තුන්වතාවක්ම_එල්ලුම්ගහට

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,666
    1,902
    113
    යන එන මං නැහැ
    තුන්වතාවක්ම_එල්ලුම්ගහට

    තුන්වතාවක්ම එල්ලුම්ගහට

    එල්ලුම්ගහට ගිය මිනිස්සු පිළිබඳව තොරතුරු සොයමින් සිටිය මට එල්ලා මැරීමට නියමිත දිනයට පෙර රාත්‍රියේ බෙල්ල කපාගත් මිනිසකු ගැන මුලින්ම අසන්නට ලැබුණේ නැසී ගිය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාගෙනි. ඊටත් පසුව මේ කතාව බෝගම්බර බන්ධනාගාරයට ගිය ගමනේ දී එහි එවකට අධිකාරිව සිටි විජේරත්න මහතාගෙන් ද දැන ගතිමි. එහෙත් ඔහු ඊට වඩා තොරතුරු කියන්න දැන නොසිටියේය. කාලය ගෙවී ගියේය. එහෙත් බෙල්ල කපාගත් සිරකරු පිළිබඳව මතකයේ තිබිණි. මේ මතකය යළිත් අලුත් වූයේ ඉකුත් දවසක ප්‍රවීණ චීත්‍ර ශිල්පී හා ගිරාගම ගුරු විද්‍යාලයේ චිත්‍ර කලා කථිකාචාර්ය වන චාල්ස් දයානන්ද මහතා ලියූ සිපිරි ගෙයක වසර හයක් කෘතිය කියවීමෙනි.

    පොත කියවීමට පෙර මම ඔහුගෙන් නිකමට මෙන් බෙල්ල කපාගත් සිරකරු පිළිබඳ ඇසුවෙමි.

    “ආ ඔය කියන්නේ අර පොළොන්නරුවේ සුමතිපාල ගැන. ඕක වුණේ මෙහෙමයි.”

    ඔහු මට කතාව කීවේය. සුමතිපාලගේ කතාව පෙළ ගැසෙන්නේ ඔහු කී කරුණු හා මා අසා දැනගත් කරුණුත් සමඟය.

    ද්විත්ව මිනීමැරුමකට වැරදිකරු වූ සුමතිපාලට මරණීය දණ්ඩනය නියම වුයේය. එල්ලුම් ගහ නතර වූයේ එක්දහස් නවසිය හැත්තෑ හය වසරේ අගභාගයේදී පමණය. මේ සිදුවීම සිදුවුයේ එක්දහස් නවසිය හැත්තෑ පහේදී පමණය. සුමතිපාලට දඬුවම නියම වීමත් සමඟ ඔහුව විශේෂිත සිරමැදිරියේ රඳවන ලදී. ඊට පෙර හිරගෙදර දී ප්‍රසිද්ධ චරිතයක් නොවූ සුමතිපාල පිළිබඳව කවුරුත් කතා බහ කරන්නට වූයේ ඔහුව එල්ලා මැරීමට දිනය නියම වීමත් සමඟය. එල්ලා මැරීමට නියමිත දිනය ක්‍රමයෙන් ළං විය. ඔහුට තමන් කළ කී දේ ගැන නිතැතින්ම සිහිපත් වූයේය. එහෙත් එල්ලුම් ගහට යනවා මිස වෙනත් කරන්නට දෙයක් නැත. පසුදා උදෑසන එල්ලා මරන්නට ඔහුව සූදානම් කර

    හමාරය. අලුගෝසුවෝ එල්ලුම් ගහ පිරික්ෂා ඇත. වෛද්‍යවරයා, අධිකාරිවරයා හා අලුගෝසුවා වැලිබර කිරා කඹයේ දිගද ගෙන හමාරය. ඔහුගේ දිග මැන පෙට්ටියද සාදා හමාරය. ඔහු කැමති දේ ඔහුට කන්නට දී ඇත. ආසන්න බණ ද කියා ඇත. දැන් සියල්ල සූදානම් ය. අකමැත්තෙන් වූවද සුමතිපාල එල්ලුම් ගහට යන්න හිත හදාගෙනය. පසුදා උදෑසන අටයි පහට ඔහු නියත වශයෙන්ම එල්ලනු ඇත. ඒ බලාපොරොත්තුව සිත තබාගෙන සිටි සුමතිපාලගේ දෛවය වෙනස් කළේ එදින රාත්‍රියේ ලැබුණු

    දුරකථන ඇමතුමයි. ඇමතුම ආවේ ඉහළිනි.

