තාරු (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    6

    සුදු හාමිනේ ලොකු මැනිකෙ අනෙක් අහ ඉන්නෙ එහෙට යමුද”
    පොඩිනා පැමිණීම නිසා ඇස් පැටලුම ලිහී ගියෙය.
    “අ..හා හා “
    “අම්මා ඉන්නව එහා පැත්තෙ අපි ඒ පැත්තට යන්නද”
    එපා කියන්නට උවමනා උනත් අරින්ද නිහඬව හිස සැලුවේය.
    “එක්කො අරින්ද ත් එන්න පන්සල බලන්න ගයිඩ් කෙනෙක් ඕනෙ කිව්වා නේද”
    ඉබ්බා දියට දාන්නෑහැ ඇන්නෑවෙ කියා අරින්ද නැගිට ආවේය.
    පොඩිනා තව වරක් හැරී බැලුවේ නාඳුනන තරුණයා දිහාය.ඉස්සර වගේ නොව දැන් ගැහැණු ළමයකු රැක බලා ගැනීම අසීරුය.අද කාන්තාව අනතුරු වලට භාජනය වීමේ අවදානම වැඩිය.පොඩිනා කෝකටත් සුදු හාමිනේ අසලින්ම රැඳුනාය.
    සෙනග අතරින් තාරුකා අම්මා වාඩි වී සිටි ස්තානයට ළඟා වුණේ අසීරුවෙනි.සුදු හාමිනේ සමඟ තමා වෙත එන තරුණයා කවුදැයි ඈ එකවරම සිතුවාය.තාරුකා කෙදිනක වත් පෙම්වතකු ගැන කියා නැත ඈට එතරම් පිරිමි යහලුවන් සිටියේද නැත.ඇගේ අනාගතය ගැන සැමවිටම පසුවූයේ බියකිනි..ඈ බලා කියා ගන්නට හොඳ ස්වාමියෙකු සිටී නම් නිදහසේ මියෙන්නට වුව පුලුවන .
    “අම්මා හොයාගන්න තියෙන අමාරුවක් “
    “අද හොඳටම සෙනග පන්ස්ලේ”
    “මම හිටි හන්ද හොඳට ගියා”
    පොඩිනා ද කතාවට හවුල් වුණාය.
    අරින්ද පසුපසින් සිටගන සිටියේ කතාවට බාද නොවන ලෙසය.බෝ මලුව වටා ඇති පහන් කණු නිසා අවට ඒකාලෝක වී ඇත.අම්මා අසල සිටින තාරුකා ගේ දෑස් පහන් එලියෙන් දිලිසෙනු අරින්ද බලාසිටියේ අරමුණකින් තොරවය .ඒ ඇස් ලස්සනට පෙනෙන්නේ යැයි ඔහු සිතුවේය.
    “අම්මා මේ ඉන්නෙ අරින්ද මගෙ යාලුවෙක් මේ ළඟ ඉන්නෙ අපේ පන්සල බලන්න ඇවිත්”
    අම්මාගේ මුහුණේ ප්‍රශ්නාර්ථ ය දුටු තාරුකා කීවේ අරින්ද දක්වමිනි.
    “කොහොමද පුතා?”
    ගැහැණු කෙනෙක් තමාට පුතා කියා ඇමතුවේ කලකට පසුවය.හිතේ අම්මාගේ රුව ඇඳී මැකී ගියේ ය.අරින්ද මදක් නිරුත්තර උනේ ඒ හැඟීම නිසාවෙනි .
    “හොඳයි අම්මා..පන්සලට ආව අහම්බෙන් තාරුකා ව දැක්කෙ”
    “පුතා අපේ දුවගෙ කැම්පස් එකේ යාලුවෙක් ද?”
    “නෑ නෑ අපේ ඉස්කෝලෙ ටීච කෙනෙක්ගෙ යාලුවෙක් අම්මා එයා නිසා තමා අඳුනන්නෙ “
    අම්මා එය පිළිගන්නා බවක් නැතත් බස් එකේදි හමුවූ යාලුවෙක් කියන්නට ඈට සිතුනේ නැත.
    “ආ එහෙම ද?”
    කියා අම්මා අරින්ද හා සිනාසුනාය .ඒත් ඒ ඇස් වල ප්‍රශ්න ගොඩක් නලියන වග අරින්ද තේරුම් ගත්තේ ය.
    වන්දනා මාන කටයුතු කරන තෙක් අරින්ද පසෙකට වී සිටියේය.පන්සල් එන්නට හිතක් තිබුණේ නැත.පන්සලේ ඇති පුස්කොල පොත් ගැන මතකයට ආවේ අහම්බෙනි ජනාකීර්ණ නිසා පන්සලේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් ලබන්නට අද හොඳම දවසක් බව අරින්ද සිතුවේය.අරින්ද ගේ සැලසුමේ කොටසක් ලෙසින්ම පන්සලට සමීප වීම ට පිඹුරුපත් ඇඳ තිබිණි.තාරුකා මුණ ගැහුණේ අහම්බෙන් වුවත් එය හොඳ ටම සිදුවූවකි.
    තාරුකා අත් වාරුවෙන් ඇවිද එන හැටි අරින්ද දුර සිට බලා උන්නේය.උසැති සුදු සායට වැසී ඇති වම් කකුල පෙනෙන්නේ නැත.වත පිපී ඇති සිනාමුව බලන්නට හැඩය.නිධානය ගන්නට තුන්කුලුඳුල් යුවතියගේ ලේ වලින් ජීවම් කල පුඳ පඬුරු දිය යුතු බව කීවේ සුරවීරයි.වලව්වේ අබ්බගාත තරුණිය රවටා ගත යුතු බවත් ඈ හරහා නිධානයට මග සොයා ගතයුතු බවත් සැලසුම් කලෙ තමායි.වලව්වේ අබ්බගාත දියණිය මේ තරම් සොඳුරු යුවතියකැයි දැන උන්නේ නැත.හැම විටම කැකුලු තරුණියන් සොයන සුරවීරට ඈ මගහැරී ගියේ හොඳටය.
    පොඩිනා එහෙට මෙහෙට වනතුරු සිටියේ ඈ හා දොඩමලු වන්නට ආසාවෙනි .
    “මගෙ යාලුවෙක් ඉස්කෝලෙ ඉන්නවයි කියල බොරු කීවේ මොකෝ සුදු හාමිනේ”
    “ආනේ ඒකත් අල්ලගෙන..බොරු නෙවේ අර ඉන්නෙ යාලුවෙක් “
    “කවුද නන්දිතා ද..හපොයි?”
    “මොකද අනේ එයා එක්ක තරහ ඔච්චර “
    “තරහක් නෑ බයයි”
    ඔවුන් සෙමෙන් බෝ මලුවෙන් ඉවත්ව විහාරය දෙසට ඇදුනාහ.සෙනග අතරින් ඉදිරියට යාම අපහසු නිසා තාරුකා තනාදුන් මල්වට්ටිය අරින්ද බුදු සමිදුන් ට පුදා ආවේය.දන්නා කාලයක පන්සලකට විත් මලක් පහනක් පුදා නැති තමන් මේ කරන්නේ මොනවදැයි කියා ඔහුට සිතුනේ ය.මල් පුදා එනවිට දෑස් වසාගෙන වන්දනාවේ යෙදෙන තාරුකා දුටු විට හිත ට දැනුනේ පිංසාර හැඟුමකි.පහන් දල්වනටත් උදව් කලේ අනාරාදිතවය .පොඩිනා පවා පෙර දැක්වූ විරෝධය අඩුකොට ඔවුන් හා පිංකම් වලට සහබාගී වුණාය.
    “අරින්ද මොකද කරන්නෙ දැන්ම යනවද?”
