තාරකා විද්‍යාව - Hypernova

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    තාරකා විද්‍යාව - Hypernova

    18.gif
    තාරකා විද්‍යාවෙ එන මහා පිපිරුම් වලින් එකක් තමයි Hypernova. මේක සිද්ධවෙන්නෙ ඝනත්වයෙන් අදික තරුවක් විනාසවෙනකොට ඒකෙ හරයේ ඇතිවෙන න්‍යෂ්ඨික ක්‍රියාවලියක් නිසා අධික ශක්තියක් පිටවීමයි. එතකොට අපි බල්මු ඝනත්වයෙන් අධික තරු මොනවද කියල. ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ අපේ තරුව මොනවගේද කියල . ඒ කියන්නෙ අපේ ඉර . ඒක මොනවගේ තරු වක්ද කියන එක දැනගත්තොත් විශ්වයේ තියන අනික් සියලුම තරුගැන අදහසක් ගන්න පුලුවන්. අපේ සූර්යයා සැතපුම් 864,938 නැත්තං කිලෝමීටර මිලියන 1.392 පලලයි. මේක අරය 695,500 කි.මී වෙනව, මේකෙ තාරකාවිද්‍යාවෙ එන එක් ඒකකයක්, ඒ කියන්නෙ තරුවල අරය මනින්න පාවිච්චි කරනවා අපේ හිරුගේ අරය, ඒවගේම හිරුගේ බර Solar Mass=2 x10^30 කිලෝග්‍රෑම් (සීනි පැකට් එකවගේ 2 x10^30:))හිරුගේ ගුරුත්වාකර්ශණ බලය escape Velocity =617.5 Km/s පිටවීමේ වේගයකින් සමන්විතයි,

    Suns_temprature.jpg

    මේ තියෙන්නෙ අපේ සූර්යයා සහ ඒකෙ මතුපිට උෂ්ණත්වය

    Blue_Star_Temprature.jpg


    වෙනත් තරුවකුයි ඒකෙ මතුපිට උෂ්ණත්වයයි.


    එතකොට මේ තාරකාවල විවිධ මතුපිට උෂ්ණත්ව තියනවා. විශේෂයෙන් මේවායේ දීප්තිය සහ පිටවෙන රේඩියෝ තරංගවල ස්වභාවය අනුව මේතරු වර්ගකිරීමක් කෙරෙනවා මේ විදියට. නිල් , සුදු, කහ , තැඹිලි, රතු කියල , මේකෙන් අපේ සූර්යයා අයිතිවෙන්නෙ කහ තරුවලට.

    Astronomy.jpg

    ඔන්න ඉතිං අන්තිමට මේ තරු කාලයකදී ඒවයේ තියෙනෙ ඉන්ධන ඉවරවෙලා ආවර්තිතාවගුවෙ තියෙන ඔක්කොම මූලද්‍රවය දහනය වෙන්නගන්නවලු. මහාපිපුරුමක් (Supernova) ඇතිවෙනවා. සුපර්නෝවා එකකින් පස්සෙ තරුවේ ඔක්කොම නියුට්‍රෝන ටික එක ගුලියක් වගේ හැදිල අධික ගුරුත්වයක් සහිත නියුට්‍රෝන තරුවක් නිර්මාණය වෙනවා. ඒකියන්නෙ එවරස්ට් කන්ද විතර ඝ්නත්වයක් තියන අයිස් කැටයක් (ෆ්‍රිජ් එකේ තියෙන්නෙ ඒවා) හැදෙනවා කිවුවොත් හරි.

    කළු කුහරයක් හැදෙන්න මේ නියුට්‍රෝන තාරකාව තවදුරටත් කුඩාවෙලා කාලය සහ අවකාශයේ වක්‍රතාවය කාල් ෂ්වොර්ස්චයිල්ඩ්(Karl Schwarzschild) කියපු අරයට වඩා කුඩා උනාම. ඒක පෘථිවියේ නන් 9 mm, හිරුගේ 3 Km වෙනවලු. හයිපර්නෝවා එකකින් වෙන්නෙ කළු කුහරයක් හැදෙන එක. හැබැයි දුරේක්ෂ හොයාගත්තට පස්සෙ තාම එහෙම එකක් වෙලා නෑලු. මේ තියෙන්නෙ විද්‍යාඥයො උපල්කල්පනය කරන විදියට ඊලඟ හයිපර්නෝවා එක වෙන තාරකාව හැන .



    මේ වගේ එකක් පිපිරුනාම ඒක වටේ තියෙන ඔක්කොම තාරකා විතරක් නෙවෙයි ග්‍රහලොකත් විනාසවෙනවා. මොකද අයනීකරණය වුන කිරණ වැදිල, ඒකට ගතවෙන්නෙ තත්පර 20ක් වැනි කෙටි කාලයක්ලු, මේවගේ එකකින් පිටවෙන ශක්තිය අපේ සූර්යයා ජීවිත කලෙටම පිටකරන ශක්තිය එකතු කලාම ඇතිවෙන ශක්තිය ඉතා කුඩාකාලෙකදි පිටවෙනවලු. විශේෂයෙන් ගැමාකිරණ(Gama rays) වගේ ඒවා අපේ පෘථිවියට එම කිරණයක් වැදුනොත් ඕසොඉන් ස්ථරය ගැලවිලා යනවලු.

    ~~~එහෙනන් ජයවේවා ඔක්කොටම,~~~ අංකල්ලා ඇංටිලා නංගිලා මල්ලිලා ඔක්කොටම !!!
    .
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කොහොමද ඔය වගේ ඉර පිපුරුවොත්..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කොහොමද ඔය වගේ ඉර පිපුරුවොත්..:oo:

    ඉර ඔහොම පිපිරෙන්නෙ නෑ. ඒකෙ ඉන්ධන ඉවර උනාම ඕකෙ පිට තියන වලාව ගැලවිලා සුදු වාමනයෙක් වෙනවා.

    life-cycle-of-stars-source.jpg
     
    Last edited: