තිබුණා නම් හුඟක් ගී විචාරය

gepa

Well-known member
  • තිබුණා නම් හුඟක් ගී විචාරය

    සජිත් චතුරංග කියන්නේ ඒ වගේ අසාමාන්‍ය ඉවසීමක් තියෙන හෙළයේ පිනට පහළ වූ ගේය පද රචකයෙක්.
    සඳුන් පෙරේරාගේ ගාම්භීර පිරිමි පෞරුෂය මුඛයෙන් ගලා ගෙන එන්නේ හරියට සජිත් ලියන අත්දැකීම තමන්ගේ ම අත්දැකීමක් කරගත්ත වගේ. ඒ තරම් මේ අසහාය ගේය පද රචනාවත් එක්ක සඳුන්ගේ කටහඬ ආත්මීය බැඳීමකට එහා තැනකට ගමන් කරල තියෙනවා.
    මේ මං කියන්න යන ගීතය දැන් දැන් බස්වල ඔහේ දාලා තියෙනවා තමයි. ඒ උණාට ඒ ගීතය ඒ වගේ සරල ලයි‍න්වලින් ජනගත කිරීම ගැන මටත් තියෙන්නේ උහුලා ගන්න බැරි කැක්කුමක්. කොයි කොහොම උණත් සුන්දර දෙයක් බස් එකකට හිර කෙටිලා යනකොට කන් දෙකට ඇහෙනවා කියන්නේ ඇත්තට ම බස් එකේ ටිකට් දෙකකට සල්ලි ගෙවල උණත් ආයෙ ආයෙ යන්න හිතෙන තරම් නන්දනීය අත්දැකීමක්.
    ගීතයේ මුල් වචන කිහිපයෙන් ම අපේ ආත්මයට පිහියෙන් අනින්න සජිත් දක්ෂ වෙලා තියෙනවා.
    තිබුණා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ
    ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
    කහටක් හිතේ කොනවකවත් නෑ ඔබ කෙරේ
    සුළඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ
    ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්
    හමුවේවා කියා ඔබට මා පතනවා...
    මේ කියන්නේ අද අපිට අහන්න දකින්න ලැබෙන ඛේදවාචකයක්. මේ අන්තිම සංවේදී කතාව තමන්ගෙ පළවෙනි වචන තුන හතරෙන් ම අසන්නට තේරුං යනවා කියන්නේ ඇත්තට ම සජිත්ගෙ උත්සහාය කිරිගහට ඇන්න වගේ හරියන අවස්ථාවක්.
    තිබුණා නම් හුඟක්.. මේ යෙදුම ඇත්තට ම නන්දනීයයි. හුඟක් කියන එක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දී 'ගොඩක්, ගොඩාරියක්, හෙන, පට්ට, සීන්, තද, අම්බාන' වගේ එක එක වචනවලින් කිව්වට තමන් කියන්න යන අත්දැකීම් විවරණයට ගැළම ගැළපෙන වචනෙ හොයාගන්න සජිත් මෙතනදි දක්ෂ වෙලා තියෙනවා. ‘හුඟක්’.. හ්ම් .. ඒක මරු.
    ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ... මේ විදියට ඉතා ම ගැඹුරු සිද්ධි විමර්ශනයක් යන කොට අපි දන්නවා මේ කියන්නේ කෙල්ල දාලා ගියපු එකක් ගැන කියලා. ඕක අර වත්තෙයි මේ වත්තෙයි අර පාරෙයි, මේ වංගුවෙයි අර හඳ එලියෙයි, මේ ඇළපාරෙයි, මල් සුවඳෙයි, බඹර ගීයෙයි අරක මේක නොකියා කෙළින් ම ‘ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ’ කියල කිව්ව ගමන් අපිට හම්මේ ඇති යන්තං තේරුංගත්තා කියලා ආත්ම වින්දනයක් ඇති වෙනවා. නූතන විචාරකයො කියනව වගේ රසිකයා උපරිම චිත්ත සන්තුෂ්ටියකට පත් කරන එක ඇත්තට ම මේ ගීයෙ දෙවෙනි පේළිය වෙද්දි ම සිද්ද වෙලා.
    ඇත්තට ම මේ ගීතය මුළුමනින් ම අහල ඉවර වෙද්දිත් අපේ හිත නවතින වචනයක් තියෙනවා ඊළඟ පේළියෙ... කොනකවත්... හ්ම්... මේ තියෙන්නේ මේ ගීතයේ කූටප්‍රාප්තිය.. ඇත්තට ම කොනකවත් කියලා කියපු ගමන් අපිට මතක් වෙන ගොඩක් දේවල් තියෙනවා. නමුත් සජිත් දක්ෂ වෙනවා මෙතනදි අපි ව නිවැරදි දිශානතියකට ගෙන යාමට. කහටක් තමයි මේ කොනකවත් නෑ කියන්නේ.. ඒ කියන්නේ තමන්ගෙ පෙම්වතිය ගැන අබමල් රේණුවක් තරංවත් අවුලක් නෑ කියල තමයි මේ සුන්දර වචන හරඹයෙන් අපි ඉස්සරහ මේම මේම මවලා පෙන්නන්නේ. ඇත්තට ම මේ තරම් සරල ව සුන්දර ව පිහියෙන් අනින ආදරණීය ගේය පද රචකයෙක් ජාතියේ වාසනාවට ම තමයි බිහි වෙන්නේ.
    නිවැරදි උපමා උපමේය භාවිත නොකළොත් ඒ නිර්මාණය අපිට විස්වාස කරන්න බැරුව යනවා. දැන් මේ ගීතයේ සජිත් කියනවා සුළඟක් වගේ වෙන්වෙලා යාමක් ගැන. සැබැවින් ම අපි ආදරේ කරද්දි බොහෝ දේවල් නොපෙනී නොදැනී යනවා. මේ තැන දී ඒකට හරියට ම ගැළපෙන උපමාව ‘සුළඟක් වගේ’ කියලා යෙදීම ඇත්තට ම ‘කෝච්චියක් වගේ, තරාදියක් වගේ, රේසරයක් වගේ’ කියලා නොගැළපෙන උපමාවක් යොදාගැනීමෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක සජිත්ගේ උපමා භාවිතයේ තියෙන හැකියාවේ උපරිමය කියල මං විශ්වාස කරනවා...
    ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් ලැබේවා කියන එකත් කෙළින් ම වහෙං ඔරෝ නැතුව කියන්න ට්‍රයි කරන සජිත් ඒ මාර්ගයෙන් තමන්ගේ අවිහිංසක බලාපොරොත්තුව ගැන ඉතා සුන්දර ව අපිට පහදලා දෙනවා. ඉතිං මේ තියෙන්නේ රත්තරං ඇඟිලිවලින් ලියූ පද රචනයක් නොවේද?
    ජීවිතේ පරදුවට මා තියා
    පෙම් කළේ ඔබ වටිනවා සිතා
    තේරුණේ මම රැවටුණා කියා
    කාලයක් නොදැනීම ගත වෙලා
    මේ සියලු කතා කියාගෙන යද්දි සජිත් තමන්ගේ ආධුනිකත්වය අභිබවා යන තරමේ ජීවිත විවරණයක යෙදෙනවා. අපිට එදිනෙදා මාධ්‍යවලින් අහන්න දකින්න ලැබෙන බොහෝ සිදුවීම් වචන දෙක තුනකට කැටි කරලා මේ කරන සංග්‍රාමය ඇත්තට ම ආනන්දනීයයි. මාරයි.
    මේ හෘද සංවාදයෙන් පස්සෙ සජිත් තමන්ගෙ රසිකයා ආනන්දයෙන් ප්‍ර‍ඥාව කරා මෙහෙයවන හැටි මේ බලන්න..
    මේ භවේ යළි සිහිවෙලා එදා
    තේරුණොත් මම ඉස්තරම් කියා
    මන්දිරේ දොරගුල් කඩා දමා
    ආයෙමත් ඔබ එන්න මා සොයා
    තමන්ගෙ දුක අයියෝ අයියෝ ගියෝ කිය කියා අඬන්නෙ නැතුව සජිත් තමන්ගේ පෙම්වතිය නැවත බාරගන්න සූදානම් වෙන ඒ දුක්බර සීන්ස් එක ගැන හරි සංයමයෙන් කතා කරනවා. ‘මන්දිරේ දොරගුල් කඩා’ කියලා මේ කියන්නේ ඔබ මං හිතන විදියට අලවංගු දාලා සරනේරු ගලවලා දොරක් කඩන එකක් ගැන නෙමෙයි. මේ කියන්නේ තමන්ගේ ආදරේ හයිය ගැන. අපි හිතන විදියට ආදරේ බොළඳ දෙයක්. නමුත් ඒ තුළ ගැබ්වෙලා තියෙන අසීමාන්තික මෙව්ව එක මේ වචනවලින් සජිත් අපිට කෑ ගහලා කියනවා. හැබැයි සංයමයෙන්. ‘මා සොයා’ කියලා මේ තරම් විශේෂයෙන් කියන්නේ ඇයි කියන එක මං දවස් ගණනාවක් මගේ අභ්‍යන්තරයත් එක්ක කතා කරපු වස්තු විෂයයක්. ඔව්.. ඇත්තට ම අපේ පෙම්වතිය අපි ව දාලා ගියාට පස්සෙ අපි එතන ම චාටර් වෙවී ඉන්නෙ නෑ. අපිත් යන්න යනවා. ඉතින් ආයෙ පෙම්වතිය අපි හිටිය තැනට අර කිව්ව විදියට දොරගුල් කඩලා එද්දි පෙම්වතා නෑ. ඔහු ගිහිල්ලා. ඉතින් පෙම්වතියට සිද්ද වෙනවා පෙම්වතා සොයා යන්න. ඒ සමාජ සංසිද්ධිය තමයි ඔය ‘මා සොයා’ කියන යෙදුමෙ තියෙන්නෙ කියලා මට හිතෙනවා.
    මං දෙතුන් වතාවක් කල්පනා කළා ඇයි මේ පුනරුක්ති දෝෂය මේ ගීතයේ තියෙන්නෙ කියලා. ඇයි අප්පා දෙතුන් පාරක් ම ‘කහටක් හිතේ’ ‘කහටක් හිතේ’ කියනවා... හැබැයි ඒක තමයි මේ ගීතයේ තියෙන අව්‍යාජ බව.. ඇත්තට ම අපේ බූට් කාපු පෙම්වතෙක් ලේසියෙන් දෙයක් එක පාරක් කියල නවත්තන්නෑ... ‘මට ඕකි ඕන්නෑ බං’ කියලා මේම හැරිලා ආයෙ ‘මට ඕකි ඕන්නෑ බං’ කියලා කියනවා සෙනික ව. ඉතිං ඒ හුදු මානුෂිය ගුණය තමයි ඔය දෙතුන් පාරක් එක ම එක ම කිය කිය සජිත් පෙන්නන්න හදන්නේ.
     
