ශ්රී ලාංකික වෛද්‍යවරයෙක් ලියුකේමියාව පරදයි
2015-11-08
ලෝක වෛද්‍ය ඉතිහාසයට එක්වන අපූරු අත්හදා බැලීමක් පිළිබඳ ලන්ඩනයේ රෝහලකින් වාර්තා වනවා.
වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අත්හදා බලන ලද නව ප‍්‍රතිකාර ක‍්‍රමයකින් ලෝකයේ පළමු වරට ලියුකේමියා රෝගයෙන් පෙලුණු අවුරුද්දක් වයසැති බිලිඳියක් සුවය ලබා ඇති බවයි ලන්ඩනයේ ගේ‍්‍රට් ඔර්මන්ට් ස්ටී‍්‍රට් රෝහලෙන් වාර්තා වන්නේ.
අදාළ නව ක‍්‍රමය අත්හදා බැලීම පිටුපස ශ‍්‍රී ලංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සුජිත් සමරසිංහ මහතාද වන බව බී.බී.සී ලෝක සේවයේ සංදේශය පවසනවා.
මාස 05 කට පමණ කාලයක් ලෙයිලා නැමැති බිලිඳිය සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් ඉතා තදබල ලෙස පීඩා විඳිමින් සිට තිබෙනවා. ඇය සුව නොවන බවට ප‍්‍රත්‍යක්ෂ වීමෙන් පසු වේදනා නාශක ඖෂධ පමණක් ලබා දෙමින් තබා ගන්නා ලෙසයි දෙමව්පියන්ට උපදෙස් ලැබී තිබුණේ.
ලෙයිලාට ජීවත් වීමට වාසනාව හිමිව තිබුණේ තවත් මාස කිහිපයක් පමණක් බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා පැවසුවා. වෙනත් කිසිදු ප‍්‍රතිකාර ක‍්‍රමයක් පිළිබඳ අදහසක් නොවූ බවද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඩිසයිනර් ඉමියූන් සෙල්ස් (designer immune cells) නම් ක‍්‍රමවේදය යොදා ගනිමින් ඇයට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ තත්වය යහපත් අතට හැරෙමින් තිබීම ආශ්චර්යයක් බවයි.
මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය ළමුන් සඳහා පමණක් නොව වැඩිහිටියන් සඳහාද යොදා ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සුජිත් සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.
- See more at: http://offair.nethfm.com/article/28621#sthash.zntasC0V.dpuf