    එනම් සුමතිපාල මරා දැමීමට නියමිත දා ආගමික දිනයක් බැවින් එය නතර කරන ලෙසය.

    විශේෂ මැදිරියෙන් ඉවත් කළ සුමතිපාලව මරණීය දණ්ඩන මැදිරියට මාරු කළේ ය.

    සුමතිපාලට අස්වැසිල්ලක් ලැබුණේ නියමිත දින එල්ලා මරන්නට බැරි වුවහොත් නැවත එම සිරකරු එල්ලා නොමරන බව දැන සිටි නිසාය. එය හිරගෙදර මෙන්ම රටේ ජනතාව අතරද තිබූ මතයකි.

    සුමතිපාල පසුදා සිට සිනාමුසු මුහුණින් සියල්ලන් සමඟ සුහදව සිටියේය. ඔහුට දැන් මරණ භය නැත. එහෙත් හිරගෙදර සියල්ලන්ම පුදුමයට පත්විය. ඔවුන් තුළ තිබූ මතය බොරු කරමින් ඉන් මාස කිහිපයකට පසු නැවත සුමතිපාල එල්ලා මැරීමට දින නියම විය.

    නියමිත දිනයට පෙර දින යළිත් පෙර මෙන්ම සුමතිපාලව මරණය සඳහා සූදානම් කළේය. ඔහු වෙනුවෙන් සැදු විශේෂ කෑමවේලද ලබාදුන් අතර නැවත අවසන් බණද කියවන ලදී. අලුගෝසුවන්ද සූදානමින් ය. පසුදා උදයේ සුමතිපාල එල්ලා මැරීම ස්ථිර බව හිරගෙදර නිලධාරින්ද සිරකරුවෝද සිතූහ. එහෙත් එදා ද ඊට පෙර වතාවේ මෙන් ඉහළින් නියෝගයක් ආවේය. ඒ ඔහු එල්ලා මැරීමට නියමිත දා වෙනත් ආගමික දිනයක් බැවින් සිරකරු එල්ලා මැරීම නවතා දමන ලෙසය.

    ජීවත්වීමට වාසනාව ලැබු සුමතිපාල මෙන්ම අනෙක් සිරකරුවෝද ඔහුව යළිත් එල්ලා නොමරනු ඇතැයි ස්ථීරවම සිතූහ. මෙලෙස මාස කිහිපයක්ම ගෙවී ගියේය. සුමතිපාල තමන්ට ජීවත්වීමට වාසනාව ඇතැයි සිතා හිරගෙදර සතුටින් සිටියේය. එහෙත් ඔහුගේ ඒ සතුට තාවකාලික එකක් බව ඔහු නොදැන සිටියේය.

    යළිත් ඔහුව එල්ලා මැරීමට නියමිත දිනය ජේලර්වරයා විසින් දැනුම් දුන්නේය. දවසින් දවස ගෙවී ගියේය. ඔහු බෙහෙවින්ම ව්‍යාකූලව සිටියේය. දෙවරක්ම එල්ලුම් ගහට ගිය ඔහුට තවදුරටත් ජීවත් වන්නට වාසනාව තිබුණේය.

    එල්ලා මැරීමට නියමිත දිනයට පෙර දිනය පැමිණියේය. සියල්ල සුදානම්ය. අලුගෝසුවෝද සිරගෙදරට පැමිණ ඇත. තුන්වන වතාවටත් ආසන්න බණ ඇසුවේය. විශේෂිත ආහාර වේලද ඔහු වෙනුවෙන් සැකසුණේය. එවකට හිර ගෙදර සිටි අයට මේ මිනිසා ගැන දැඩි දුකක් දැනිණි.

    හැත්තෑ එකේ කැරැල්ලට අසුව සිරගතව සිටි චාල්ස් දයානන්ද මහතා එවකට යොවුන් වියේ සිටියේය. ඔහු සිරගෙදර සිදුවන සියලු දේ පිළිබඳව විමසිලිමත්ව සිටියේය. සුමතිපාලගේ අවසන් ද වස පිළිබඳව මේ ඔහු කියු කතාවය.

