තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    2 වන කොටස

    Don Mueang ගුවන්තොටුපලේ පිටවීමේ දොරටු ඕනෑම එකකින් එලියට ඇවිත් දකුණු අත පැත්තෙ කෙළවරටම යන්න.එතකොට ගුවන් තොටුපළ බස්නැවතුමට පැමිණෙන්න පුළුවන්. බැංකොක් වල ප්‍රධාන බස් නැවතුම් දෙකක් තියනවා. එකක් මෝ චිට් බස් නැවතුම. අනෙක එක්කමායි බස් නැවතුම. අපි තෝරගත්තේ මෝචිට් බස් නැවතුමෙන් අනෙකුත් ප්‍රදේශ වලට යන්න.
    මෝචිට් බස් නැවතුමට යන්න තෝරගන්න ඕනෙ A1ලෙස සඳහන් පුවරුව සහිත බස් රථය .මගේ මතකය නිවැරදි නම් පැය බාගෙන් වගේ මෝචිට් වලට යන්න පුළුවන්.
    එක පුද්ගලයෙකුගෙන් අයකරන්නේ බාත් 30ක් විතරයි. වායු සමනය කරන ලද බස් රථ යොදවලා තියෙන්නේ. අපි ගිය බස් එකේ හිටියේ කොන්දොස්තර නෝනා කෙනෙක්. හරිම පිළිවෙලයි. රියදුරාගේ කොන්දොස්තර වරියට ඔවුන්ගේ වෘත්තීමය බව පෙනෙන ආකාරයේ හොද නිල ඇදුමක් ලබා දී තිබුණා.
    මම මේ අත්දැකීම රූප රාමු වලට ගත්තා. ඔබට මේ පහත සබැඳියෙන් නරඹන්න පුළුවන්. තවත් කොටසකින් හමුවෙමු.