වරුණගෙයි කබීර්ගෙයි තියන හොඳ පැහැදිලි කරන්න පුළුවන්ද???
මුන් දෙන්නටම කරුණු ගැන අවබෝධය තියනවා. ආණ්ඩුවක් විවේචනය කරන්න පුළුවන් දැණුම තියනවා. පාර්ලිමේන්තුවකට විපක්ෂයකින් තියන ප්‍රධානම අවශ්‍යතාවය තමයි, ආණ්ඩුවකින් නියෝජනය නොවුණ මහජන මතය ප්‍රකාශ කරන එක සහ ආණ්ඩුවක් ගන්න තීරණ වැරදි නම් ඒවා විවේචනය කරලා මිනිස්සු අතරේ මහජන මතයක් හදන එක. ඒකෙන් තමයි ආණ්ඩුවක් වැරදි පාරේ යන එකෙන් පාලනය වෙන්නේ.
හොඳ විපක්ෂයක් නැති එකට NPP එකට වග කියන්න බෑ... ඒකට වගකියන්න ඕනේ උබ ඔය හොදයි කියන උන්...
විපක්ෂයක් නැති එකට NPP එක වගකියන්නෙ නෑ කියන එක මමත් පිළිගන්නව සහ ඒකට වගකියන්න ඕන සජබෙ ඉන්න උන් ඇතුළුව සජබෙ නායකත්වය.
හිතපංකෝ උබ ඔය හොදයි කියන උන් උස්සාගෙන ආපු සජිය ජනාධිපති උනානම් මොනවා කරයිද??? උබ ඔය කියන හොඳ ආර්ථික ප්‍රතිපත්ති පිලිපදියි ද???
පිළිපදින්නෙ නෑ. සහ ඌට මේ පාර බලය හම්බුවෙන්නෙත් නෑ. ඒකයි මම මුල ඉඳන් කිව්වේ විපක්ෂයක් හදන එකටයි මම මගේ ඡන්දේ පාවිච්චි කරන්නේ කියලා.
කබීර් හෂීම් යහපාලන ආණ්ඩුවේ අධිවේගී මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය... කියපන්කෝ ඔය විෂයන් තුනේ හරියට කරපු එක වැඩක්... මධ්‍යම අධිවේගී මාර්ගය හැදුවා කොහෙටවත් නැති වෙන්න... උසස් අධ්‍යාපනයට අදාලව මොනාද ගෙනාපු අලුත් ප්රතිපත්ති??? මොනාද කරපු ආයෝජන ප්‍රවර්ධනය??? ඒවට අදාල අලුත් ප්රතිපත්ති වත් සම්මත කර ගත්තද පාර්ලිමේන්තුවේ...
කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි. ඒක එහෙම වුනාට වරදක් කියන්න බෑ. මොකද හැම දේකම කියන කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. 2005 ජේවීපී එක විවේචනය කරපු රනිල්ට පක්ෂවම තමයි 2015දී JVP උන් හිටගන්නේ. මාලිමාව කියපුව උනත් එහෙමයි. මාලිමාවත් එනකොට කියපුව නෙවෙයි නේ දැන් කරන්නේ. ඒ කියපු Extreme කත කරන්න පුළුවන් ඒවත් නෙවෙයි, කරොත් යහතින් ඉන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ජේවීපී එකේ අනුරලා ආණ්ඩු වල ඉඳපු කාලේ කරපු මෝඩ වැඩ බැළුවොත් ඒවට කියන්න තියෙන්නෙත් ඔච්චරයි. එකම වෙනස තියෙන්නේ NPP එකේ ගොඩක් උන්ට කරගන්න බැරිවුනා කියලා කියන්නවත් වැඩක් හම්බු නොවුන එක. විපක්ෂේ ඉන්නකොට ඉන්න උන්ගෙන් මම බළාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව විවේචනය සහ ඒක කරන්න දැණුම තියන උන්.
හර්ෂ සහ එරාන් ට තව අවස්තාවක් දෙන එක පිළිගන්න පුළුවන්... ඒත් උන් උනත් මෝඩ නායකයෝ ඔලුවෙ තියාගෙන වඩම්මන්න ගිහිං තමයි කෙල වෙලා තියෙන්නේ...
වරුණය උනත් එච්චර තමයි... ජනාධිපතිවරණය වෙනකං සජියට බැන බැන ඉදලා දැන් ඌ ගාවටම ඇවිල්ලා ඡන්දේ ඉල්ලන්න... අඩුම රනිල් ගාවම හිටපන්කෝ... එතකොට පිළිගන්න පුළුවන් ඌ කටින් කියන ඒවා ඇත්තටම කරන්න ඕන කමක් තියනවා කියලා...
මේ දවස් වල තියන තර්කය තමයි වරුණ ගැන කතාකරද්දී ඌ ජේවීපී එකේ ඉඳලා රනිල් ලඟට පැනලා දැන් සජිත් ලඟ ඉන්නේ. පැන්න එකට ඌ වැරදියි කියන අතරෙම, හර්ෂ එරාන් කබීර් පනින්නැති එකට උන්ට බනිනවා.
සරලවම කියන්න තියෙන්නේ මේ ඔක්කොම ටික බලන්නේ ක්‍රියාකාරී දේශපාලනයට එන්න. ක්‍රියාකාරී දේශපාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඔතනදි ලන්කාවේ ඡන්ද දායකයොත් එක්ක බැළුවම තෝරාගැනීම් අඩුයි. ලන්කාව බටහිර යුරෝපෙ වගේ වුනා නම් අද දේශපාලන පක්ෂයක් රෙජිස්ටර් කරලා හෙට ඉඳන් තව මාසෙකින් තියන ඡන්දෙට රෙඩි වෙලා, හරි කතා ටිකක් කියලා ඡන්දේ දිනන්න පුළුවන්. ඒත් මේක ලන්කාව. මේ මොහොතේ විපක්ෂයක් වෙන්න පුළුවන් මානෙක හරි තියෙන්නේ සජබ විතරයි. ඉතින් උන්ට ඉතිරිවෙලා තියන විකල්පය එච්චරයි.
ප.ලි. ප්‍රසාද් සිරිවර්ධන ගැන දන්නේ නෑ... ඌ හොදනම් පාර්ලිමේන්තු යවපන්... වැඩේ තියෙන්නේ NPP එකේ ඔහොම වැඩිය ප්‍රසිද්ධ නැති එකෙක් ගැන කිව්වොත්, අපෝ එයාට උගත්කම විතරයි නේ, අත්දැකීම් නෑනේ, සාමාන්‍ය මිනිහෙක් නේ කියාගෙන එන්නේ...
ඇත්තටම කිව්වොත් මූට උඹ ඔය කියපු දේවල් ටික විතරයි තියෙන්නේ. මිනිහා ටියුශන් කාරයෙක්. එච්චරයි. මෙතන තියන එකම දේ ඇවිල්ලා මිනිහගෙන් මම බලාපොරොත්තු වෙන්නේ විවේචනය විතරයි. ඒ ඇරෙන්න ආණ්ඩුවකදී policy making වලදි උගෙන් ලොකු දෙයක් බළාපොරොත්තු වෙන්න බෑ.
සරලවම කිව්වොත්, ලන්කාවේ ක්‍රියාකාරී දේශපාලනේට Qualified, Leadership skills තියන උන් තවමත් එන්නේ නෑ බන්. මොකද එහෙම උන්ට ඔතන ඇවිල්ල ප්‍රාඩෝ ගන්න වගේ හීනයක් නෑ. උන් ඒවා කරලා ඉවරයි. අනිත් කාරණාව උන්ට ඕකට ඇවිත් ගරුත්වය නැතිකරගෙන සමාජෙන් කොන් වෙන්න ආසවකුත් නෑ. මාලිමාව එන එකේ එක හොඳක් තමයි ඊලඟ ඡන්දෙකදී එහෙම එකෙක්ට එන්න බය නැතිවෙන එක සහ ඒකට අවශ්‍ය පරිසරය හැදෙන එක.
මම කාලයක් JVP එකේ ඉඳපු එකෙක්. උන්ගේ ආර්ථික දේශපාලන මතවාදය මම හොඳට දන්නවා. ඒ මතවාදය ලෝකෙට ගැලපෙන්නෙ නෑ සහ අදටත්, ඡන්දේ ඉවර වෙනකම් කටවහන් හිටියට, උග්‍ර කොමියුනිස්ට් මතවාද ඔළුව උඩ තියන් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම උන් හිතන විදිය කොච්චර කරුණු වලින් පැහැදිලි කරත් තේරුම් ගන්නේ නෑ. උන්ට බලයක් අතට ආවොත් කරන දේවලුත් මම දන්නවා. ඇත්තටම කියන්න වගේ මාලිමාවට ලොකුම හෙනේ වදින්නේ මාලිමාව ඇතුලෙන්. උන්ව පැත්තකට කරලා තියන්න නම් NPP එකෙනුත් ජේවීපී නොවෙන උන් ටිකක් බලයට එන්න ඕන වගේම උන්ට හිතෙන හිතෙන විදියට නටන්න බැරිවෙන්න ශක්තිමත් විපක්ෂෙකුත් තියෙන්න ඕන. එහෙම නොවුනොත් උන්ව වලට අදින්නේ උන්ගෙම සෙට් එකේ උන්. මේ හේතු ඇරෙන්න සජියට ආදරේට ඌව සුද්ද කරන්න බලන් සජබෙට ඡන්දේ දෙන තැනක මම නෑ.