    “හැන්දෑවේ වාට්ටුවලට දැම්මට පස්සේ අපි හැමෝම හරි නිහඬයි. සිරකරුවෙක් එල්ලා මැරී මට නියමිත දවසට පෙරදා හිරගෙදර හරිම නිහඬයි. හැමෝගෙම හිත්වල දුකක් තියෙනවා. එදා රෑත් හරිම නිහඬයි. අපි හිතුවා තුන්වෙනි

    වතාවටත් කොහෙන් හෝ ඇමතුමක් ලැබේවී කියලා. ඒත් එදා එහෙම වුණේ නැහැ. මහ රෑ එකපාරටම හිරගෙදර මහ කලබල හඬක් ඇහුණා. වාහන යන සද්දෙත් ඇහුණා. අපිට හරිම කුතුහලයක් මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කලබලය ඇහුණේ සුමතිපාල රඳවලා හිටිය කුටිය පැත්තෙන්. ඔය අතරේ තමයි ජේලර් කෙනෙක් ඇවිත් අපට කිව්වේ සුමතිපාලට අමාරුවෙලා රෝහලට ගෙන ගියා කියලා. ඒත් සිද්ධියේ ඇත්ත තත්ත්වය දැන ගත්තේ පසුදා උදේ. සුමතිපාල මහ රෑ එයාට බත් කන්න දුන්න බෙලෙක් පිඟාන දෙතුන් විටක් දෙකට නවලා කඩලා අරගෙන ඒකෙන් බඩ කපාගෙන. ඊට පස්සේ බෙල්ල කපාගෙන. අධික රුධිර වහනය නිසා ඔහුට සිහිනැතිවෙලා. බන්ධනාගාර අධිකාරි මූලස්ථානයේ උපදෙස් අරගෙන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කැඳවලා තිබුණා. වෛද්‍යවරයා කියලා තියෙන්නේ රෝගියාව මහනුවර රෝහලට ගෙනියන්න කියලා. සුමතිපාලට සේලයින් දීලා වෛද්‍යවරයා සේලයින් බෝතලයයි සුමතිපාලගේ ඔළුවයි අල්ලගෙන ඔහුව ඇම්බියුලන්ස් එකෙන් රෝහලට ගෙනිහින් තිබුණා. රෝහලේදී ඔහුගේ බඩවැල් ඇතුළට දාල මහලා තියෙනවා. බෙල්ලේ තුවාලවලටත් බෙහෙත් දාලා තියෙනවා.

    සුමතිපාල මැරුණේ නැහැ. එදා උදේ සුමතිපාල එල්ලා මරන්න නියමිතයි. එහෙම සිදුවීමක් වුණා කියලා ඔහුව මරන්න නියම වෙච්ච එක වෙනස් වුණේ නැහැ. මුලස්ථානයෙන් අධිකාරිවරයාට දැනුම් දීලා තියෙන්නේ රෝහලින් සුමතිපාලව ගෙනැල්ලා උදේ අටයි පහට එල්ලලා මරන්න කියලා. ඒත් වෛද්‍යවරයා රෝගියා නිදහස් කරන්න කැමති වුණේ නැහැ. වෛද්‍යවරයා කියලා තිබුණා සුමතිපාල අපරාධකාරයෙක් වුණත් ඔහු දැන් රෝගියෙක් ඒ නිසා ඔහුගේ වගකීම තියෙන්නේ රෝහලට. ඒ නිසා රෝගියාව දෙන්න බැහැ කියලා. කොහොම හරි සුමතිපාල එල්ලා මරණ නියෝගය නැවත කල් ගියා.”

    සුමතිපාලට තුන්වන වතාවටත් එල්ලුම් ගහෙන් නිදහස ලැබිණි. ඔහුට දිගින් දිගටම ප්‍රතිකාර ලැබුණේය. ඔහු ක්‍රමයෙන් සුව අතට ආවේය. ඒ දිනවල හිරගෙදර කාගේත් මාතෘකාව වූයේ සුමතිපාල ගැනය. කෙසේ හෝ සුමතිපාල පිළිබඳව අපට කියූ දයානන්ද මහතාට සුවය ලබමින් සිටිය සුමතිපාල හා කතා කරන්න ලැබිණි.

    “මහනුවර රෝහලින් මාරුවෙලා ආව සුමතිපාල බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබුවේ. මම ගියා ඔහුව බලන්න. ඔහු ඒ වෙනකොට සුවවෙමින් හිටියේ. ඔහු මාව දැකලා හිනාවුණා. ඔහුගෙන් ඇහුවා මොකක්ද කරගත්තේ කියලා. ඒ වෙනකොට ඔහුට කතා කරන්න අමාරුයි. ඔහු බැරැන්ඩි හඬින් මෙහෙම කිව්වා.”

    “මම මැරෙන්න හිතාගෙන බඩ කපා ගත්තා. ඇතුළට අත දාලා බඩවැල් එළියට අරගෙන කැපුවා. බඩ ඇතුළ හරිම රස්නෙයි. බඩවැල් පාංකඩ වගේ. කැපුනෙම නැහැ. ඊට පස්සේ මම බෙල්ල කපා ගත්තා. ටිකක් වෙලා යනකොට මට දැනුණා මම මැරුණා කියලා.”

    ඔහුට සිහිනැති වෙලා. ඔහු හිතලා තියෙන්නේ ඔහු මැරුණා කියලා. මාස ගාණකට පස්සේ සුමතිපාල සුවවෙලා රෝහලින් හිරගෙදරට ආවා.

    “කන්ඩෙම් ෂෙල්” වලට ආපු සුමතිපාල ආයෙත් පුරුදු සිනහවෙන්ම හිටියා. “කන්ඩෙම් ෂෙල්” යනු මරණීය දණ්ඩනය නියම වූවන් රඳවා තිබෙන කාමරය. යළිත් එල්ලා මැරීමට නියම වේවිදැයි යන දෙගිඩියාවෙන් සිටි සුමතිපාලගේ සිතට අස්වැසිල්ලක් ලැබුණේ එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජය ජනරජ දින සැමරුම නිමිත්තෙන් සියලුම මරණීය දඬුවම් ලැබ සිටි සිරකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීමෙනි. හතරවෙනි වතාවටත් සුමතිපාල එල්ලුම් ගහෙන් බේරුණේය. ඔහු නොයෙක් වැඩ අංශවලට වැටුණේය. එකල හිරගෙදර ක්‍රියාත්මක වු විවිධ සමාවන් යටතේ සුමතිපාලගේ දඬුවම් කාලය ද අඩුවිය. ඔහුගේ දඬුවම අවුරුදු විස්සක සිර දඬුවම දක්වා අඩු වූයේය. ඔහුට නිදහස ලැබුණේය.

    ඒ කාලයේම රජය විසින් යුද සමයේ මායිම් ගම්මානවල ඉදිකළ ගොවිපළවල්වල ස්ව කැමැත්තෙන්ම සේවය කිරීමට සුමතිපාල ගියේය. රජය විසින් ආරම්භ කරන ලද කෙන්ට්ෆාම්, ඩොලර්ෆාම් ගොවිපළවල ඔහු වැඩපළ කරගෙන ගියේය. එහෙත් මරණය ඔහු පසුපස හඹාගෙන එන බව ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. ත්‍රස්තවාදීන් විසින් ඩොලර්ෆාම් කඳවුරේ කළ සමූල ඝාතනයේදී සුමතිපාල ද මිය ගියේය. ඩොලර්ෆාම්වල තිබූ මළමිනි අතර සුමතිපාලගේ සිරුර ද විය.

    තුන් වතාවත් එල්ලුම් ගහට යන්නට ගොස් නතර වු හා ඉන්පසුව ජීවිත සමාව ලද සුමතිපාලට අවසානයේ සිදුවුයේ ත්‍රස්තවාදීන් අතින් මිය යන්නට ය.


    රෝහණ ජයලාල් Link
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,591
    1,942
    113
    Scandinavia
    වටින් ගොඩින් අහලා තිබුනත් සම්පූර්ණ කතාව අද තම‍යි දැනගත්තේ........:)

    රෙප් දෙන්න බැරිලු බන්......:oo:
     
    • Like
    Reactions: mjayanatha

    DAMER

    Member
    Aug 14, 2008
    18,837
    1,149
    0
    30
    Ҝingdom oғ Ðragonzland
    සම්පූර්ණ කතාවම හරියට දැනගත්තේ අද.. TFS
    11.gif
     
    • Like
    Reactions: mjayanatha

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,527
    1,435
    0
    34
    Galle
    මිනි මරපු එකට දඩුවම් ලැබුනා මරන බිය මේ මිනිහටත් දැනෙන්න ඇති තුන් වතාවක්ම:dull:

    11
     
    • Like
    Reactions: mjayanatha