තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තැපැල් වෘත්තීය සමිති 21ක් එක්ව ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවා අද (18) දින සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. තැපැල් ස්ථානාධිපතිවරුන් ඇතුළු 17,500කට අධික සේවක පිරිසක් (97%ක පමණ සහභාගීත්වයක්) වර්ජනයට එක්ව ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


    වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන සහ උප තැපැල් කාර්යාල 653ම වසා දමා ඇති අතර, ලිපි භාරගැනීම, බෙදාහැරීම සහ මුද්දර අලෙවිය ඇතුළු සියලුම කටයුතු මේ වන විට නතර වී ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (17) පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ අතර,

    මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා සියලුම කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.

    ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් මෙම වර්ජනය කැඳවා ඇති බව පවසන වෘත්තීය සමිති, බලධාරීන් වෙත සති කිහිපයකට පෙර ලිඛිතව දැනුම් දුන්නද ඊට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව සඳහන් කරයි.

    කෙසේ වෙතත්, වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර ලෙස තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. දෙපාර්තමේන්තුව දැඩි ආදායම් ඉපැයීමේ උත්සාහයක නිරතව සිටින මොහොතක මෙම වර්ජනය කැඳවා තිබීම හමුවේ මෙම තීරණය ගත් බව ඔහු පවසයි.

    වෘත්තීය සමිති චෝදනා ප්‍රතික්ෂේප කරන තැපැල්පතිවරයා, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව තැපැල් සේවකයන්ගේ වැටුප් සහ අතිකාල දීමනා 40%කින් පමණ ඉහළ දමා ඇති බව පෙන්වා දෙයි.

    අනෙකුත් දෙපාර්තමේන්තුවලට වඩා වෙනස් ක්‍රමවේදයක් යටතේ අමතර ප්‍රසාද පැයද ඇතුළත්ව අතිකාල ගණනය කිරීමට උපදෙස් දී ඇති බවත්, අප්‍රේල් මස 01 වනදා සිට එම වැඩිවීම් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

    උදාහරණයක් ලෙස දෙවන ශ්‍රේණියේ සේවකයෙකුගේ වැටුප රුපියල් 15,433කින් සහ අතිකාල දීමනාව රුපියල් 22,275කින් ඉහළ ගොස් ඇති බවත්, පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 18,104කින් සහ අතිකාල දීමනාව රුපියල් 31,180කින් ඉහළ ගොස් ඇති බවත් පවසන තැපැල්පතිවරයා, වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයේ අසාධාරණයක් සේවකයන්ට සිදුවී නොමැති බවට අවධාරණය කළේය.


    finger machine dapu eka nam super.
    mun karanne letters tika pata gala bedala gedara yana eka
    godak un 12.30 weddi gedara
    munge production eka hariyata hadala ganna ona
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,611
    100,845
    113
    කොහොමද ලපයා ඇවිත් මෙහෙම කිව්වොත්

    mr bean dreaming GIF
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන සහ උප තැපැල් කාර්යාල 653ම වසා දමා ඇති අතර,

    Eeyeth beduwa mehe nam.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඕකේ වැඩකරන උන්ට උවමනාවක් නෑ ආයතනය දියුණු කරන්න , කරනවා නම් ලංකාව පුරාම විසිරුණු හොඳම කුරියර් සේවාව කරන්න පුළුවන් ආයතනය තමයි තැපෑල
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    අහ් ඕවා අාණ්ඩුවට පුරුදුයි..ඵයාලම කිව්වද දන්නෑ ස්ට්‍රයික් කරපන් කියලා..යාළුවෝ නේ..🤭
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අද දෙරණ වැඩසටහනකදී OT ගැන මෙහෙම කිව්වා. කවුරුහරි තමුන්ගේ වැඩට අමතරව වෙන section එකක් වැඩ කරනවා නම් එයාට OT ගෙවනවා.
    උදාහරනෙකට මම පැය 4 මගේ section එකේ වැඩ. ඉතිරි පැය 4 අනිත් section එකේ වැඩ.

    දවසට වැඩ කරපු කාලය = පැය 8 + OT පැය 4 = පැය 12
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    තැපැල් එකේ ලියුං තියා ෆැක්ස් එකක් වත් අදකාලේ නෑ.

    හැබැයි ඔය තැපැල් එකේ පඩි හදනකොට අස්පයා පිටින් ගිය දුර කියලා එකක් දානවලු තාම. 🤐
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අද දෙරණ වැඩසටහනකදී OT ගැන මෙහෙම කිව්වා. කවුරුහරි තමුන්ගේ වැඩට අමතරව වෙන section එකක් වැඩ කරනවා නම් එයාට OT ගෙවනවා.
    උදාහරනෙකට මම පැය 4 මගේ section එකේ වැඩ. ඉතිරි පැය 4 අනිත් section එකේ වැඩ.

    දවසට වැඩ කරපු කාලය = පැය 8 + OT පැය 4 = පැය 12

    ඇයි සෙක්ශන් මාරු කරන්නේ

    මිනිස්සු මදිද?

    සෙට් වෙලා ගහන ගේමක් ද?
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අද දෙරණ වැඩසටහනකදී OT ගැන මෙහෙම කිව්වා. කවුරුහරි තමුන්ගේ වැඩට අමතරව වෙන section එකක් වැඩ කරනවා නම් එයාට OT ගෙවනවා.
    උදාහරනෙකට මම පැය 4 මගේ section එකේ වැඩ. ඉතිරි පැය 4 අනිත් section එකේ වැඩ.

    දවසට වැඩ කරපු කාලය = පැය 8 + OT පැය 4 = පැය 12
    :confused: