තිරිසන් අපාය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    51654179_10161451884680068_8164500837037506560_o.jpg

    අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ‌ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුක්ඛයට වඩා අතිශයින් මහත් ය.

    ඒ තිරිසන් සත්වයන් හට ආහාර පාන සපයා ජිවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වාභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට වන්නේය. සමහර විට වියළී මැරෙන්නට ද සිදු වන්නේ ය. ලෝකයෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝය. වාසස්ථානයක් පිළිවෙළ කර ගැනීමට නුවණ නැතිව ඔවුහු අව්වෙන් වියළෙමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇති තෙක් ම දුක්වන්නාහ.

    ඔවුනට සතුරෝ ද ඉතා බොහෝය. සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිට වන්නකු හෝ නැති බැවින් ඔවුහු නිරතුරුවම මරණ බියෙන් පෙළෙමින් සැඟවී සැඟවී වාසය කරනනාහ. රෝගයක් වැළදුන හොත් තුවාලයක් වුවහොත් එයට ප්‍රතිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත.

    රෝගයකින් හෝ තුවාලයකින් හෝ දුර්වලව වැටුණු කල්හි, මස් කොටා කෑමට, ඇස් උපුටා කෑමට, ලේ උරා බීමට, එන සතුන් මිස, දිය බිඳක්වත් ගෙනැවිත් දෙන, නෑයෙක් මිතුරෙක් ඔවුනට නැත. මැස්සන් මදුරුවන් විසින් ලේ බොද්දී, කපුටන් මස් කොටා කද්දී, හිවළුන් බල්ලන් විසින් මස් ඉර ඉරා අදිද්ඳි, මල මත්‍රා ගොඩේ වැටී බොහෝ තිරිසන් සත්ත්වයෝ මිය යෙති.
    ............
    හොඳ නො හොඳ පින පව් දතහැකි නුවණ නැත්තා වූ තිරිසන් සත්ත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව් ම ය. එබැවින් මරණින් මතු ඌට පැමිණෙන්ට වන්නේ ද වඩාත් දරුණු දුක් ඇති අපායකට ය. එබැවින් තිරිසන් සතාට ජිවත්වීම පමණක් නො ව මරණය ද මහත් වූ දුකකි.

    ඉපදීමය ජීවත්වීමය මරණය යන තුන ම ඒ සත්ත්වයන් හට මහත් වූ දුක් ම වන්නේ ය. එබැවින් තිරිසන් ස්කන්ධ පඤ්චකය දුඃඛ සතයය වන්නේය.

    චතුරාය්‍යර්‍ සත්‍යය
    -මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුක්ඛයට වඩා අතිශයින් මහත් ය"


    මේකට නම් එකග වෙන්න බෑ,,, මිනිස්සුන්ගේ conciousness එක සත්තුන්ට වඩා ගොඩක් සංකීර්ණ නිසා මිනිස්සුන්ට තමයි දුක කියන එක ලොකුවට දැනෙන්නේ...
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉපදීම දුකකි


    හැම ඉපදීමක්ම දුක නැහැ, අපේ කැමැත්තට නැති ඉපදීම පමණයි දුක.
    උදා: දෙවියෙක්, බ්‍රහමයෙක් වී ඉපදීම සැපයි නමුත් තිරිසනෙක්, ප්‍රේතයෙක් වී ඉපදීම දුකයි.

    my 2 cents ;)