තාරු (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    පළමු පරිච්ඡේදය
    තාරුකා නිවස අසලින්ම බසයට ගොඩවුණේ අත් වාරුවේ ආධාරයෙනි .වෙනදා මෙන්ම සෝමෙ මාමා වෙන්කරගෙන ආ ආසනයේ ඈ අසුන්ගත්තාය.වම් පාදයේ ආබාදය උපතේ සිටම පැවත ආවෙකි.විවිධ වෙදැදුරන් හමුවට ගියත් ඉන් සෙතක් වූයේ නැති වග දැනුම් තේරුම් ඇති කාලයේ සිටන් ඈ දැන උන්නාය.අහිමි පාදයට වඩා උරුමවූ ජීවිතයේ වටිනාකම නිතර කියා දුන්නේ අම්මාය.ඒ ඇස් හැමදාමත් තමාට රහසේ හැඬූ වග තාරුකා දන්නේය.දුව පැන නටා ලෝකය දකින්නට වරම් නැතත් ඈ ඉගෙනීමෙන් පෙරටම ගියේ කාගේත් පැසසුම් මැදය.උසස් පෙළ සමත්වීම එතරම් අපහසු වූයේ නැත.රජයේ විශ්වවිද්‍යාලයකින් කලා අංශයෙන් ලද ගෞරව උපාධිය සහිතව ගුරු සේවයට එකතු වූයේ ඒ කෙරේ තිබූ දැඩි ආශාව නිසාමය.ගැහැනියක සුන්දරව පෙනෙන්නේ ඈ අඟ පසඟින් පරිපූර්ණ වූ විටය .තමාට අහිමි වූ ජීවිතයේ සුන්දර පක්ෂය ට ඈ වෛර නොකලාය.පාසලේ දරුවන් සමඟ ගෙවෙන හෝරා කීපය සැබැවින්ම ජීවිතය වෙනස් මානයක රඳවන්නට සමත්‍ ය.ඈ ආසාවෙන් ඉගැන්වීම් කටයුතු කලේ එය රැකියාවට එහා යමක් සේ සලකාගෙනය .
    “ආ කුමාරි හාමි මොකෝ මනෝ පාරක් දාගෙන”
    නන්දිතා තමා අසලට එනතුරුම ඈට දැනුණේ නැත.
    “අනේ මොකුත් නෑ නන්දි එන්න වාඩි වෙන්න”
    “මොකුත් නැත්තම් කටු ගෙට යවන්න වෙන්නෙ ..පේන්න නම් ලොකු ලොකු එව්ව තියෙනව”
    නන්දිතා ඈ අසලින් අසුන් ගනිමින් කීවේ සරදමටය.
    “අපෝ කියන කතා ..”
    “මේ අන්න අදත් සපුමල් කුමාරය වැඩල”
    “එයා ඔයාට ලව්”
    “මට නෙවේ උඹ ට”
    තාරුකා රහසින් තමාට ඉදිරියේ සිටගෙන සිටින තරුණයා දෙස බැලුවේය.දැනට දින කීපයක සිට තමා යන බස් රතයේ නිතර ගැවසෙන මොහු ගැන අවදානය යොමු වූයේ නන්දිතා නිතරම කියවන නිසාවෙනි.ඒත් ඇසට ඇස හමුවූ මොහොතට මගහැරයා නොහැකි බවක් ඇත.කැරලි ගැසුණු කෙස්ස උර මතට දිගට වවා ඇත.ඇතැම් දිනෙක හෙයා බෑන්ඩ් එකක් පලඳිනවා දැක ඇත.බොහෝ විට අඳින්නේ කුර්තා වර්ගයේ ලා පාට කමිසය.පෙනුමෙන් නම් ඔහු කලා කාරයෙක් වාගේය.
    වෙනත් පිරිමින් මෙන් පසුපස්සේ වැටී ආදරය ඉල්ලන බවක් පෙනෙන්නට නැත.වරින් වර නෙත් බැලුම් පෑවත් සිනාසීමට තරම් වත් උවමනාවක් නැති හැඩකි.තාරුකා ඉවත බලා ගත්තේ ඔහු දෙස එක එල්ලේ බලා සිටීමට අපහසුවක් දැනුණ නිසාය.ශාරීරික අඩු පාඩු නිසා හිත රිදුනු තැන් බෝමය.මුලින් ප්‍රේමය ඇතිවන්නේ රූපයට ය.

    අරින්ද බසයට ගොඩ වූයේ සැලසුමක් හිතේ ඇඳගෙනය.එකම අරමුණ තාරුකා කෞමදී රුවන්තැන්න මෙනවියගේ හිත දිනා ගැනීමය.දින දෙක තුනක වෑයම යම් ප්‍රගතියක් ලබා ඇතිවග දැනෙන්නේ ඈද තමා දෙස වරින් වර නෙත් කැලුම් හෙලනු දුටු නිසාවෙනි.කෙසේ වෙතත් මේ කාරනාවේදී ඉක්මන් වීම සුදුසු නැත .මොනයම් හෝ කාරනාවක් නිසා ඈ තමා කෙරේ බිඳුන හොත් සියලු සැලසුම් වතුරේ යනු ඇත.නන්දිතා කුමාරි නම් තාරුකා ගේ යෙහෙළිය ගැන දැනගත් තොරතුරු අනුව ඈ හරහා තාරුකා වෙත එළඹීම නුසුදුසු වග අරින්ද මුලින්ම තීරණය කලේය.වෙනදා ලෙසින්ම ඇගේ පාසලට කලින් බස්නැවතුමේ බැස ගත් අරින්ද කවුලුවෙන් පෙනෙන සුදු මූණ යලි වරක් දැක ගත්තේ ලෝබ සිතින්‍ ය.
    “හෙලෝ පුතා ගුඩ් මෝර්නිං කොහොමද වැඩ කටයුතු”
    මහාචාර්ය සුරවීර උදෑසනින් තමා අමතන්නේ මන්දැයි අරින්ද සිතුවේ ය.මේ වැඩේට කල් අවශ්‍ය වග පැහැදිලි ව කියා ඇත.
    “මම කීවනෙ සර් මට ටිකක් කල් ඕන මගේ ඇප්‍රෝච් එක වෙනස් මට ඒක කරගෙන යන්න ඉඩ දෙන්න”
    “හරි හරි මට හදිස්සියක් නෑ වැඩේ කෙරෙන්නයි ඕන..උවමනාවක් තිබුණොත් මට කෝල් එකක් දෙනව”
    මහාචාර්ය සුරවීර හඳුනා ගත්තේ සරත් අයියා මාර්ගයෙනි.මුලින්ම සරත් අයියා සමඟ කොළඹ ට ආවා අද වාගේ මතකය.ගෙදරින් රණ්ඩු වී මහ මගට බැස්සේ අරමුණකින් තොරවය ඉඳ හිට බිස්නස් වැඩ වලට ලොරි රතයේ රියදුරු ලෙස සරත් අයියාට උදව් කර ඇති නිසා සරත් අයියා සොයා ගියේ රස්සාවක් සොයා ගන්නටය.එදා වසර හතකට පෙරාතුව කොළඹ පැමිණි තමා අද දෙල්කද ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක හිමිකරුවෙකි.මේ සා දුර ආවේ ස්ව උත්සාහයෙනි.ජීවිතයට සැප සතුට බන්දේසියක් මත තබා පිලිගන්වා නැත.ඒ සියල්ල උපයා ගත යුතුව ඇත.වාණිජවාදී සමාජය තුළ ජීවිතය ට පවා මිලක් නියම වී අවසන්‍ ය.ඩාවින්ගේ පරිනාමවාදයේ මෙන් ශක්තිවන්තයා පමණක් මේ සමාජ ගොහොරු වේ ජීවන තරගය ජයගනු ඇත.තරග වැදීම උපතින්ම නියම වූවකි.
    සරත් අයියා කොළඹ සිට කරන්නේ රෙදි බිස්නස්ම පමණක් නොවන වග තේරුම් ගන්නට වැඩිකලක් ගතවූයේ නැත.විවිධාකාර නීතිවිරෝධී ව්‍යාපාර රැසක් ඔහු යටතේ තිබේ.ඒවාට සෘජුවම නැතත් අඩු වැඩි වශයෙන් සහ සම්බන්ධ වන්නට තමාට ද සිදුවූ හැටි මතකය.සරත් අයියාගේ වියදමින් පරිගණක සහ ඡායාරූප කරනය පිළිබඳව හැදෑරීම කල අතර ඒ අංශයේ බොහොමයක් කටයුතු පසුකාලින ව තමාට භාර වූයේය.නීතිමය කටයුතු සහ බොහෝ සම්බන්ධීකරණ කටයුතු කෙරුනේ තමා අතිනි.මුල් අවදියේ කරන කියන කිසිවක හොඳ නරක හොයන්නට අරින්ද කරදර නොවුනත් පසුකාලයේ තමාගේ අභිරුචිය මත ව්‍යාපාර කරගෙන යන්නට සරත් අරින්ද ට අවස්ථාව ලබා දුන්නේය.ඡායාරූපකරණයෙන් සැලකිය යුතු මුදලක් අරින්ද උපයාගත් අතර සරත් අයියාගේ වැඩ වලට හවුල් වීමෙන් නිරන්තරයෙන් මුදල් ඔහු වෙත ලැබුණි.
    මහාචාර්ය සුරවීර පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයකු වූ අතර කාමලෝලියෙකි.වයස පනහ ඉකමවා සිටියත් තරුණ කාන්තාවන් සොයා නිතරම සරත් වෙත පැමිණීමට ඔහු පුරුදු ව සිටියේ කලක පටන්‍ ය.ඇතැම් මදු සාද වලදී මුණගැසී තිබුණද අරින්ද ඔහු හා කතාබහට ගියේ නැත.තමාට වරදක් කර නැතත ඔහු කෙරේ මොකක්දෝ නුරුස්නා බවක් හිතේ ඇති වග අරින්ද ට දැනේ.මුලින්ම මේ කතාබහ ඇති වූයේ ගල් අරක්කු බෝතල් හිස්වන සැඳෑවකය.
    “සුරවීර සර් කවදාවත් නිධානයක් එහෙම ගොඩ දාන්න සෙට් වෙලා නැද්ද”
    කතාවට මුල පිරුවේ සරත්‍ ය.
    “මොකද නැත්තෙ අයිසෙ ..මේ ලංකාව පුරාම නිධං තියෙනව බොහොම පොඩ්ඩයි ගොඩ දාල තියෙන්නෙ”
    “අපිත් එකක් ගොඩ කරමුකො නැද්ද අරින්ද මල්ලි ..මෙච්චර ගේම් දෙන අපිට ඕක අමාරු වෙන එකක් නෑ”
    අරින්ද කිසිත් නොපවසා අසා සිටියේ ය.
    “මෙහෙමයි සරත් ඕක ලේසි පාසු වැඩක් නෙවේ රජ කාලෙ ඔය වටිනා කියන දේවල් හංගල නැත්තම් නිධං කරල තිබ්බේ පස්සෙ කාලෙ ගන්න කියල හිතාගෙන මොකෝ ඒ කාලෙ බැංකු තිබුණා කියලැයි..ගොඩක් දේවල් ඔය ගල් ගුහා වල ,ගං පතුල් වල හිතා ගන්න බැරි තැං වල දාල තියෙනව ඒව එහෙම දැම්මෙ කොහොමද ගල් දිය කරාද අරකද මේකද අපිට හිතා ගන්නවත් බෑ..”
    “ඒව දැම්මෙ පස්සෙ ගන්න නං අපි ගත්ත කියල අවුලක් නෑනෙ”
    “ඒකනම් එහෙම තමයි ඒත් ඕව ආරක්ෂා කරන්න අමනුස්සයෝ දාල ඉන්නව ..අනික් වැඩේ ඔය චෛත්‍යය කඩල පිලිම කෑල්ලක් හොයාගන්නව වගේ නෙවේ හරි හමං එකක් සෙට් උනොත් පරම්පරා ගානක් ගොඩ”
    “ඉතිං සර් අපි වැඩේ කරමුකො ..මට ආසාවක් තියෙන්නෙ ඕව ඇත්තද බලන්න අර වදුලක් හොයා ගන්න බැරිද ඒ සීන් එක ඇත්තක්ද”
    හිගන්නාගෙන් වුව මුදල් ගන්නට දන්න සරත් පසුබට වන බවක් පෙනෙන්නට නැත.
    “ඇත්ත ඕයි..වදුලු වර්ග පනහක් විතර තියෙනව අපි දන්නෙ නිධං වදුල විතරක් උනාට ඖෂධ වදුල ,වැව් වදුල ,චෛත්‍යය වදුල කිය කියා තියෙනව සමහර ඒව හම්බවෙලත් තියෙනව..ඕවගෙ ඒ වදුල ගැන හැම විස්තරයක් ම තියෙනව කියනව අයිසෙ..මාත් කාලයක් නැටුව ඕකක් හොයන්න ..පොඩි කොස්සක් ඇවිත් වැඩේ අත ඇරුණ”
    කියූ මහාචාර්ය වරයා ගල් වීදුරුවක් උගුරට හලා ගත්තේය .
    “ඒ මොකද සර් මොකක්ද අවුල..”
    “ගෑණු කේස් එකක් සරතො ..මට නම් ආයෙ ඒ පැත්තෙ යන්න බෑ ගේම සුපිරියට මැප් කරල තිබුණේ මම කෙලෝ ගත්තනෙ කොටු පනින්න ගිහින්”
    සුරවීර මහ හයියෙන් සිනා නැගුවේ ය.
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    subscribed to read more. Appreciate if you could kindly just put a number on top of the post like 1, 2, 3 ... so the readers can actually remember what they read last time and find the new episode later.

    This would be helpful since pretty soon this thread will have a gazzilion replies to go through to find the new chapter to read
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    2

    තරුණයා බැස යන තැන දන්නා නිසා තාරුකා අවසන් වරට් ඔහු දෙස බැලුවාය .ඇස් ගැටුනේ නොසිතූ මොහොතකය.මූණේ යන්තමින් සිනාවක් හුවමාරු වුණි.ඊළඟ මොහොතේ ඈට ලැජ්ජා සිතුනි.බසයෙන් බැස ගත් පසුවත් ඔහු තමා දෙස බලනු තාරුකා දුටුවාය.මොකක්දෝ හුරුපුරුදු ගතියක් ඒ මුහුණේ ඇතැයි තාරුකා සිතූ වාර අනන්තය එනමුත් එය මේ යැයි කියා නිශ්චිත නැත.ආදරය වැනි සංවේදී කාරනාවක් මග හැර සිටින්නට හිතට දිරි ගත යුතුය.මේතාක් ජීවිතේ පිරිමියකු ගැන විශේෂත්වයක් දැනී නැත.ඒත් මේ පෞර්ෂය හමුවේ හිත එක තැනක තබා ගන්නට බැරිවී ඇත.සමහර විට මේ ආදරය වෙන්න ඇති ...
    රටේ තිබූ වැඩවසම් ක්‍රමය බිඳ වැටී අවසන්‍ ය.ප්‍රභූ පවුලක් ලෙස ගමේ වැජඹුණු සමයක් ඉතිහාසයේ ඇත.එනමුත් අද බොහෝ දෙනා වලව්ව දෙස බලන්නේවත් නැත.බීමට ඇබ්බැහි වූ අප්පච්චි ගේ නොහොබිනා ක්‍රියාකලාපය මීට මූලික හේතුවය.පවුලේ උරුමයෙන් ලද රබර් පොල් කුඹුරු ඉඩම් වලින් යැපෙනවා හැරෙන්නට පවුලට රජයෙන් ලැබෙන එකම ආදායම තාරුකා ගේ පඩිය පමණි .අම්මාද වරින් වර දියවැඩියා රෝගයෙන් පීඩා විඳින නිසා ගෙදර ඇත්තේ කරදරම පමණැයි තාරුකා සිතුවාය.පාසල් වේලාවට මේ කිසිවක් මතකයට නොයෙන නිසා හොඳය .
    පාසලේ ගුරු මණ්ඩලය තුළ ද තාරුකා කෙරේ පැහැදීමක් තිබුණේ කැපවීමෙන් රාජකාරි කරන දක්ෂ ගුරුවරියක ලෙසය.තම උසස් පෙල පන්තියේ ප්‍රතිඵල ඉහල නැංවීමට කැපවී කටයුතු කල ඈ හට ඉහල උසස් පෙල ප්‍රතිඵල පෙන්වන්නට හැකි වූ අතර සියලුම සිසුන් අවම වශයෙන් සම්මාන සාමාර්ථ හෝ ලබා තිබූ අතර එක් දියණියක විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා තිබුණි.කාලයක් තිස්සේ බිඳ වැටී තිබූ පාසලේ කීර්තිය නැංවීමට තමාට හැකි වීම ගැන ඈ සතුටු වූවාය.ජයග්‍රහණය ලද සිසුන්ට තෑගි ලබා දීමට සිතුවේ අනෙක් ලමුන් දිරි ගන්වන්නට සිතාගෙනය .පාසල් වේලාවෙන් පසුව අවිස්සාවේල්ලට ගොස් එන්නට සිතුවේ ඒ සඳහාය.අම්මාගේ බේත් පංගුවත් නිවසේ කලමනාද මේ ගමන්ම මිලට ගන්නට සිතූ තාරුකා ත්‍රී රෝද රතයක නගරයට යන්නට සිතුවාය .
    පාසල ඇරෙන වේලාව තෙක් අරින්ද දුරට වී බලා සිටියේ තාරුකා එන තුරුය.උදෑසන සිදුවූ දෙය නිසා හිතේ චකිතය මදක් දුරුව ගොසිනි.ගෑණු පිරිමි සිත් ආකර්ශනය වන්නට මහ ලොකු හේතු සාදක උවමනා නැත එක සිනා දලුවෙකින් ප්‍රේම ගින්න දැල්විය හැකිය.වෙනදා මෙන් බස් නැවතුම්පොළ වෙත නොයා තාරුකා ත්‍රී රෝද රතයට ගොඩවනු අරින්ද බලා උන්නේය.යතුරු පැදිය පණ ගන්වා ත්‍රී රෝද රිය පේන නොපෙනෙන මානයේ තබා ඔහු පසුපසින් ආවේය.තාරුකා වාහනයෙන් බසින තුරු ඉවසා සිටි අරින්ද යතුරු පැදිය නවතා ඈ ඇතුලු වූ පොත් කඩයට ගොඩ වුනේය .
    තාරුකා සිතුවේ තම සිසුනට ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන පොත් කීපයක් මිළට ගන්නටය.
    අත් වාරුවට බර වී ඈ පොත් තෝරන්නට වූවාය.ඒ රුව නෙත ගැටුනේ අහම්බෙනි .මේ තරම් ළඟින් ඔහුව දැක තිබුණේ නැත.ලගන්නා පිරිමිකමක් ඔහු තුළ ඇත.නන්දිතා ළඟ නොසිටියේ හොඳ වේලාවටය.ඈ සිටියානම් මොනවා හෝ කියනු ඇත.ඇත්තටම මේ අහඹු හමුවීමක්ද නැතිනම් මගේ පස්සෙන් පොත් කඩයට ආවාද.ඒත් එහෙම ආවානම් තමා වෙත එන්නට ඕනෑය.වට පිටාව ගැන කිසිදු තැකීමක් නැතිව පොත් තෝරමින් සිටින තරුණයා තමාව දකින්නේ නම් කියා ඈ සිතුවේ කෑදර සිතිනි.
    නොසිතූ මොහොතක කවුරුන්දෝ ඇඟේ ගැටුනු නිසා ඈ බිම නොවැටී බේරුණේ අනූ නවයෙනි.ඒත් ඇගේ අත් වාරුව මහ හඩින් බිම වැටුණේ බොහෝ දෙනාගේ අවදානය ඈ වෙතට යොමු කරමිනි.
    “ඔහ්..පරිස්සමෙන් “
    ඔහු තමා අසලට ආවේ කෙසේදැයි දන්නේ නැත.අරින්ද පහත්වී ඇගේ අත්වාරුව අහුලා දුන්නේය .පොත් රාක්කයට බර දී උන් අත අනාරාදිතවම අල්ලා අත්වාරුව දරන්නට ඔහු උදව් කලේය.
    “කවුදෝ හැප්පුණා ..ගොඩක් ස්තූතියි “
    තාරුකා කෙලින් නොබලා කීවේ වැරදිකාරියක් ලෙසිනි.
    “ඇයි තනියම ආවෙ යාලුව එක්ක එන්න තිබුණනෙ වැටුන නම් එහෙම”
    “හැම දේටම යාලුවන්ට කරදර කරන්න බෑනෙ..මට පුලුවන් තනියම “
    ඇගේ මුහුණ අඳුරු වනු අරින්ද දුටුවේය.
    “සොරි මම ඔයා දුබලයෙක් කියල අදහස් කලා නෙවෙයි..මම අරින්ද “
    “ඒකට කමක් නෑ ..මම තාරුකා “
    ඈ කඳුළු අතරින් සිනාසුනාය.වෘත්තීය අරමුණු මොනවා උනත් ඒ සුන්දර සිනාවත අරින්දගේ සිත පැහැරගන්නට සමත් ය.
    “මොනවද ටීච් කරන්නෙ “
    අරින්ද ඒ ඇස් වලට එබුනේ ය
    “මම ටීචිං කරනව කියල දන්නෙ කොහොමද ?”
    “මට කුරුල්ලෙක් කීව”
    “ඇත්තට ඕපාදූප කියවන කුරුල්ලොත් ඉන්නව නේද ?”
    අද ඊයේ හමුවූ පිටස්තරයකු වුවත් තාරුකා ට දැනුනේ අරින්ද කාලයක සිට හඳුනන අයෙකු ලෙසිනි.සාමාන්‍යයෙන් නාඳුනන පිරිමින් හා කතාවට නොගියත් මේ සංවාදය නිම කරන්නට හිතෙන්නෙ නැත.
    “යාලුව ආවෙ නැත්තෙ වෙලාවට”
    “ඒ මොකෝ ..”
    “මහ කටර් එකක් නේද මට අල්ලන්නෙ නෑ එයාව”
    එයාව අල්ලන්න යන්න ඕනි නෑ තාරුකා නොකියා හිත යටින් සිනාසුනාය.
    “මම කියන්නම් කො එයාට..”
    හද පතුලටම විනිවිඳින ඒ නෙත් කැල්ම ඈ විඳගත්තාය.
    “මොනව ගන්නද ආවෙ “
    “මගෙ පංතියේ ළමයෙක් කැම්පස් සිලෙක්ට් වෙලා එයාට ගිෆ්ට් එකක් ගන්න ආවෙ”
    “මම රිසර්ච් එකක් කරනව ඒකට ඕන පොත් වගයක් ගන්න ආවෙ..ඕන ඒව ගත්තද දැන්”
    “ඔව් මේ ඇති”
    ඈ තෝරාගත් පොත් ගොන්නද රැගෙන එන්නට හැරෙන විට අරින්ද ඒ පොත්මිටිය අතට ගෙන ඈ පසුපස්සේ ආවේය.
    “මම නිසා කරදර උනා “
    “යාලුවෙක් කරපු උදව්ව්වක් කියල හිතන්න”
    “ගොඩක් පිං”
    “ඉදිරියටත් පිංකම් කරගන්න බලාපොරොත්තු වෙනව”
    ඔහුගේ කතාවට ඈ සිනා පෑවාය.හිතට අමුතු මිහිරක් ගලාවිත් තිබේ.මේ පෙර නොවිඳි රසයකි.
    අරින්ද තව දුරටත් ඈ හා නොරැඳී එතැනින් පිටව ආවේය.තාරුකා ත්‍රී රෝද රතයේ ගොඩවී පිටව යන තුරු සිට ඔහු ආපසු නවාතැනට ආවේ කැළඹුණු සිතිනි.සිතුවාටත් වඩා කරන්නට ගිය කර්තව්‍යය සාර්ථක වුවත් හිතේ අවිවේකී ගතියකි.කොතරම් වැරදි වැඩ වලට සම්මාදම් වී ඇතත් හිතට අපුලක් දුකක් දැනී නැත.ඒත් තාරුකා රැවටීමට යොදාගෙන යන වැඩපිළිවෙළ නිසා හිතේ ඇත්තේ වරද කාරී හැඟීමකි.
    කොළඹ ඉහළ පෙලේ ප්‍රභූන් යැයි කියාගන්නා නාකි සල්ලාලයන් හට මල් කැකුලු වන් තරුණියන් සැපයීම සරත් අයියාගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි.හද්ද පිටිසර ගම් වලින් අවුරුදු දාසය දාහත ඉක්මවූ කෙල්ලන් කොළඹ ට ගෙන ආවේ රැකියා ලබා දෙන බවට ලබා දුන් පොරොන්දු පත්‍ර මතය .අත්තිකාරම් ලෙසින් රැකියාව ලැබීමට පෙරාතුවම ලොකු මුදලක් පවුලට ලබා දෙන්නේ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටය.මේ සඳහාම වෙන්වූ කාණ්ඩයක් සරත් යටතේ සිටි අතර මාතර මාරි අක්කා සහ කලු චමින්ද නම් ප්‍රසිද්ධ ගණිකා ව්‍යාපාර පවත්වා ගෙන ගිය අයවලුන්ට පසුව වැඩිම කෙල්ලන් සිටියේ සරත් සතුවය.මෙසේ ජයටම කෙරීගෙන ගිය ජාවාරම අතර ප්‍රවාහන කටයුතු බහුතරයක් සිදුකෙරුනේ අරින්ද අතිනි.අධි සුපෝගබෝගී බෙන්ස් බීඑම්ඩබ්ලිව් රත වලින් තරු හෝටල් වලට කෙල්ලන් සැපයීම සිදුකල අතර ඒ කිසිම දාක වත් තමාගේ හිත මෙලෙස චංචල නොවූ බව අරින්ද ට විශ්වාසය.
    දුම්වැටියක් දල්වාගත් අරින්ද සඳලුතලයේ ඇදි පුටුවේ අසුන් ගත්තේ ගෙනා පොතක් කියවන්නට සිතාගෙනය.කරන්නට යන කටයුත්ත කිසිදු විටෙක සැකයක් ඇති නොවන ලෙස සිදුවිය යුතුය.මේ මෙහෙයුමට පිඹුරු පත් ඇන්දේ මාස ගනණකට පෙරාතුවය.සුරවීර විසින් කියූ තොරතුරු අනුව ඉදිරි සැලසුම් දියත් කෙරුනේ අරින්ද ගේ සෘජු දායකත්වයෙනි.මහාචාර්යවරයා කියන ආකාරයට තාරුකා ගේ පෙලපත පැවත එන්නේ හෙළ රජදවස පටන් ය.දිමියාවිට වලව්වේ විසූ රණශූර ප්‍රභූවරයකු වෙනුවෙන් සපරගමු දිසාවේ විසින් පිරිනැමුණු ධනස්කන්දයක් නිධන් කොට ඇතැයි ජනප්‍රවාදයේ පැවත එන අතර එම ධනය ආරක්ෂා කිරීමට බහිරවයන් හතර දෙනෙකු යොදවා සිටින බවත් නිධාන දොරටුව විවර කිරීමට ප්‍රභූ පවුලේ පිරිසිදු ලේ ඇති තුන්කුලුඳුල් දරුවකු අවශ්‍ය බවද කියැවේ .මේ පිළිබඳව සඳහන් නිදන් වදුලක් ඇති බවත් එය පවුලේ සාමාජිකයින් පමණක් දන්නා තැනෙක සඟවා ඇති බවත් සුරවීර සොයාගෙන තිබුණි .ඒ කෙසේ වෙතත් කටකතාවක් විශ්වාසයට ගෙන වැඩේට බැසීම තෙරුමක් රහිත බව අරින්ද පැවසූ විට සුරවීර විසින් පිටපත් කරගත් පුස්කොල පොතක විස්තර උඩඟු ලෙස ගෙන හැර පෑවේ ඒවා ලද විදිය නිවරදිව සඳහන් නොකරමිනි.තමාට අකරතැබ්බයක් සිදුවූයේ මේ අවසන් තහවුරු කිරීම ලැබුණාටත් පසුව බව සුරවීර මතින් මත් වූ සැඳෑවේ සඳහන් කලා අරින්ද ට මතකය.
    කෙසේ වෙතත් සරත් ගේ බල කිරීමට කැමති වූවා මිසක මේ කටයුත්ත කෙරේ අරින්ද ගේ එතරම් උනන්දුවක් තිබුණේ නැත.නමුත් එම කර්තව්‍යය ට බැසගත් පසු එය කෙලවර දක්වා කරගෙන යාම අරින්ද ගේ පුරුද්දය.තමා නොදන්නා ක්ෂේස්ත්‍රයක් නම් ඔහු මුලින්ම කරන්නේ අදාල විෂය සම්බන්ද ව හැදෑරීමයි.මේ කාරනාවේදී ද මහජන පුස්තකාලයේ සහ මහාචාර්යවරයා ගේ උදව්වෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ පොත් පත් අතර දින ගනන් ඔහු ගත කර තිබුණේ ය.තාරුකා ගේ පවුලේ විස්තරාදිය ඒ අයටත් වඩා දන්නේ අරින්ද ය.අරින්ද කැපවීමෙන් මේ කටයුත්තේ යෙදෙන අයුරු බලා වඩාත් සතුටු වූයේ සරත් ය.මේ තාක් අත ගැසූ බොහොමයක් ගේම් තක්කෙටම ගොඩ දැම්මේ අරින්ද විසිනි.අතරින් පතර අසාර්ථක වූ අවස්ථා වලට හේතුව තමාගේ මුරන්ඩු කම වග සරත් දන්නේය.
    “බලන්නකො සර් කොල්ල ඕක ගොඩ ඇදලම තමයි පස්ස බලන්නෙ”
    “ඔව් අයිසෙ අපෙ කැම්පස් එකෙක්වත් මෙහෙම ගේමට බැහැල වැඩ කරනව මම දැකල නෑ..ඕන සප් එකක් මම දෙනව..”
    අවශ්‍ය සියලුම දේ මිලදී ගත් පසු තාරුකා ත්‍රී රොද රතයෙන්ම නිවසට ආවාය.හිතේ ඇති පිබිදීමට හේතු දන්නේ තමන් පමණි.ඈ ත්‍රීරෝද රියෙන් බසින විටම අම්මා ආලින්දය ට ආවාය.
    “මෙච්චර ඒව ගේන්න තිබුණා නම් ටිකිරි හරි කතා කරගන්න තිබුණා නෙ”
    බර මලු ගෙතුලට ගනිමින් අම්මා කීවේ දුවගේ අපහසුකම් දන්නා නිසාවෙනි .
    “දැන් ඒ මිනිස්සු අපේ උදව්වට එන්නේ නෑ අම්මා”
    ගමන් වියදම් ගෙවා දැමූ ඈ අසුනකට බර වූයේ ගතේ වෙහෙස නිසාය.දවස තිස්සේ ඇවිද්ද නිසා කිහිලි කරුවට හිරවූ බාහුව ඇදුම් දෙන්නේය.ඈ වේදනාවට තම අත පිරිමැද ගත්තාය.ඒ රලු පිරිමි අතේ සවිය මතකයට ආවේ අනාරාදිතවය .මේ කතාව කාට හෝ කියන්නට උවමනා උනත් එහෙම කෙනෙක් යෙහෙළියක් ළඟ පාතක නැත.
    “සුදු හාමිනා අද සංතෝසෙන් වගේ”
    තේ බන්දේසියක් රැගෙන ආ පොඩිනා කීවේ තනිව සිනා සෙන තාරුකා දෙස බලමිනි.
    “සංතොස නම් තමයි ඒත් මහන්සියි “
    “ඉන්නකො මම වතුර ලිපේ තිව්ව මද රස්නෙන් නා ගත්තම හරියාවි”
    “කෝ අම්ම අප්පච්චි “
    “කොහේ හරි ගුබ්බෑයමක බොනව ඇති අද රබර් විකුණන දවසනෙ.”
    “අනේ මන්ද දැනුම් තේරුම් තියෙන මිනිස්සු නිස්කාරනේ නාස්තිවෙන හැටි..අපි දරුවන්ට මොනා ඉගැන්නුවත් මොකටද අපේ ම මිනිස්සු හදා ගන්න බැරිව”
    “එයාගෙ අම්ම අප්පටවත් හදන්න බැරි මිනිහ අපිට හදන්න පුලුවන් ද සුදු හාමිනේ”
    අම්මා හිස් අහස දෙස බලාගෙන කියන්නේ බිඳුණු සිතිනි.ආරච්චි පවුලේ වැඩිමලා වූ අම්මා සහ දිමියාවිට වලව්වේ ලොකු අප්පොගේ විවාහය දින හතක් පුරා උජාරුවට කෙරුනු හැටි අද මතක ඇත්තේ පොඩිනාට පමණි.අම්මා ඒ අතීතය හිතා මතාම අමතක කරන්නට වෙර දරන වග ඈ දනී.අප්පච්චි නිසාත් තමාගේ රෝගී තත්ත්වය නිසාත් වඩාත් දුක් විඳින්නේ අම්මාය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ටයිප් කරමින් ෆ්‍රෙන්ඩ්ස් ..මේක ටිකක් වෙනස් කතාවක් විශේෂ යෙන් ඉතිහාසගත දේවල් ලියදදි මට අත්දැකීම සහ සමහර විශයානුබද්ද කාරණා ගැන දැනුම මදි කියල හිතුන වෙලාවල් තිබුණා .ස්මහර දේවල් ගැන නම් කියවල ඉගෙන ගත්ත ඒත් හැමදේම එහෙම ගොඩ දාගන්න අමාරුයි.ඒ නිසා කතාව කියවන් යද්දි නොගැලපීම් වැරදි තිබුණොත් සමාවෙන්න ඕන.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටයිප් කරමින් ෆ්‍රෙන්ඩ්ස් ..මේක ටිකක් වෙනස් කතාවක් විශේෂ යෙන් ඉතිහාසගත දේවල් ලියදදි මට අත්දැකීම සහ සමහර විශයානුබද්ද කාරණා ගැන දැනුම මදි කියල හිතුන වෙලාවල් තිබුණා .ස්මහර දේවල් ගැන නම් කියවල ඉගෙන ගත්ත ඒත් හැමදේම එහෙම ගොඩ දාගන්න අමාරුයි.ඒ නිසා කතාව කියවන් යද්දි නොගැලපීම් වැරදි තිබුණොත් සමාවෙන්න ඕන.