    “ඔව් ඉතිං සංචාරකය ගයිඩ් කියන විදියට එපැයි ඉන්න”
    “ඔව් ඔව් එහෙනම් යමු අපිත් එක්ක මම ලොකු හාමුදුරුවන් ට අඳුන්වල දෙන්නම් ඔයාගෙ රිසර්ච් වැඩ වලට උදව්වක් ගන්න”
    “ඒක හොඳයි “
    ආවාසගෙයි මිදුලට වී ලොකු හාමුදුරුවෝ පිරිසක් සමග සාඛච්ඡා වක යෙදී ඉන්න අයුරු.ඔවුන් දුර සිටම දුටුහ.තාරුකා ගේ සිතට චකිතයක් කාන්දු වූයේ හාමුදුරුවෝ මොනවා හෝ සිතාවිදැයි කියා ය.අරින්ද ට පොරොන්දු වූ නිසා ඒ හමුව මගහැර යන්නටත් නොහැක.දෙදෙනාම එක්ව ලොකු හාමුදුරුවගේ දෙපා නැමද සිටියේ තාරුකා දුටු විට උන්වහන්සේ පිරිසෙන් මිදී පෙරට වැඩියායින් පසුවය .
    “කොහොමද දුව..අම්මා නම් පේවස් සමාදන් වෙලා ඉන්නව දැක්කා”
    “හොඳින් ඉන්නව අපේ හාමුදුරුවනේ..”
    “මේ දරුව කවුද?”
    ලොකු හාමුදුරුවෝ අසන්නේ අරින්ද දක්වමිනි.
    “මේ මගෙ යාලුවෙක් අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ මුණ ගස්සන්න තමා එක්ක ආවේ”
    “ඒ මොකෝ අර මහන දම් පුරන්න වත් හිතිලද”
    “නැහැ හාමුදුරුවනේ මම කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක පොඩි සමීක්ෂණයක් ..සිහල ලේඛන කලාව ගැන..තාරුකා තමයි කීවෙ ඔබවහන්සේ මුණ ගැහෙන්න කීවෙ.”
    “මේ නැති වෙලා යන උරුමය ගැන තරුණ පරපුර උනන්දු වෙන එක වැදගත් ..මොනාද අපේ පැත්තෙන් කෙරෙන්නඕන"
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    7

    “මම මේ අවට පන්සල් කීපයකට ගියා අපේ හාමුදුරුවනේ සෙල්ලිපි කීපයක් පිටපත් කරගෙන්න ලැබුන පුස්කොල පොත් කීපයකුත් බැලුව..එව නම් ගොඩක්ම පරණ ඒව නෙවෙයි..සිංහල භාෂාව ස්වයංජාත භාෂාවක් කියන එකට ඉතිහාසයේ සාක්ෂි තිබුණත් ඒව හිතා මතාම යටපත් කරල තියෙනව හාමුදුරුවනේ ..ඉතිං මේ රිසර්ච් එකෙන් ඒ ගැනත් අද්‍යනය කරන්න බලාපොරොත්තු වෙනව”
    “මේ දරුවගෙ නම..”
    “අරින්ද සිරිනාථ “
    “ඔව් අරින්ද මහත්තයා අපේ තිබුණු තාක්ෂණය සංස්කෘතිය හැමදේම යටත් විජිත සමයේ විනාශ කලා ඊටත් කලින් පවා විවිධ ආක්‍රමණ හින්දා සිංහල ජාතියට උනේ අවැඩක්..මේ වැඩේට වඩා සුදුසු කෙනෙක් මම අඳුන්වල දෙන්නම් සුදු හාමිනේ ට මතකද අපේ ධම්මප්‍රභ හාමුදුරුවෝ ..උන්වහන්සේ දැන් වනගත වෙලා බන භාවනා පැත්තට යොමුවෙලයි ඉන්නෙ නමුත් ඉතිහාසය වගේ කාරණා ගැන උන්වහන්සේට හොඳ දැනුමක් තිබුණා ..මම පණිවිඩයක් දෙන්නම් කොහොමද කියල උන්වහන්සේ මුණ ගැහෙන්නෙ කියල”
    “අනේ බොහොම පිං ඔබ වහන්සේ ට”
    “අපිට අවසර එහෙනම්”

    සුරවීර සරත් හමුවූයේ කලකට පසුවය .සරත් මේ දිනවල සිටින්නේ හිතේ කලබලයෙනි .අත ගැසූ වැඩ කීපයක් ම වැරදී ගියේ නොසිතු ලෙසිනි.අරින්ද ළඟ නැති පාඩුව තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබේ.ඔහු සිටියානම් යම් යම් කාරනා පිළිබඳව දැනමුතුකම් ගන්නට තිබුණි .රහසේ ගෙන්වූ රත්තරං තොගයක් සහ සිගරට් තොගයක් රේගුවේ සිරවී ඇත.
    “මොකෝ සරත් නිකන් රොබ්බාලා වගේ”
    “මල්ලි ගියත් හරි බිස්නස් ගොඩක් හිරවුනා නෙ සර්”
    “ඌ කරන්න ගිය වැඩේ කරනවද හරියට..උඹ මිනිහව විස්වාස කරනව වැඩියි”
    “කිව්වට වැඩක් නෑ මහත්තයා මිනිහ මට පේන්නෙ එහෙ වෙනම ගේමක් ගහන්නෙ”
    චමින්ද තමාට සිදුවූ අඩම්තේට්ටම් වල පලිය ගන්නට මාන බැලුවේය.
    “උඹ කට වහගනින් ප්‍රශ්නයක් තියෙනවනම් මම විසඳ ගන්නම්”
    “හරි හරි සරත් ඔය කොල්ලට කෑ ගහන්න එපා ඌට එහෙම හිතෙන්න ඇත්තෙ මොනව හරි හේතුවක් හින්දනෙ”
    සුරවීර මත්වතුර වීදුරුව හිස් කරමින් කීවෙය.
    වෙනදා මෙන් අරින්ද කතා බස් කරන්නේ ද නැත.වීඩියෝ වැඩේද හිතාමතාම මගහැර සිටින්නෙ හේතුවක් නැතිවය.චමින්ද කියන කතාව සත්‍යයක් නම් ඊට පියවර ගත යුතුය.මේ බිස්නස් එක දිනන්නට නම් ඉස්සර විය යුතුය.අරින්ද මේ තැනට ගත්තාසේම ඒ සියල්ල ඔහුගෙන් උදුරා ගන්නටද තමාට හැකියාව ඇත.හිතේ ඔහු ගැන අවිශ්වාසයක් ඇතිවූයේ ප්‍රතම වතාවටය.අවුරුදු හය හතක් තිස්සෙ තමාට උපයා දුන් සැප සම්පත්න්වල අඩුවක් නැත.අරින්ද කිසිදා මේ ගාන දෙන්න කියා ඉල්ලා නැත..එවන් ගෝලයකු නැතිකර ගැනීම මහත් පාඩුවක් නිසා ඊළග අඩිය තැබීමට පෙරාතුව සිතාබැලිය යුතුය.චමියා ගේ හැටි දන්නා නිසා කලබල වීමේ තේරුමක් නැත.
    “මොකද සරත් කල්පනා ව”
    නිසොල්මනේ කල්පනාවේ ගැලීඋන් සරත් දෙස බලා සුරවීර අසන්නේ තව මධුවිත වීදුරුවක රස බලමිනි.
    “මොකුත් නෑ”
    “ඔන්න ඔය ශොට් එකක් දාල පොඩි කෑල්ලක් එක්ක ටිකක් සතුටු වෙනව එතකොට ඕව අමතක වෙලා යයි”
    සරත් කිසිත් නොකියා කට කොනින් සිනාසුනේය.
    සඳ පායා ඇති නිසා මග හොඳට එළිය වැටී ඇත.අරින්ද ට තවමත් මේ සමාගමයෙන් මිදෙන්නට සිත් නැත.සමීපව ගමන් ගද්දී අත ස්පර්ශ වුවත් ඈ ඊට විරෝධයක් පෑවේ නැත.ඒ ගෑණු ස්පර්ශ ය හිත අමුතු කරනට සමත්‍ ය.අත් වාරුවෙන් යන විට හිතට එන්නෙ දුකකි ඈ වත්තම් කරගෙන යන්නට උවමනා වුවත් අරින්ද තම සිතුවිලි යටපත් කරගෙන සිටියේය්.
    “අරින්ද කොහොමද යන්නෙ “
    “ආ මම බයික් එකෙ අවෙ”
    තමාට යතුරු පැදියක් ඇති වග ඈ දන්නෙ නැත.සිදු වූයේ වරදකි.
    “එහෙනම් හැමදාම බස් එකේ යන්නෙ පොඩි දුරක්නෙ “
    “බස් වල යන්න ඉතිං හේතු තියෙනව..යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..යාලුවන්ගෙ යාලුවො මුණ ගැහෙන්න පුලුවන් ..අනික ආරක්ෂාව අතින් හොඳයි “
    “අපොයි ඔව් මහත්තයා ඔය හුට්ටපරේ යනවටවඩා බස් වල යන එක හොඳයි “
    ඔවුන්ගේ කතාවට සවන් දීගෙන උන් පොඩිනා කීවාය.
    “ඒකනෙ මේ නෝනට ඕව තේරෙන්නෙ නෑනෙ නැන්දෙ”
    අරින්ද තාරුකා හා සිනා සුනේ ඇත්ත කතාව දෙදෙනා දන්නා නිසාය.
    “මම තාරුකා ව ගෙනිහින් දාන්න ද”
    “අනේ එපා අරින්ද බොහොම ස්තූතියි “
    ඈ නෙතින් පෑ ඉඟිය තේරුම් ගත් අරින්ද තම යතුරු පැදිය අසලින් නතර වී ඔවුනට සමුදුන්නේය .
    “බුදු සරණයි පරිස්සමෙන් “
    තාරුකා ඔහුට සමුදුන්නේ අකමැත්තෙනි.
    “ඔයත්.පරිස්සමෙන් ..බුදු සරණයි ...ගුඩ් නයිට්”
    තමන් කරන වැඩෙහි හරි වැරැද්ද සොයන්නට අරින්ද වෙහෙසුනේ නැත.අරමුණ කුමක් වුවත් ඇගේ ඇසුර සිතට පුරවන්නෙ සතුටකි.පාසල් සමයේ සිටි පෙම්වතියන් හා තිබුණේ ආදර බැඳීම්ක් නොවේ.ගතින් මෙන්ම මනසින්ද මුහුකුරා ගොස් ඇති තම හිතට ඇගේ වදනන් පවා අමුතු මිහිරක් තවරා ඇත.ජීවිතය අහඹුවක් යන යතාර්ථය ඇස් පනාපිට ඇත .මිනිස් සිතක් වෙනස් වන්නට මහා ලොකු හේතු කාරනා ඕනෑ නැත.


    මිදුලේ වී වනමින් ඉන්නා පොඩිනා දෙස ලොකු මැණිකේ බලා සිටියේ කුස්සියේ මිටි බංකුවේ වාඩිගෙනය.කෙසඟ සිරුරක් ඇතත් ගමේ බොහොමයක් ගැහැණුන්ට වඩා ඈ වැඩට දක්ෂ ය.වලව්වේ වැඩට සිටි බෝ දෙනා වලව්වෙන්ම හැදී වැඩී වලව්වෙන් පිටට ගියත් පොඩිනා එසේ කලේ නැත.වෙනදා මෙන්ම ඈ තවමත් වලව්වට පක්ෂපාතී ය.අරින්ද දුටු දා පටන් හිතේ දෙගිඩියාවෙන් පසු වුවත් මේවා තාරුකා ගේ අප්පච්චි සමග කතා කල නොහැක.තම තනියට සිටින පොඩිනා නැතිනම් මේ වනවිටත් තමාට පිස්සු හැදිලාය.
    “පොඩිනා මෙන්න මෙහෙ එනවද “
    “ඇයි මැනිකෙ”
    “මම අහන්න මයි හිටියේ එදා අර ආපු කොලුව ගැන මොකෝ හිතන්නෙ “
    “මොන කොලුවද මැණිකෙ”
    පොඩිනා චීත්තය සකසාගෙන පිලේ වාඩි උනේ ලොකු මැනිකේ හා සාඛච්ඡා වටය.
    “අර සුදු හාමිනේ පස්සෙන් වැටිල හිටියෙ පන්සලේ දි”
    “ආ අරින්ද මහත්තයා ..හරිම හොඳ මනුස්සයෙක් මැණිකේ ලොකු හාමුදුරුවෝ එක්කත් මොනාද මහප්‍රාන කතා කලා මම අහගන”
    “සුදු හාමිනේ මොනාහරි කිව්වද ඒ ළමය ගැන”
    “නෑ නෑ එහෙම මොකුත් කීවෙනම් නෑ හරි ඇගෑලුම් පාටක් නම් තිබුණා “
    “මොකුත් සම්බන්දයක් වත් ඇති කරගෙනද දන්නෙ නෑ..”
    “ඒක හොඳයි නෙ මැණිකේ ...නැත්තම් සුදු හාමිනේ ගෙදරටම නාකි වෙලා යාවි එයාට එහෙම එකක් හිතන එකම් මදෑ”
    “මොකෙක් හරි එකෙකු ට කෙල්ලව දෙන්න ඒකි අනාථ දරුවෙක් නෙවේ පොඩිනා”
    “අනේ සමාවෙන්න මැනිකේ එහෙව් අදහසකින් කීව නෙවේ”
    පොඩිනා බැගෑපත්ව කීවේ මැණිකේ ගේ තරහ මූණ නොබලමිනි.
    “ඒ ළමයගෙ මොකක්දෝ දැකල පුරුදු ගතියක් තියෙනව අනේ මන්ද”
    “නොකිය හිටියට මැණිකේ මට මතක් උනේම රුවන් අප්පොගේ අප්පොච්චි අර සාලෙ ගහපු පින්තූරෙ ඉන්නෙ..මට යාන්තමට මතකයි ඒ උත්තමයව මගෙ පුංචි සන්දියේදි”
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    8

    අරින්ද ට සිතේ නිදහසක් තිබුණේ නැත කොහේදෝ තිබූ අම්මා ගැන මතකය අලුත් වී ආවේ තාරුකා ගේ අම්මා නිසාවෙනි.
    “හෙලෝ අම්මා..”
    අරින්ද කීපවරක් උත්සාහ කොට අම්මා ඇමතුවේය.හිතේ ඇත්තේ වේදනාව ක්ද චකිතයක් ද කියා නිශ්චය නැත.
    “අනේ මගෙ රත්තරනේ ...කොහොමද “
    ඒ ලෙංගතු වදන් නිසා හිත පිච්චී ගියා වැනිය.
    “ඉන්නව අම්ම..අම්මා සිල් ගත්තෙ නැද්ද ..මට පන්සල් ගියාම අම්මා මතක් උනා”
    “අද ගියෙ නෑ ..අප්පච්චිට උණ වගේ ඇවිත් ..මේ ඉන්නව දෙන්නද”
    “න්..නෑ..ඇයි මොනා වෙලාද ..”
    “කවුද ..කතාකරන්නෙ”
    අප්පච්චි ගේ හඬ අරින්ද හඳුනා ගත්තේය.නිරුත්තර ව සිටියේ කොහෙන් පටන් ගන්නට දැයි නොදැනය.
    “මොකෝ අසනීපයි කියන්නෙ..?”
    “ආ ලොකු පුතා..නෑ මේ හෙම්බිරිස්සා උණක් ..ඇරිඅල යයි..අම්මා බය වෙලා දන් නැද්ද”
    “ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න එහෙනම් මල්ලි එක්ක බේත් ටිකක් ගන්න යන්න”
    අරින්ද ගේ හිතට සහනයක් දැනුනේ ඉබේටමය .අප්පච්චි හා දොඩමලු වූයේ වසර ගනණකට පසුවය.ඔහුගේ හිතේද තරහක් නැති බවක් දැනේ.දෙමාපියනට දරුවන් හා තරහ විය නොහැක.මේ හැමදේම සිදුවූයේ තාරුකා නිසාවෙනි ඈට ස්තූති වන්ත වීමේ වරදක් නැත.පොඩිනා නැති වූ මොහොතක දුරකථන අංකය ඉල්ලා ගත්තේ වෙන අරමුණකින් ය.
    “සුදු හාමිනේ නිදිද දන් නෑ..ස්තූතියි කියන්න ගත්තේ”
    “හානේ අරින්ද ..මට තත්පරයක් දෙන්න”
    තාරුකා ලහි ලහියේ ඇවිද යන හඬ ඔහුට ඇසේ.
    “ආ දැන් කියන්න..මොනාටද ස්තූතිය ..”
    “ලොකු පින්ක් කරගත්ත ඔයා..”
    “ඔයාව ගයිඩ් කරලද..?”
    “අපෝ නෑ අද ඔයා නිසා මෙච්චර කල් තරහ වෙලා හිටපු අම්මා අප්පච්චි එක්ක කතා කලා”
    “එහෙමත් තරහ වෙලා ඉන්න පුලුවන් ද ලමයො..අනේ අනේ පෙනේද තියෙන නපුරු කම එ ගොල්ල කොච්චර දුක් වෙන්න ඇද්ද”
    “අනේ ටීච මම කතා කරල යාලු උනානෙ දැන් බණින්න එපා”
    “බණින්න නෙවේ ගුටියක් දෙන්න තියෙන්නෙ”
    “හෙට දෙන්න එහෙනම් මතක් කරල හොඳ ද?”
    “හෙට එනවද?”
    “ඇයි එන්න එපාද?”
    “නෑ අනේ එන්න ..”
    “ගුඩ් නයිට් තාරු ..බුදු සරණයි !”
    “බුදු සරණයි ..ගුඩ් නයිට්”
    තාරුකා ඒ ආමන්ත්‍රණයට ආසා කලාය.නොම්මරය ඉල්ලා ගත්තද ඔහු තමා අමතාවියැයි සිතුවේ නැත.
    වාර අවසානයට කිට්ටු නිසා තාරුකා පසුවූයේ වැඩ අධික වය.ලොකු හාමුදුරුවෝ පණිවිඩයක් එවා තිබුණේ ධම්මප්‍රභ හාමුදුරුවන් කෙටි කලක් සඳහා යාබද ආරණ්‍යයක වැඩ සිටිනවා කියාය.අරින්ද ඒ ගැන විමසා නොසිටියත් ඔහුගෙ රාජකාරිය ට වැදගත් වන නිසා උන්වහන්සේ මුණ ගැසෙන්නට යා යුතුය.
    “හෙලෝ අරින්ද වැඩකද ඉන්නෙ”
    “නෑ තාරු කියන්න..”
    “ආ නෑ අර ධම්මප්‍රභ හාමුදුරුවෝ මේ ළඟ ආරණ්‍යයක ඉන්නව මුණගැහෙන්න පුලුවන් කියල ලොකු හාමුදුරුවෝ කිව්ව..ඔයා යනව නම් මම පාර අහල කියන්නම්”
    “කොහෙද ළඟ තැනක්ද..ඇයි මට පාර කියන්නෙ සුදු හාමිනේ එන්නෙ නැද්ද ගයිඩ් කරන්න”
    “මේ ටිකේ ටර්ම් ටෙස්ට් නිසා බිසී ටිකක් මම නැතුවට කමක් නෑ ඔයා ගිහින් එන්න”
    “එහෙම ඕනෙ නෑ විභාගෙ ඉවර උනාම යමු එහෙනම්”
    “එතකොට හාමුදුරුවෝ ආපහු ගිහින් තියෙයි..මම එනව කියන්නෙ ඔයාට තව කරදරයක් විතරයි අරින්ද ඔයා යන්න “
    “ඔයාව මට කරදරයක් නම් නෙවෙයි ඒත් මගෙත් එක්ක යන්න ඔයාට බයයි නේද ...හරි හරි ප්‍රශ්නයක් නෑ මම තියෙනව එහෙනම් “
    “අප්පෝ තියෙන සැර ටික..මට ඇති බයක් නෑ..මම එන්නම්කො එහෙනම්..හරි වසයි නේද”
    “ඔයානෙ වස..මට යන දවසක් කියන්න”
    තාරුකා දුරකථන සංවාදය නිම කලේ සිනා සෙමිනි.ඔහුගේ ඉල්ලීමට බෑ කියන්නට බැරි තරමට සිත ඔහුට නතුවී ඇත.පිරිමියකු සමඟ තනිපංගලමේ කොහේ හෝ යාම එතරම් සුභ දායක නොවුනත් ඔහු කෙරේ සැකයක් හිතෙන්නේ නැත.ඕනෑ නම් තව කවුරුන් හෝ ගමනට එක්කාසු කරගන්නටද පුලුවන් ය.ඒ නැතත් යන්නෙ පන්සලකට නිසා බිය විය යුතු නැත.
    අරින්ද අදාල ගමන යන්නෙ කෙසේදැයි කියා කල්පනා කරමින් උන්නේය.එවැනි සිදුවීමක් බලාපොරොත්තු නොවුනද මෙයද වාසියට හරවා ගැනීමට කිසිදු බාධාවක් නැත.කොයි දේ වෙන්නෙත් හොඳට කියා කියන්නෙ ඇත්තටය.මේ ගමන නිසා තාරුකා ට තවත් සමීප වෙන ගමන්ම පුස්කොල පොත් පිළිබඳව ද ඇතැම්විට හෝඩුවාවක් සොයා ගතහැකි වනු ඇත.ධම්මප්‍රභ හාමුදුරුවෝ මේ පිළිබඳව හැදෑරූ බව කීවේ ලොකු හාමුදුරුවන් ය.අරින්ද නිවාඩු දවසක් බලා ගමන සූදානම් කර ගත්තේය.කැලෑබද ආරණ්‍යයට යාමට සුදුසු ෆෝවීල් ජීප් රතයක් ගෙන්වා ගත්තේ තාරුකා ට පයින් ගමන් කිරීම අපහසු නිසාවෙනි .
    “හෙලෝ තාරු ...කොහොමද ඉස්කෝලෙ වැඩ?”
    “අම්මෝ වැඩනම් ගොඩ ගැහිල අනේ..පේපර්ස් බලනව හෝ ගාල”
    “ඔයා බිසී නේද අර ගමන එහෙනම් පෝස්ට් පෝන් කරමු”
    “නෑ නෑ ඒ ගමන යමු එන සෙනසුරාදා නෙ මම එන්නම් ..ඒත් පොඩි දෙයක් මට තනියම නම් එන්න දෙන්නෙ නෑ “
    “කවුද තනියම එන්න කීවෙ අම්මයි අප්පච්චි ත් එක්ක එන්න මම වාහනයක් ලෑස්ති කරල තියෙන්නෙ”
    “මම නිසා අමතර වියදම් නේද”
    “අනේ මේ ඉස්කෝලෙ හාමිනේ පන්ඩිතකම් නැතුව එනවද “
    අරින්ද ගේ වදනට සිනා නැගුනේ නිතැතිනි .
    “මම අම්මගෙන් අහල කියන්නම් හවසට හොඳද”
    “හරි එනව කියල කියන්න ඕන හරිද”
    “හරි හරි”