තායිලන්තයේ නිර්මාංශිකයන්ගේ උත්සවය
තායිලන්තයේ නිර්මාංශිකයන්ගේ උත්සවය; මිනිසුන් තමන්ගේ ශරීරයට මෙතරම් දුක් දෙන්නේ ඇයි ?
තායිලන්තයේ නිර්මාන්ශිකයන්ගේ උත්සවය කියන්නේ ඉතා විචිත්‍රවත් සැණකෙළියක් බඳු උත්සවයක්. මෙය සැමරෙන්නේ පුකේ(ට්) නගරයේ යි. මෙය තායි චීන මිශ්‍ර ජන කොටසක් විසින් සමරනු ලැබෙනවා. මේ උත්සවය පිළිබඳව බොහෝ දෙනාගේ අවදානය යොමුවන්නේ මෙයට සම්බන්ධ වන ගැහැණු පිරිමි දෙපාර්ශවයේම බොහෝ පිරිස් තමන්ගේ කම්මුල් සහ කට හරහා බ්ලේඩ් තල, ඉඳිකටු, තුවක්කු, කඩු සහ තවත් නොයෙකුත් ආයුධ සවිකර ගැනීම නිසායි. ඔවුන් සිය රුධිරය වෑහෙන මුහුණු සහිතව ගිනියම් වූ අඟුරු උඩින් ගිනි පෑගීමේ ද නිරතවෙයි.
ඔවුන් මෙලෙස දැඩි පිළිවෙත් අනුගමනය කරන්නේ කුමන හේතුවක් නිසා ද ? මෙහි පිටුපස ඇත්තේ ආගමික විශ්වාසයක්. මෙය ඔවුන් අදහන ආගමට දක්වන ගෞරවයක් ලෙස සලකන්න පුළුවන්. සිය සිරුර විද සිටින පුද්ගලයන් සමාජයේ සියලු පව් ශෝධනය කිරීම සංකේතවත් කරන පිරිසක් ලෙස සැලකේ. ඔවුන් පෙරහැරේ ගමන් කරන්නේ සිය ආගමට ඇති දැඩි භක්තිය නිසාම මෝහනයට පත් වූවාක් මෙනි. ලංකාවේ ද මෙයට තරමක් සමාන ආකාරයේ ආගමික ඇදහිලි ද්‍රවිඩ ජාතිකයන් අතර දැකගන්නට ලැබෙනවා. කතරගම වාර්ෂිකව පැවැත්වෙන ගිනිපෑගීමේ උත්සවය මෙයට නිදසුනක්.
උත්සවය පවතින කාලය පුරාවටම මෙයට සහභාගී වන පිරිස් මස් මාංශ අනුභවයෙන් වැළකෙන අතර , මත්පැන් පානය වගේම ලිංගිකව හැසිරීමෙන් ද ඔවුන් වලකිනවා. මේ උත්සවයේ ආරම්භය 19වන සියවස දක්වා දිවෙනවා. උත්සවය මේ දින වලදී පුකේ(ට්) දුපතේ දී පැවැත්වෙන අතර එහි 10 වන දිනය සහභාගී වන සැමට වාසනාව මෙන්ම නිරෝගී බව ද ලබාදෙන බවට පිළිගැනෙනවා.
උත්සවය අතරතුර දී ලබාගත් ඡායාරූප පෙළක් පහත දැක්වෙනවා. මෙහි එන ඇතැම් ඡායාරූප සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින ලෙස අපි ඉල්ලා සිටිනවා. බලන්නම ඕනේ නම් වතුර වීදුරුවක් ළඟ තියාගෙන බැලුවට කමක් නෑ.
බැතිමතුන් BANG NEOWදේවස්ථානය අසලට රැස්ව , OCT. 18, 2015 IN PHUKET.
source
sira.lk