේනවා. අන්තිම හුස්ම පොඩ්ඩ පොඩ්ඩ යනවා, වැඩක් නෑ ඒ වෙලාව ගැන නම් කතා කරලා. 😌
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    තාත්තා ගෙනාපු ආයුෂ ඔච්චර තමයි මචන්. හිත හදාගනින්. අපි හැමොටම වගේ විදපු හ‌ෝ විදින්න ව‌ෙන ව‌ෙදනාවක් තමයි. සුලුතරේකට තමයි ඔය අත්දැකිම නැතිවෙන්නේ..
     
    • Sad
    Reactions: Ryan08