බලපත්ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කර තිබේ.
තීරණය දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකාර තිලින ගමගේ මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.
ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බව ද අධිකරණය නියම කර ඇත.
කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්යක්ෂ වරයෙකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව එම විත්තිකරුවන් තිදෙනා ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 21 වනදා කැඳවීමට අධිකරණය නියම කර ඇත.
බලපත්ර නොමැතිව "සකුරා" නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලනය රජය සමයේ වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි