තැපැල් වෘත්තීය සමිති 21ක් එක්ව ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අද (18) දින සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. තැපැල් ස්ථානාධිපතිවරුන් ඇතුළු 17,500කට අධික සේවක පිරිසක් (97%ක පමණ සහභාගීත්වයක්) වර්ජනයට එක්ව ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන සහ උප තැපැල් කාර්යාල 653ම වසා දමා ඇති අතර, ලිපි භාරගැනීම, බෙදාහැරීම සහ මුද්දර අලෙවිය ඇතුළු සියලුම කටයුතු මේ වන විට නතර වී ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (17) පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ අතර,
මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් මෙම වර්ජනය කැඳවා ඇති බව පවසන වෘත්තීය සමිති, බලධාරීන් වෙත සති කිහිපයකට පෙර ලිඛිතව දැනුම් දුන්නද ඊට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර ලෙස තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. දෙපාර්තමේන්තුව දැඩි ආදායම් ඉපැයීමේ උත්සාහයක නිරතව සිටින මොහොතක මෙම වර්ජනය කැඳවා තිබීම හමුවේ මෙම තීරණය ගත් බව ඔහු පවසයි.
වෘත්තීය සමිති චෝදනා ප්‍රතික්ෂේප කරන තැපැල්පතිවරයා, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව තැපැල් සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා 40%කින් පමණ ඉහළ දමා ඇති බව පෙන්වා දෙයි.
අනෙකුත් දෙපාර්තමේන්තුවලට වඩා වෙනස් ක්‍රමවේදයක් යටතේ අමතර ප්‍රසාද පැයද ඇතුළත්ව අතිකාල ගණනය කිරීමට උපදෙස් දී ඇති බවත්, අප්‍රේල් මස 01 වනදා සිට එම වැඩිවීම් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.
උදාහරණයක් ලෙස දෙවන ශ්‍රේණියේ සේවකයෙකුගේ වැටුප රුපියල් 15,433කින් සහ අතිකාල දීමනාව රුපියල් 22,275කින් ඉහළ ගොස් ඇති බවත්, පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 18,104කින් සහ අතිකාල දීමනාව රුපියල් 31,180කින් ඉහළ ගොස් ඇති බවත් පවසන තැපැල්පතිවරයා, වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයේ අසාධාරණයක් සේවකයන්ට සිදුවී නොමැති බවට අවධාරණය කළේය.
finger machine dapu eka nam super.
mun karanne letters tika pata gala bedala gedara yana eka
godak un 12.30 weddi gedara
munge production eka hariyata hadala ganna ona