    ස්පොයිල් පාරක් හිතෙනවා මට නම්...............:rolleyes:
    කමක් නැ..තව ටිකක් යමු කො........:yes:
    ෆ්‍රි තිබ්බොත් pm එකක් එවන්නම්..එ විදිහට ලියන්න එපා...
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    3

    පොඩිනා සකස් කර දුන් මද රස්නෙ වතුර ගතට වැටෙන විට සනීපය.නාගන්නට පවා සිදුව ඇත්තේ වාඩි ගෙනය.කණ්නාඩියෙන් පෙනෙන තම රුව දෙස ඈ බලා සිටියා ය.පපුවේ වම් පසට වන්නට පිහිටි අසාමාන්‍ය රත්පැහැ උපන් ලපය ඇස ගැටුනේ අහම්බෙනි.කුඩා කල රෝගී තත්ත්වයක් සේ සිතා බෙහෙත් ගන්නට පවා ගිය හැටි මතකය.ඒත් එය ඇස ගැටෙන මොහොතක් පාසා හිත නොසන්සුන් වන ගතියක් ඇත.ඈ ඉවත බලා ගත්තේ හිතේ ගැස්මෙනි.අරින්ද මතකයට ආවේ කොහේදෝ සිටන්‍ ය.ඔහු ළඟින් සිටි මොහොතේ හිතට අමුත්තක් දැනුණි.අතින් අල්ලා ගත්තේ අනාරාදිතවය .ඈ ඒ රලු පිරිමි කමට ආසා කලාය.
    අරින්ද සිතා මතාම පසුවදා ඈ බලන්නට ගියේ නැත.ඈ හා හාද වීම තමාගෙ ක්‍රමයට කල යුතු වග අරින්ද සිතා ගත්තේ මූලික සැලසුම්කරනයේදීමය.මේ කරන්නේ සැලසුම් සහගතව ඈ රැවැට්ටීමකි.දිමියාවිට වලව්වට ඇතුලු වීමේ දොරටුව තාරුකාගේ උදව්වෙන් විවර කර ගත යුතුව ඇත.කෙසේ හෝ නිධන් වදුල ඇති තැන පිලිබඳ හෝඩුවාවක් ලබා ගැනීම තම මෙහෙයුමේ පලමු අදියර සම්පූර්ණ කිරීම හා සමානය.මොන දේටත් ඉක්මන් වීම මේ තරම් කාලයක් කල කැපකිරීම් අපතේ යැවීමකි.
    අරින්ද උඩු රැවුලක් හා කැප්තොප්පියක් පැළඳ යතුරු පැදියෙන් නික්ම ආවේ තාරුකා ගේ ගමටය.ගල් අතුරා තාර දමා ඇතත් තැනින් තැන ගල් ගැලවී ගොස් ඇති පාරෙ ඔහු ගමන් ගත්තේ සෙමිනි.නිලට පෙනෙන වෙල් යාය හරහා පාරේ යනවිට ඈතින් ඇති දිමියාවිට වලව්ව යන්තමට දැක ගත හැකිය.බිත්ති දුර්වර්ණ වී දියසෙවල බැඳී කලු ගැහුනු වලව්වේ තේජස් බවක් නැත.පාලම කෙලවර තිබූ තේ කඩය ළඟින් අරින්ද යතුරු පැදිය නතර කලේය.
    “මුදලාලි මහත්තයො තේ එකක් බොමුද”
    “හොදමයි ..කෑමට ලැවරිය,හැලප හෙම තියෙනව ගේන්නද මහත්තයා “
    “ලැවරිය එකක් දෙන්න”
    කඩ මිදුලේ තනා තිබූ මිටි බංකුවේ අරින්ද අසුන් ගත්තේය.නුදුරේ අසුන් ගෙන හුන් උඩුකය නිරුවත් වයසක ගැමියෙකු බුලත් කහට පිරි දසන් නගා ඔහු හා සිනා සුනේය.
    “ආ මහත්තයො ..මහත්තයා මේ පලාතෙ නම් දැකල නෑ කොහේ හරි යන ගම්න් ද”
    මුදලාලි ලැවරිය පිළිගන්වමින්‍ ඇසුවේ හිත උපන් කුහුලෙනි.
    “නෑ නෑ මම කොළඹ ...පත්තරේ වැඩ කරන්නෙ පරණ ගම් ගැන විස්තර හොයනව ලිපියකට ..අද මෙහෙට ආව ..ඊයෙ සල්ගල පැත්තෙ ගියා”
    “ආ බොහොම හොඳයි අපි ගැනත් ලියන්න ඕන ඉතිං නැද්ද ඒබරං මාම ..අපෙ අම්මා මුත්තා කාලෙ ඉදං අපි තමා තේ කඩේ කෙරුවෙ ..ඉංගිරිසි ආණ්ඩුවෙන් අපෙ කිරි ආතට දීපු අවසර පත්තරේ තාම ගෙදර තියෙනව”
    මුදලාලි කියවාගෙන ගියේ දැනමුත්තෙකු ලෙසිනි.
    “ඕව මොනා ලීවත් මොටද මහත්තයො ගමට එන පාර ඩිංගක් හදා දෙන්න එකෙක් නැති කොට..චන්දෙ ගන්න නම් වැඳගෙන එනව පර හැත්ත”
    “අපි ඒ ගැනත් ලියමු මාමා..ඔය දේශපාලුවො කරන්නෙ තමන්ට වැඩ කරගන්න එක මිසක් රටට දෙයක් කරන එක නෙවේනෙ”
    “මහත්තයා මොනවද හොයන විස්තර එතකොට “
    මුදලාලිට උවමනා වූයේ කතාව වෙනතකට ගැනීමටය.පත්තරේ පොටෝ එකක් ගියොත් එය ආඩම්බර විය හැකි කාරණාවකි.එය තම ව්‍යාපාර කටයුතු වලටද හොඳය .
    “හැම ගමකම මොනවහරි විශේෂ ඉතිහාස වටිනාකමක් තියෙන දෙයක් තියේනම් ඒ ගැන ලියනව පරණ පන්සල් ,විහාර නටඹුන් එතකොට වලව් එහෙම නැත්තම් විශේෂ පුද්ගලයො ගැන වගේ”
    “අප්පා අපේ වල්ව්ව ගැන නම් ලියල වැඩක් නෑ”
    “ඒ මොකද අර “
    “මහ උද්ද්ච්ච මිනිස්සු මහත්තයා මැණිකෙයි සුදු හාමිනෙයි නම් එහෙම නෑ ලොකු අප්පො තමා “
    “ඒකට හකහින්නෙ මැණිකෙ රුවන් අප්පො හිටපු කාලෙ මේ ගමටම කන්න දෙනව දවල් ට රෑට කියල නෑ..හරි තේජවන්ත මනුස්සයා රුවන් අප්පො ..ඉංගිරිස් නම් එහෙම දෙමල නම් එහෙම ඒ උත්තමය හින්ද තමා මේ පාර හැදුනෙ පාලම් හැදුනෙ ..ඒ දවස් වල වලව්වෙන් කී දෙනෙක් ජීවත් උනාද”
    ඒබරං දන්නා ඉතිහාසය ගැන කියවන් ගියේ ආවේගාත්මකවය .රුවන් අප්පො යනු තාරුකා ගේ අප්පච්චි ගේ පියා වග අරින්ද කල ගවේෂණ වලදී හොයාගත්තා මතකය.දේශපාලන බලයක්ද තිබූ දක්ෂ නායකයෙක් ලෙස ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.ඒ සමය වලව්ව වඩාත් සශ්‍රීක ව පැවති කාලය බව ඒබරන් හා කතාවෙන් වඩා පැහැදිලි විය.
    “රුවන් අප්පො මලත් හරි වලව්ව විනාස වෙලාම ගියා නෙව..මැණිකෙ පපුවෙ අමාරුවෙන් මැරුණ මාස ගානෙන්..ලොකු අප්පොගෙ මැණිකෙ අසනීප උණා ..සුදු හාමිනේ අබ්බගාතයෙක් ..ඊට පහු උපන් කොලුව අකාලෙ මියැදුනා ..මොකක් හරි සාපයක් වැදුන වාගෙ”
    අරින්ද සාවදානව අසාසිටියේ ඒ ඉතිහාස කතාවය.
    “ඔය වල් පල් පත්තර වල ලියන්න පුලුවන් ද ඒබරං මාමා..අනෙ මහත්තයො ලොකු හාමුදුරුවෝ මුණ ගැහුණනම් තව විස්තර හොයා ගන්න තිබුණා “
    තාරුකා වෙනදාටත් කලින් සූදානම් ව ආවේ කඩිනමිනි.කහ ඔසරියට ඈ අද හවඩියක්ද ඇන්දාය.මුහුණේ වත්සුනු තැවරුවේ යන්තමටය.ඈ කාමරයෙන් පිටවෙන්නට පෙරාතුව කණ්නාඩිය දෙස බැලුවාය.මේ හැඩ වෙන්නේ කා වෙනුවෙන්දැයි දන්නේ මේ හිත පමණි.සුපුරුදු ලෙස අම්මාගෙ දෙපා නැමද ඈ පිටව ආවාය.අත් වාරුවෙන් ඈතට යන දියණිය දෙස ලොකු මැණිකෙ බලා සිටියේ දොම්නස් සිතිනි.අසාමාන්‍යව පිහිටි වම් පාදය හැරෙන්නට ඇගෙ ස්ත්‍රී රූප කායෙ වැරද්දක් සොයා ගන්නට නැත.උකුල ළැම පවා හැඩය පිරිපුන්‍ ය.පොඩිනා තාරුකා ව බසයට නංවා ආපසු එන විටත් ලොකු මැණිකේ ඉස්තෝප්පුවේ කණුවට හේත්තුවී පාර බලා සිටියාය.
    “සුදු හාමිනේ හරි සංතෝසෙන් ඉන්නෙ ලොකු මැණිකෙ”
    “ඒ මදැයි බං..අනේ මගෙ අසරණීට මෙහෙම උනාණෙ”
    ලොකු මැණිකේ සුසුමක් හෙලුවාය.
    සුපුරුදු අසුනට බරවූ තාරුකා බලා උන්නේ ඒ බස්නැවතුම එන තෙක්‍ ය.හිතේ බලාපොරොත්තු සුන්ව ගියේ අරින්ද නැතිවම බසය එතැන පසු කර ආ නිසාවෙනි.හිතේ දුකක් තැවරුනේ නිරායාසයෙනි .ඔබව දැකගන්නට බලාපොරොත්තුවක් තිබුණා..
    නන්දිතා පැමිණි නිසා ඈ සිතුවිලි දැහැනින් මිදුනාය.
    “ආ නංගි මොකෝ මේ මූණ හතරැස් කරගෙන”
    “එහෙම මොකුත් නෑ”
    “එහෙනම් ඔය කඳුළු ගලන්නෙ”
    තාරුකා ඇස් පිසදා ගත්තේ ඇත්තටම ඒවාගේ කඳුළු ඇත්දැයි බියෙනි.
    “මොකෝ බං”
    “අරයා නෑ නන්දි අද”
    තාරුකා ලැජ්ජාවෙන් සිනා සුනාය.
    “අප්පට සිරි වැඩේ සීරියස් එහෙනං”
    “මට බුක්ෂොප් එකේදි හම්බ උනානෙ නම අරින්ද “
    “ආ ආ එතකොට මටත් කට් එක දාල ටවුන් ගියෙ කොල්ලො බලන්න නේද ?”
    “අනෙ පිස්සු ..අහම්බෙන් මුණගැහුනෙ “
    “එහෙම කියමුකො ..”
    නන්දිතා ඇගේ අත කෙනිත්තුවේ සරදමටය .
     
    • Like
    Reactions: thedigit2s