තිරිසන්නු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නිකවැරටිය කොටවෙහෙරදි 13 හැවිරිදි දැරියකට අතින් පයින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොන්නැකුලම ග්‍රාම නිලධාරිනියගේ අද (4) වැඩ තහනම් කර ඇත.

    රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව මෙම වැඩතහනම සිදුකර ඇති බව රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශය පවසයි.

    මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මොන්නෑකුලම ග්‍රාමසේවා නිලධාරිනිය වශයෙන් කටයුතු කළ ආර්.එම්. දිල්හානි රත්නකුමාරි නැමැත්තිය බවද අමාත්‍යාංශය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට අමාත්‍යාංශයේ නිලධාරින් කණ්ඩායමක් ලබන සඳුදා නිකවැරටියට යාමට නියමිතයි.​
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයෙන් 13 හැවිරිදි දරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ග්‍රාම නිලධාරිනිය ඇතුලු සැකකාරියන් දෙදෙනා මෙම මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසට නිකවැරටිය මහේස්ත්‍රාත්වරිය අද (04) නියෝග කළාය.

    මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුයේ දැරියගේ සුළු මව බව කියන නිල්මිණි රත්නකුමාරි සහ මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනිය වු දිල්හානි රත්නකුමාරි නැමති දෙදෙනාය.

    මොවුන් දෙදෙනා සමග අත්අඩංගුවට ගත් දැරියගේ පියා ශරීර ඇප 2ක් මත මුදා හැරිමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

    සැකකාරියන්ගේ අමානුෂික ප්‍රහාරයට ලක් වු දැරිය නිකවැරටිය රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් පසුවේ.​
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටීවී එකේ යනකම් අත්තදන්ගුවට ගන්නේ නැති රටක්

    මේවා කවදා වෙනස් වෙයිද? නිතිය තියෙන්නේ සල්ලි කාරයන්ට විතරයි :love::love:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,608
    25,488
    113
    ටීවී එකේ යනකම් අත්තදන්ගුවට ගන්නේ නැති රටක්

    මේවා කවදා වෙනස් වෙයිද? නිතිය තියෙන්නේ සල්ලි කාරයන්ට විතරයි :love::love:

    ඇයි උබ හිතුවද දිවැස් තියෙනවා කියලා හොයාගෙන ගිහින් ඇරෙස්ට් කරන්න :oo: වීඩියෝ එක නිසා තමයි මිනිස්සු දැනගත්තේ ඔහොම දෙයක් උනා කියලා :rolleyes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෝසි ආච්චි;25064023 said:
    ඇයි උබ හිතුවද දිවැස් තියෙනවා කියලා හොයාගෙන ගිහින් ඇරෙස්ට් කරන්න :oo: වීඩියෝ එක නිසා තමයි මිනිස්සු දැනගත්තේ ඔහොම දෙයක් උනා කියලා :rolleyes:

    මේක බලලා වරෙන් විද්‍යෝ එක රිලීස් කරන්නේ කරන්න දෙයක් නැතිම වෙනකොට

    පොලිසිය පෑමිනිල්ල ලියාගන්නේ වත් නැහැ මේක පලවෙනි පාර නෙමේ ලු ....

    මේ වගේ දේවල් අමුතු වැඩ නෙමේ උබට වැඩියෙන් කියක් හරි වියදම් කරන්න පුළුවන් නම් කනෙක්සන් හොදට තියෙනවානම් ඕන දෙයක් කරගන්න පුළුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,652
    113
    Mother Earth
    කවුද බන් මේක රෙකෝඩ් කරපු එකා ? ගෑනු දෙන්නා උදේ නැගිටල නයිටිය පිටින් ඉන්නෙ. මම හිතන්නෙ උදේට කිරි ගේන එකාද කොහෙද රෙකෝඩ් කරල තියෙන්නෙ. :oo:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    wadata gehin eken lajja una kiyala ne gahnne dan owa adenawa aduma gane e kellata pariwaseta wela hari inna puluwan dan.

    samahara wita thatha nathuwa athi.
    පරිවාසේට ගියොත් පරිවාසේට ඇවිත් මරනවා කියනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,747
    8,070
    113
    Kotahena
    මේ නිකවැරටිය පොලිස් බල ප්රදේෂයට අයත් නිකවැරටිය කොටවෙර ප්රදේෂයේ සිදුවීමකි මේ සිදුවීම #hirufm අපිට වාර්තා උනේ පෙරේදා පස්වරුවේ කුඩම්මා 32 හැවිරිදි ගැබ්නි තරුනියකි ඇය හා ඇගේ සොහොයුරිය ග්රාමනිලදාරි වරියන් වන ඇගේ ඉහත සදහන් 32 හැවිරිදි කුඩම්මා විසින් 13 හැවිරිදි දියනිය හට පහරදෙන්නේ ඇයගේ පෙර තිබූ අනියම් සබදතාවය පිළිබඳ 13 හැවරිදි දියනිය විසින් අසල් වාසියෙක් හට හෙලි කෙරීම හේතුවේන්
    ඉතා ආමානුෂිකව පහර දෙන ආකාරය පහල වීඩියෝවෙන් දැක ගත හැක කෙසේ වෙතත් මේ පහර දීම සම්බන්නදයෙන් අදාල සැකකාර කාන්තාව හා ග්රාමනිගලදාරී වරිය ඵම දෙදෙනා කොටවෙහෙර පොලිසිය විසින් අත්තංගුවටගෙන ඇති බව කියා සිටියා

    කෙසේ නමුත් අදාල දැරියගේ මවද ඇය අතහැරගොස් ඇති බව සදහන් වේ. කෙසේ නමුත් මෙවැනි දරුගැබක් දරා සිටින කාන්තාවක් හැසිරිය යත්තේ මෙවැනි ආකාාරයටද යන්න සුවහසක් ගැබැනි මව්වරුන්ටත් පිලිකුලක් ගෙන ඵන්නක්.

    පහරදීම දැක්වෙන 2වන වීඩියෝව තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න .

    America වල ඕක leak උනා නම් ඔය ගෑනි ට ලැබෙන්න ඉන්න ලමයා ට වත් අයිතිය නැති වෙනවා.

    මෙහෙ නීතිය බලු වෙලා. පරිවාසෙ මරණවා කියලත් කියන්නේ.

    කවුරු හරි ළමයි නැති නමුත් ලමයින්ට ආදරේ කෙනෙක් ඉන්නවා නම් අරං හදාගන්න පුළුවන්.. ලොකු පිනක් වෙයි
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,747
    8,070
    113
    Kotahena
    මේ නිකවැරටිය පොලිස් බල ප්රදේෂයට අයත් නිකවැරටිය කොටවෙර ප්රදේෂයේ සිදුවීමකි මේ සිදුවීම #hirufm අපිට වාර්තා උනේ පෙරේදා පස්වරුවේ කුඩම්මා 32 හැවිරිදි ගැබ්නි තරුනියකි ඇය හා ඇගේ සොහොයුරිය ග්රාමනිලදාරි වරියන් වන ඇගේ ඉහත සදහන් 32 හැවිරිදි කුඩම්මා විසින් 13 හැවිරිදි දියනිය හට පහරදෙන්නේ ඇයගේ පෙර තිබූ අනියම් සබදතාවය පිළිබඳ 13 හැවරිදි දියනිය විසින් අසල් වාසියෙක් හට හෙලි කෙරීම හේතුවේන්
    ඉතා ආමානුෂිකව පහර දෙන ආකාරය පහල වීඩියෝවෙන් දැක ගත හැක කෙසේ වෙතත් මේ පහර දීම සම්බන්නදයෙන් අදාල සැකකාර කාන්තාව හා ග්රාමනිගලදාරී වරිය ඵම දෙදෙනා කොටවෙහෙර පොලිසිය විසින් අත්තංගුවටගෙන ඇති බව කියා සිටියා

    කෙසේ නමුත් අදාල දැරියගේ මවද ඇය අතහැරගොස් ඇති බව සදහන් වේ. කෙසේ නමුත් මෙවැනි දරුගැබක් දරා සිටින කාන්තාවක් හැසිරිය යත්තේ මෙවැනි ආකාාරයටද යන්න සුවහසක් ගැබැනි මව්වරුන්ටත් පිලිකුලක් ගෙන ඵන්නක්.

    පහරදීම දැක්වෙන 2වන වීඩියෝව තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න .

    මුලින්ම මගේ youtube එකක් නෙමේ

    කොටු පැනපු සින් එකක් වගේ හරියටම දන්නේ නැහැ සතියක් වගේ පරණ සින් එකක් බැරිම තැන සාමජෙන් තල්ලුවක් ගන්න තමයි ලික් කරලා තියෙන්නේ
    සල්ලි වලට නැවෙන කැරි පොලිස් බල්න්නට පරිවාසේට හෙන හතම වදින්න ඕනේ

    ලංකාවේ හැටි මෙහෙම තමයි සල්ලි වලට බලයට ඕන දෙයක් කරන්න පුළුවන්. පොලිසියේ පැමිණිලි ලියාගන්න බැහැ කියන දෙය මැජික් නෙමේ . දුප්පත් නුගත් නම් මුන් කොහොමත් මෙම තමයි වැඩ කරන්නේ . බේරෙන්න පැමිණිල්ල ලියාගත්තත් සල්ලි වලට නැමෙන වෙස පොලිස් කාරයෝ විබාග කරන්නවත් එන්නේ නැහැ

    අපි සිහින ලෝකවල බන් ඉන්නේ ප්‍රශ්නයක් වුනොත් තමයි වෙස පොලිස් කාරයන්ගේ කෙරුවවා බලන්න පුළුවන්

    Video කරපු එකාව arrest කරන්න ඕන කිව්ව ලමා කාන්තා එකේ බැල්ලිට වැට මාර බස්සන්න ඕන
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,747
    8,070
    113
    Kotahena
    කවුද බන් මේක රෙකෝඩ් කරපු එකා ? ගෑනු දෙන්නා උදේ නැගිටල නයිටිය පිටින් ඉන්නෙ. මම හිතන්නෙ උදේට කිරි ගේන එකාද කොහෙද රෙකෝඩ් කරල තියෙන්නෙ. :oo:

    Video කරලා තියෙන්නෙ තව ලමයෙක්. ඌ ට තර්ජනය කරල තියෙන්නෙ ඌව arrest කරනවා කියලා. ඕක TV එකේ යනකන් පත්තු වුණේ නෑ නෙ.
    නීතිය ඉතින් සල්ලි වලට විතරයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පරිවාසේට ගියොත් පරිවාසේට ඇවිත් මරනවා කියනවා

    ewa bila thraha giya welawata kiyana ewa ehema pariwaseta gehin maranna puluwan nam monawa karanna barida onna e ganu kela amathi kenek wage nam oka tikak hari pili ganna thibba.:rofl::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හම ගහලා හරි ළමය හරියට හදා ගන්ඩෝනා
    මේකෙ ඉන්න පොන්නය වගේ වෙනවා නැත්තං :frown:

    ළමයි ගහලා හදන්න ඕනේ කියලා කියන ගල් පොන්සියන්ට,

    “Say No to Physical Punishment”
    " මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා..
    මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා...
    ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි ....
    මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය)
    මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි..

    එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා..
    කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි..
    මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි
    කසුන්÷අනේ බං අනික මට අද උන වගේ..
    මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා..

    වෙලාව සවස 7 ත් 8 ත් අතර..
    ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න..
    ( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව )
    ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්...

    සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ...
    පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා..
    *කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත්
    *සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම.
    *ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව..
    *විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව

    ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි...
    තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...?
    මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු...

    සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කි‍යෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය..
    ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා..
    ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි..
    , “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි
    මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා..

    #සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි
    😣මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා😣
    ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා..
    “මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්,
    එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..”

    @ශෙයා කරන්නද කියලා අහන්න එපා,
    මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..🤚

    පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි..
    මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන
    😥සුම්ර ගුනසේකර😥
     
    • Like
    Reactions: KavinduDD

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතා මෙම අත්හිටුවීම කර තිබේ.
    නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර දැරියකට මොන්නෑකුලම ග්‍රාම නිලධාරිනියක සහ දැරියගේ සුළු මව බව කියන කාන්තාවක විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මිත්තණිය මෙම පොලිස් ස්ථානවලට පැමිණිලි කිරීමට ගොස් තිබිණි. එහිදී එම පැමිණිලි බාරනොගෙන ඇය ආපසු හරවා යැවීම හේතුවෙන් රාජකාරිය බරපතල ලෙස පැහැර හැරීම මත මෙම ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය අත්හිටුවා ඇත.
    මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ, නිකවැරටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී, උප පොලිස් පරීක්ෂිකා ඉමාලි ලක්ෂි හේමචන්ද්‍ර සහ කොටවෙහෙර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා සඳරේඛා අත්තනායක වන මහත්මීන්ය.
     
    හොද වැඩේ කාක්කන්ට හැබයි ලොක්කෝ නෙමේ යන්නේ සොක්කෝ සති දෙකට ආයි වැඩට ගනී උණුසුම ඉවර වුනාම
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    ළමයි ගහලා හදන්න ඕනේ කියලා කියන ගල් පොන්සියන්ට,

    “Say No to Physical Punishment”
    " මේ දින වල ප්‍රසිද්ද අවුරුදු 15 ළමයට පෙරළගෙන ගහන වීඩියෝ දුටු මට එය ඉතාමත් සරල දෙයක් උනේ මං පුංචි කාලේ ඉඳන්ම මා ඇසුරු කරපු පරිසරය මට එය සරල දෙයක් බවට පත් කර හමාර කර තිබූ නිසා....ඉපදිලා මාස ගණනකින් ළමා නිවාස ගතවුණු මට..එම දරදඬු පරිසරය විසින් එම ක්‍රියාවන් මාගේ ඇසට හුරු කරා...පුංචි කාලේ මගේ අම්මා මාව දාලා ගියාට පස්සේ මම ළමා නිවාසයක තනි උනා...එතැන් පටන් මට ඔය ගුටිකෑම් බෙලි මිරිකීම් කෙල ගැසීම් වැනි කාරණා සරල දේවල් වුණා..
    මේ මගේ ඒ අඳුරු මතකයේ පුංචි දිග හැරීමක්...මගේ අම්ම මාව පුංචි කාලේ දාල යන්නේ මං කිරි බොන ළදරු අවදියවත් පසු නොකරපු කාලයක...එතැන් පටන් විසි වසරක් පුරාවට මා විඳි අඳුර මතකය ඒ ප්‍රසිද්ධ වුණු වීඩියෝව දුටු විට නැවත නැවත මට මතක් වුණා...
    ඇත්තම කාරණය එම video එක බලල අවසන් වන මට මං කියාගත්ත එකම දේ ඔය කෙල්ලට වඩා මං අම්බානකට ගුටි කාලා තියෙනවා කියල විතරයි ....
    මාගෙ විසි වසරක ජීවිතය පුරාවටම ළමා නිවාස කිහිපයක ජීවත් වීමට සිදුවූ නිසා..මා විඳි කෲරතම දඩුවම් විදි ස්ථානයේ නම මෙහි සදගන් කරමි...(කුරුණෑගල ගේබ්‍රියල් trust ළමා නිවාසය)
    මම ගුටි කාලා තියන සමහර හේතු ඇහුවොත් ඕවට ළමයෙක්ට ගහන්න ඕනද කියලත් හිතෙයි..

    එක්තරා සැන්දෑ යාමෙක...දිනපතා සිදු වන මල් පැල වලට වතුර දැමීම කර්තව්‍ය සදහා මම සහා මගේ අතිජාත මිත්‍ර කසුන් (kasun perera) සවස හතර හමාරට පමණ වත්තට යන්නේ දිනපතා සිදුකරන වතුර දැමීම සදහා..
    කසුන්÷ සුමියා අද වතුර නොදා ඉමු අහස අහින පාටයි..
    මං÷ බෑ බෑ බං ලොකු සර් ආවොත් එහෙම ගුටි කන්න වෙයි
    කසුන්÷අනේ බං අනික මට අද උන වගේ..
    මං÷හරි එහෙනම් අද නොදා ඉමු..ලොකු සර් ඇහුවොත් කියමු වතුර දැම්මා කියලා..

    වෙලාව සවස 7 ත් 8 ත් අතර..
    ලොකු සර්÷ මෙහෙ වරෙන් යන්න වතුර දැම්මා ද කියලා බලන්න..
    ( කකුලෙන් මල් පැල අවට අල්ලමින්...තොපි එකෙක්වත් වතුර දැම්මේ නෑ නේද ආව මෙතන බොරු කියන්න මෙහෙ වරෙල්ලා...ගලවපියෝ ඔය ඇඳුම්..අල්ලගනින් ඔය කණුව )
    ඔහු අපිට ගැසීමට යොදා ගන්නේ ඔහුගේ කලිසම වටා එතුණු ලෙදර් බෙල්ට එක...අදටටත් මගේ පිට හරියට බලන කෙනෙක්ට දැකගන්ඩ පුළුවන් බෙල්ට් පාරවල්...

    සමහර විට මං නම් හිතන්නේ නාසරෙත් තරුනයා කාපු කස පහරවල් වලට වඩා දරුණු පාරවල් මං කුඩා කාලයේ කා ඇත..තවමත් ඒ රිදුම් මගෙ මනසට වද දේ...
    පුංචි කාලයේ ඉඳන් මං ඉගෙන ගන්න අදක්ෂයෙක් උනාට විශය බාහිර ක්‍රියාකාරකම්වල දී පාසලේ ඉදිරියෙන්ම හිටියා..
    *කථික තරඟ වලින් පිට පිට පස් වතාවක් ම ප්‍රථමයා වීමේ වරමත්
    *සිංහල සාහිත්‍ය සමිතියේ වසර දෙකක් පුරාවට එක දිගට ම සභාපති තනතුර ලැබීම.
    *ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමේ අවස්ථාව..
    *විවාද කණ්ඩායමේ නායකයා වීමේ අවස්ථාව

    ඒ නිසාම ගෑනු ළමයිගෙ ආකර්ශනය ලැබුණ... සාමාන්‍යයෙන් පාසලේ පැවැත්වෙන සෑම උත්සවයකටම මගේ කතාවක් අනිවාර්ය වීම සාමාන්ය දෙයක් වුන..එම හේතුව නිසා ම..ප්‍රේම පලහිලව් කීපයක වරදකරු වීමට සිදු වූ නිසා...ළමා නිවාසය තුළින් මා හට දුන් දඩුවම වන්නේ ඇදුම් සියල්ලම කළ ගලවා නිරුවත් වී හැම කෙනා ලගටම ගොස්.."මං ආයෙ ගෑනු ළමයි එක්ක යාලු වෙන්නේ නෑ" යන වාක්‍ය කීමටයි...එවිට ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට කිරීමට අණ ලැබී තිබුනේ මා හට කෙල ගැසීමයි...අදටත් මට පාරේ යන යමෙක් බිමට කෙල ගසන්නේ නම් මට ඒඅඳුරු මතකය මතක් වෙයි...
    තවත් එක්තරා දිනයක උදෑසන අවදිවීමට විනාඩි කීපයක් පරක්කු වූ නිසා දඩුවම වශයෙන් ලැබුණේ..එදා රාත්‍රියේ මටත් නොකියා කහඹිලියා කොල මගේ බෙට් ශීට් වල ඇතිල්වීමයි..එදා රාත්‍රිය මට කිසිදා අමතක නොවන රාත්‍රියකි..මුළු රාත්‍රියම නිදිවර්ජිතව එක අතකින් ඇග කැසීම කොතරම් අපහසුද...?
    මා පෙර පැවසූ පරිදි පාසලේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි..එයට අකමැති වූ ළමා නිවාස පාලනාධිකාරය මට දුන් දඩුවම වන්නේ..පෙරදින රාත්‍රියේ කාල සටහනකට අනුකූලව සෑදූ මාගේ බෑගය වතුරට දැමීමයි..ඒ වතුර පිරුනු ඒ පොත් බෑගය මා එල්ලාගෙන යන විට සමහරු මට සිනාසුනේ කොක් හඬලාය අදටත් මට එම අදුරු මතක අමතක නොවේ..එම අතීතයේ හැමදාම මට සිදුවූයේ ගුටි කෑමට පමණය..පසුව මට ගුටි කනවා කියන එක හරිම සරල දෙයක් වූයේ ඔබ එදා නරඹපු වීඩියෝ එකේ ඉන්න දරුවා ගුටි කනකොට කිසිවක් නොකර ඉන්නා ආකාරයටමය.. සමහර දවස් තිබුණා කොච්චර වේදනාවක් ආවත් එය නොපෙන්වා සිටීමට තරම් මා දරදඩු වුනු...

    සමහර දවස්වලට මට මේ වේදනාව කීමට කෙනෙක් නැති තැන...අම්මා නෑ කිය කිය දැන දැනත් මං අම්මට ලියුම් ලීවා..සහ ලියන්න උත්සහ කරලා තියනවා.. ඒත් කාට හරි හමුවෙලා කි‍යෙව්වොත් මට පිස්සු කියල හිතයි කියන බයට ලියපු ගමන්ම අනිත් පැත්තට පොඩි කර කටට ඔබ ගන්නේ ගන්නේ කටේ දත් වල බලයට ශේශ වන කොල කාටවත් එකතු කර හෝ කියවීමට නොහැකි වන පරිදි ය..
    ඔව් එහෙම ළමයි ලොකු වෙන්නෙ සමාජෙත් එක්ක ඇරියස් තියාගෙන.. මාත් එහෙමයි, මට මේ පවතින සමාජ තත්වයන් එක්ක ලොකු ඇරියස් එකක් තියනවා.. ටිකක් ලොකු වෙනකොට සමාජය අපට කියලා දෙනවා වැඩිහිටියන් අපට ගහන්නේ අපිට තියෙන ආදරේට ගියල.. එතකොට මම ඒක කියවගන්නෙ ඔයාලා ඒක කියවගන්න තැනින් නෙමෙයි..හරි අමුතු ම තැනකින්.මම ඒක කියවගන්නෙ අනිත් පැත්තට, "යකෝ ඒ කියන්නෙ මං වගේ ළමයි මේ ලංකාවෙ තව කොච්චර ඇත්ද..?" ඒ තමයි මගේ කියවාගැනීම.. ඇත්තට ම මං වගේ ළමයි දහස් ගාණක් මේ ලංකාවෙ.ලමා නිවාස වල,පිරිවෙන් වල ඉන්නවා.. මට ඒක අත තියලා කියන්න පුළුවන් ෂුවර් එකකුත් තියනවා..
    ලොකු වෙද්දි මම හිතාගෙන හිටියෙ ළමයි හොඳට හැදෙන්නෙ උන්ට ගැහුවොත් කියලා.. මොකද මම හැදුණෙ එහෙම නිසා.. මට කාලයකට පස්සේ කසුනගෙන් මැසේජ් එකක්..ඌ එක්ක ඒ කතා කරන දේවල් අතර නොවරදින මාතෘකාව වන්නේ කුරුණෑගල ළමා නිවාසය තුල අප විදී වේදනාවයි..
    , “ළමයින්ට හොඳින් ඉගැන්නුවම උන් ඒක හරියට ඉගෙනගන්නවා, ගහනකොට තවත් මුරණ්ඩු වෙනවා..” ඒ උගෙ මතය යි
    මං දන්නවා ටික වෙලාවක් යද්දි මගේ මෝඩ මොළේට ඒක තේරුණත් එවෙලෙ බොරුවට තර්ක කරලා කටවහන් හිටියා.. ඒත් පස්සෙ කල්පනා කරලා බලද්දි මට ඌ හරි කියලා තේරුණා..

    #සමහර #විට #මේ #ඔබේ #කතා #විය #හැකියි #සමහරවිටමීට #වඩා #ඔබේ #කතාව #වෙනස් #විය #හැකියි #මීට #වඩා #ඔබේ #කතාව #දුක්බර #විය #හැකියි
    😣මං හිතන් හිටියට ළමා නිවාසේ තමයි දරුණුම ජීවිතේ තියෙන්නෙ කියලා සමාජයට අවාම තේරෙනවා සමාජයත් කොයිතරම් නම් දරුණුද,කෘරතර,තුච්චද කියල..අපිට ජීවත් වෙන්ඩ කියල ගරියට බැලුවොත් තැනක් නැහැ..ඒ තරම් මේ පවතින තත්ත්වය හරිම අප්‍රසන්නයි ගඳ ගහන සුළුයි...කුණු වලින් පිරිලා😣
    ප.ලි : කවදාවත් ළමයින්ව ගහලා හදන්නෙපා, ගේ අතුගානකොට කොතනහරි දූවිලි තිබුණා කියලා මරාගෙන කන්න හදන්නෙපා.. උන් ලොකු වෙලා ෆේස්බුක් ඇවිත්, විනාඩියට වචන 1000ක් විතර ටයිප් කරගන්න පුළුවන් තරම් හෙළකුරු ප්‍රැක්ටිස් උනාම මේ විදියට ලියලා දානවා..
    “මොකද උන් කැමති නෑ තව එක ළමයෙක්වත්,
    එක එකාගෙන් පොඩි ම පාරක්වත් කනවට..”

    @ශෙයා කරන්නද කියලා අහන්න එපා,
    මට ඕනෙ මේක පුළුවන් තරම් ශෙයා වෙන්න තමයි..🤚

    පසුවට ලියමි÷Hiru Dias අක්කිගෙ පෝස්ට් එකේ ශක්තියෙන් ලීවෙමි..අන්තිම වචන පේලි කිහිපය ඇයගෙන් උදුරාගෙන ලීවෙමි..සමාව අයදිමි..
    මං එදා ලෙදර් බෙල්ට් එකෙන් ගුටි කාපු..අදටත් මනසින් විදවන
    😥සුම්ර ගුනසේකර😥
    :sorry::sorry::sorry: