ගුවන් තොටෙන් නගර මධ්‍යට
තායිලන්තයේ බැංකොක් වල මගේ දැනුමේ හැටියට ප්‍රධාන බස් ටර්මිනල් දෙඅක් තියනවා. එකක් Mo Chit අනෙක එක්කමායි. අපේ සැළසුම වුනේ Mo Chit වලට යන්න. එතනින් පුළුවන් අවශ්‍ය ගමනාන්තයකට ප්‍රවාහන පහසුකම් සලසගන්න. Don Mueang ගුවන් තොටුපලේ පිටවීමේ දොරටුවකින් පිටවෙලා දකුණු පැත්තට එනකොට තියනවා බස් නවත්තලා. Mo Chit වලට යන්න අපි නැග්ගේ A1 කියලා තිබුන බස් එකට.
ටිකට් කඩන වැඩේ බාර වෙලා තිබුනේ කාන්තාවකට. රියදුරා මෙන්ම කොන්දොස්තරවරියත් පිළිවෙලට නිල ඇදුමක් ඇඳලා හිටියේ. කොන්දොස්තරවරිය හරිම කරුණාවන්ත තැනැත්තියක්. Mo Chit වලට ගාස්තුව වුනේ එක්කෙනෙක්ට
බාත් 30ක්. ආසන්න වශයෙන් රුපියල් 300ක් විතර.
ටිකට් කඩන මැෂින් එක බටයක් වගේ අමුතු ගැජට් එකක්. ඔය උපකරණේ ලංකාවේ CTB බස් වල ඒ දවස් වල පාවිච්චි කළා කියලා පොඩි මතකයක් තියනවා. කොහොමත් විනාඩි කීපයක් ඇතුලත ඉතා කඩිසරව ටිකට් කඩන වැඩේ කරලා ඉවර කළා.
පැය බාගයක් විතර යනකොට අපි බස් නැවතුමට ආවා. මෙතනින් ටිකට් එකක් අරගෙන සැලසුම් වලට අනුව යන ගමනාන්තය තීරණය කරගන්න පුළුවන්
හොදටම බඩගිණියි. කන්න සෙට් වෙන තැනක් තිබ්බෙත් නෑ. කොහොමහරි ආච්චි කෙනෙක් කරත්තයක කෑම ජාති අරගෙන. අපි ගත්තේ කෙසෙල් කොලේ ඔතලා තිබ්බ එක. ස්ටිකි රයිස් උඩට පැණි පොල් දාලා වගේ . එකක් රුපියල් 70.
අද්දැකීම් කියන ඒවා එකිනෙකාට වෙනස්. හැබැයි මට තායිලන්ත ජාතිකයෝ දැනුණේ සුහදශීලී ආගන්තුක සත්කාර වලින් ඉහල මිනිසුන් විදිහට. ඔහොම තමයි අපි තායි චාරිකාව පටන්ගත්තේ. පුලුවන් විදිහට මගතොට හම්බුණ මිනිස්සු එක්ක කතා කළා. භාෂාව නොදන්නා විට අංගචලනයෙන් පවා. සමහර වෙලාවට භාෂා පරිවර්තන ඇප්. කොහොමහරි සුන්දර කාලයක් ගතකරන්න පුලුවන් වුනා.
සවිස්තර තොරතුරු සමඟ මීළඟ කොටසින් හමුවෙමු. කලින් කොටසට ප්‍රසාදය අප්‍රසාදය දෙකම මිශ්‍ර ප්‍රතිචාර තිබුණා කොහොම උනත් මට දැණුන සහ මාගේ විදිහට ගමනේ විස්තර දාන්නම්. හැමෝටම සුබ දවසක්.