තැඹිලි වතුර බෝතල්

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,881
    8,234
    113
    රටවල් 7කට අපනයනය කරන හෙළකොකෝ තැඹිලි වතුර පානය
    100% තැඹිලි වතුර,
    සීනි, වතුර හෝ කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් යොදා නොමැත.
    HELACOCO KING COCONUT WATER.
    THE WORLD'S WONDER DRINK
    100%NATURAL 100% PURE KING COCONUT WATER.
    No added Preservatves, water and sugar.
    We export to US, UK, CANADA, GERMANY
    , NEW ZEALAND AUSTRALIA AND HONG KONG
    For more information
    www.helacoco.com
    +94718790060.

    156847359_2882259282061449_2249800098105903528_n.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මරු....

    ගෙඩියෙ ඇස්ස කපල කට තියල බීල, ලොඳ කන ආතල් එකනං නෑ ඉතිං.

    ඒත්, එහෙම ගෙඩි පිටින් රට යවන්නත් බෑනෙ.
    කාලෙකට ඉස්සෙල්ලා නම් මෙල්බන් වල ඩ්‍රින්කිං කොකනට් කියලා, ෆිජි/ටොන්ගා/සොලමන්දුපත් වලින් ගෙනාපු හොඳටම මෝරපු කුරුම්බා තිබුනා. එකක් ඩොලර් 5 වගේ ගානකට(මේ කියන්නේ අනූවේ දශකයේ) තමයි තිබුනේ. මිල වැඩි නිසා විකුනුනේ බොහොම අඩුවෙන්. සතියකින් දෙකකින්, මේවායේ ලෙල්ල ටික ටික අව පැහැ ගැන්වෙන කොට ඩොලර් දෙකට තුනට දුන්නා. එතකොට මම වතුර හෙලවෙන පොල් තෝරාගෙන ඇවිල්ලා, පොල් උලක් හදාගෙන, ඒවා ලෙලි ගහලා, වතුරත් බීලා, "කලටි පොල් සම්බෝල" එහෙමත් හැදුවා.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කාලෙකට ඉස්සෙල්ලා නම් මෙල්බන් වල ඩ්‍රින්කිං කොකනට් කියලා, ෆිජි/ටොන්ගා/සොලමන්දුපත් වලින් ගෙනාපු හොඳටම මෝරපු කුරුම්බා තිබුනා. එකක් ඩොලර් 5 වගේ ගානකට(මේ කියන්නේ අනූවේ දශකයේ) තමයි තිබුනේ. මිල වැඩි නිසා විකුනුනේ බොහොම අඩුවෙන්. සතියකින් දෙකකින්, මේවායේ ලෙල්ල ටික ටික අව පැහැ ගැන්වෙන කොට ඩොලර් දෙකට තුනට දුන්නා. එතකොට මම වතුර හෙලවෙන පොල් තෝරාගෙන ඇවිල්ලා, පොල් උලක් හදාගෙන, ඒවා ලෙලි ගහලා, වතුරත් බීලා, "කලටි පොල් සම්බෝල" එහෙමත් හැදුවා.
    මම වීඩියෝවක දැක්ක, කුරුම්බ ලෙල්ල අයින් කරල වතුර ටික ලොඳය එක්කම බෝලයක් වගේ පරිස්සමට වෙන්කරල අරගෙන පැකට් කරල රට යවන ක්‍රමයක්.
    ඒක සාර්ථකයිද දන්නෙ නෑ. තාම ලංකාවෙනං එහෙම යවන්නෙ නැතුව ඇති.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම වීඩියෝවක දැක්ක, කුරුම්බ ලෙල්ල අයින් කරල වතුර ටික ලොඳය එක්කම බෝලයක් වගේ පරිස්සමට වෙන්කරල අරගෙන පැකට් කරල රට යවන ක්‍රමයක්.
    ඒක සාර්ථකයිද දන්නෙ නෑ. තාම ලංකාවෙනං එහෙම යවන්නෙ නැතුව ඇති.
    කුරුම්බා ලෙලි ගහලා (මැෂින් එකකින් ලෙල්ල අඟල් බාගයක් විතර ඉතුරු වෙනකම් ගානට බෝලේ වගේ කපලා අයින් කරලා) vacuum pack කරලා විකුනන්න තියනවා. ඒවා තියෙන්නේ, cooler display එකක මිසක් එළියේ නොවෙයි.
     
    • Love
    Reactions: PHBhagya