තාමත් ආණ්ඩුවට කඩේ යන අපේ අය
මචන්,
අද අපේ ගෙදරට මේ කිට්ටුව uncle කෙනෙක් ආවා. මම නිකමට ඔය රතුපස්වල සීන් එක ගැන කතා කරන්න ගත්තා. මිනිහ කියනවා ඒ මිනිස්සුන්ට වෙඩි තියල මදි කියල. මම ඇහුව ඒ මොකද කියල. එයා කියනවා මේ රටේ නීතියක් කියල දෙයක් තියෙනවා. මිනිස්සුන්ට ඒ නීතිය අතට ගන්න දෙන්න බෑ කියල. එදා පාරේ යන මිනිස්සු වැටිච්ච අමාරුව ගැන කියනවා. එදා එහෙම නොකළ නම් අනිත් මිනිස්සුත් තමන්ගේ ප්රශ්නවලට විසඳුම් ඉල්ලලා මේ වගේ දේවල් කරන්න පටන් ගනියි ලු. එතකොට කොහොමද අහනවා රටක පාලනය ගෙනියන්නේ...
මම ඇහුව ඉතින් එහෙම කියල ජල ප්රහාර හරි කඳුළු gas හරි ගහන්නේ නැතුව කෙලින්ම වෙඩි තියන එක සදාරණද කියල. එයා කියනවා මිනිස්සු ඔය කියන තරම් අහිංසක නෑ. වෙඩි තියන්න සිද්දවෙන තැනට ඒ මිනිස්සු වැඩ කරන්න ඇති නැත්නම් කීයටවත් වෙඩි තියන්නේ නෑ හමුදාවෙන් කියල.
මම ඇහුව එතකොට දැන් වැරදි ඒ මිනිස්සුද කියල. එයා කියනවා මොන උද්ගෝෂණය කලත් අනිත් මිනිස්සුන්ට කරදර හිරිහැර වෙන්නේ නැති වෙන්න කරන්න දැන ගන්න ඕනේ කියල. මෙහෙම වෙඩි තිබ්බේ නැත්නම් රටේ අනිත් මිනිස්සුත් මේක පාඩමකට අරන් මේ වගේ කැරලි හදන්න ගනීවි කියල.
තවත් ඉතින් මොන කතාද බං..?

ගමේ මිනිස්සු විතරක් නෙමෙයි ඒ වගේ අය මෙතනත් ඉන්නවා

Last edited: