තීන්ත ඇමති කවුද ?
රණසිංහ ප්‍රේමදාස යනු පුට්ටු පාලම් තනා එහි තැඹිලි පාට තීන්ත ආලේප කොට නාගරික ජනතාවට තට්ටු නිවාස හදා 65 – 70 ඩඩ්ලි ආණ්ඩුවේ ජනතා හදවත් තුළ සිය නාමය කොටා තැන්පත් කළ අරුම පුදුම චරිතයකි. ඔහු කටවුට් ගැසුවේ නැත, මුල්ගල් පැල වෙන්න හැරියේද නැත. ප්‍රේමදාස ව්‍යාපෘති වල පාට දුටු පමණින් ඒ ප්‍රේමදාසගේ වැඩක් බව මිනිසුන් දැන ගත්තේය.
පසුගිය වසර 10 ක් තුළ දේශපාලන වේදිකාවේ මුඛරියෙක් වු විමල් වීරවංශගේ කථා ඇසු විට සිතෙනුයේ ඇඟ පුරාම මොළය පිහිටා ඇති බවයි. පසුව ඔහු ඇමතිවරයෙකු වු විට, ප්‍රේමදාස දැරූ ඇමති ධූරයම ගත් විට රට්ටු සිතුවේ එදා ප්‍රේමදාස, මෙන් නිර්මාණශීලි හා රටට ජනතාවට දැනෙන ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය. එහෙත් අද වීරවංශ ප්‍රසිද්ධ වී ඇත්තේ ප්‍රේමදාස තැනූ නිවාස වල තීන්ත ආලේප කොට ඒ ගැන විමල්ගේ මහින්දගේ දැවැන්ත කටවුට් ගසමින් සංගීත පවත්වමින් මහා පරිමාණයේ නාස්ති සහිතව රෙපෙයාර් කිරිල්ල විවෘත කිරීමට ය. රෙපෙයාර් කිරිල්ලක් ඵලක පිහිටුවා විවෘත කිරීමක් ලෝකයේ ඇතිනම් ඒ වීරවංශගේ චූටි ලෝකයේ පමණි
ජනතාව වරක් හෝ දෙවරක් රැවටිය හැක. එහෙත් තුන්වරක් රැවටිය නොහැක. විමල් යනු මහින්ද විසින් නිච්චි දිදී උඩ යවන අනාගතයක් නොපෙනෙන චීනයෙන් ආනයනය කරන ලද බාල කොලිටියේ වාචාල මොඩලයකි.
දැන් රාජපක්ෂ සමාගම ඔහුව පාවිච්චි කරන්නේ නව ව්‍යවස්ථාවක් යන කූට දේශපාලන තේමාව කරළියට රැගෙන ඒමටය.
ජනතාව විමල්ගේ සුඛවිවරණ ගැන කථා නොකරන්නේද, දෑ කැත්ත මිටියට පයින් ගසා ඒ වෙනුවට හැන්ද, ගෑරුප්පුව ආයෝජනය කර ගත් තවත් වාමාංශික දේශපාලුවෙකු සිය කථිකත්වය තම ආදායම බවට පත් කරගෙන ඇති බව දන්නා බැවිනි.
තීන්ත විමලේ නිවාස අමාත්‍යාංශය තුළ ලිලිපුට්ටෙකි. මිය ගිය රණසිංහ ප්‍රේමදාස තවමත් ගලිවර්ය.

Last edited:

ow ekath ithin ehemama thama..