කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රශ්නය – කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා, දිගින් දිගටම විපක්ෂය චෝදනා කරනවා.
“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“
****දැන් සැපද ගු ඇන් පි පොන්සියනේ දැන් හරිද විකුණුවද වරාය, පව් යකෝ ගු ඇන් පි ගොන් බඩු ලොල්
@erozan පලමුවත් මගේ රට දෙවනුවත් මගේ රට තෙවනුවත් මගේ රට.