    • Like
    Reactions: jmzsl and kasun137

    monson

    Well-known member
  • May 7, 2007
    25,586
    28,520
    113
    Sarala bashawen liwwath bara wachana dammath matanam kokath ekai. Mokada sinduwak ahala upadiyak gannada.

     
    Last edited:
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • Sarala bashawen liwwath bara wachana dammath matanam kokath ekai. Mokada sinduwak ahala upadiyak gannada.



    ඒ උනාට මේවා වැඩි වෙනකොට ප්‍රයිවෙට් බස් වල යන අපිට හරි පාඩුයි බං.. බස් එකේ ශටර් එකෙං බෙල්ල එලියට දාගෙන හුලං සැර අහගෙන යන්නේ මං ඔය සිංදු ඇහෙනකොට
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ඒ උනාට මේවා වැඩි වෙනකොට ප්‍රයිවෙට් බස් වල යන අපිට හරි පාඩුයි බං.. බස් එකේ ශටර් එකෙං බෙල්ල එලියට දාගෙන හුලං සැර අහගෙන යන්නේ මං ඔය සිංදු ඇහෙනකොට[/SIZE]


    :D:D
    මම නම් යන්නම ඌන උනොත් train එකක් අල්ලගෙන යන්නේ ඔවයි live showයි අහන්න බැරි නිසා බන්
     
    • Like
    Reactions: gepa

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් ඔය විචාර දෙන උන්ට ඔහොමවත් වචන ටිකක් ගැලපෙන්න ගැටගහගන්න බැහැ බන්...උන් දන්නේ විචාර විතරයි...ඌ ඉතින් ලියල තියෙන්නේ සරල ම භාෂාවෙන්...එකේ වැරද්දක් කියන්න බැහැ...මොකෝ මේවා භාවිතයේ නැති වචන නෙමෙයි නේ...

    එක්කෙනෙක් කියල තිබ්බ ඉස්තරම් කියන එක ගැන...ඉස්තරම් කියන්නේ හොඳ සිඞ්හල වචනයක් නේ...වැරද්දක් නැහැ...අවුල තියෙන්නේ අපේ හීන මානයේ...

    මම නම් මේ සින්දු අහන්නේ නැහැ කොහොමත්...ඔය සින්දුව ඇහිලා තියෙනවා..උබ කිව්වා නිසාම අද අහල බලන්න ඕනේ...කොහොමත් ඕව සෙට් වෙන උන් ඉන්නවා..
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සත හෑත්තෑපහේ සින්දුවකට ලක්ශයක විචාරයක්!
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    පට්ට සාකැස්ටික් යකෝ... මැරෙනව හිනාවෙලා...
     

    gepa

    Well-known member
  • මම මේක අද තමා මුල ඉදන් හරියට ඇහුවේ...සින්දුව මට නම් සිරා ලස්සනයි...:yes:

    සත හෑත්තෑපහේ සින්දුවකට ලක්ශයක විචාරයක්!

    පට්ට සාකැස්ටික් යකෝ... මැරෙනව හිනාවෙලා...

    :angry::angry::angry::angry: