තුන්වෙනි ඉනීම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    විරුද්ධ පක්ෂය විසින් හරිහමන් නායකයෙකු ‍‍තෝරාගන්නා තුරු තමන් දිගටම ජනාධීපති තනතුර සදහා තරග වදින බව කීවේ අපේ රජතුමන් ය. දෙවැනි ඉනීම ආරම්භ කරන්නටත් පොරොතුව තුන්වෙනි ඉනිම සදහා මේ අමුඩ ගහන්නේ එවැනි කෙනෙක් මේ කපේ දී නම් පහල නොවන බව එතුමාගේ අනාගතය දකිනා නුවණට වැටහුනු නිසා ය. මේවා අහන සන්ධාන කාරයින්ට හරිම ආතල් ය. එපමණක් ද? විරුද්ධ පක්ෂයේ ලොකු නියමුවන් ද මේ අනාගත වක්තෘවරයාට දැපනේ වැටී සිටී. හිටපු ගමන් එහෙම එකෙක්ට නුවණ පහළ වී එතෙක් තමන් විසින් පට්ට ගසනා ලද විවේචන සිය අධෝමුඛයේ ගසා ගෙන රජතුමා‍ගේ පය පාමුල වැතිර ගනී. එක් කලෙක විප්ලවය තමන්ගේ ඉණේ සගවා ගෙන ආරක්ෂා කළා වූ වමේ නියමුවන් පවා තමන්ගේ පක්ෂයේ නියමයන්ට පයින් ගසමින් මේ පෙරහැරට එක්ව තිබේ.

    මෝහන විශේෂඥයෙකු විසින් මෝහනය කරනු ලැබ වේදිකාවට කැදවන කීකරු මිනිසුන් මෙන් මේ මිනිස් කෑලි ද වශීවී වේදිකාවට නගින හැටි බලන්න අපූරු ය. ස්වාමියා සැර කොට අඩ ගැසූ විට නගුට පුකේ ගසා ගෙන මුකුත් නොදන්නා හිමිජ්ජන් මෙන් හැසිරෙන කීකරු බලු කුක්කන් උන් නිසා සිහියට නැගෙන්නේ ය. ඒවා දකින විට අනේ අපොයි කියවෙන්නේ ඉබේට ය.

    මේ යන තාලයට මට මාවද ෂුවර් නැත.

    මට මතක් වුනේ හැමලින් නග‍රයේ පයිඩ් පයිපර්ව ය. නගරයේ සියලුම දරුවන් නලාවක් පිඹිමින් වසග කරගෙන උන් මරණයට දැක්වූ පයිඩ් පයිපර් ය.

    නලාවට පොඩි ළමයින් පමණක් වසගවූයේ සුරංගනා කතාවල ය.

    වර්ථමාන ශ්‍රි ලංකා පයිඩ් පයිපර්ට වසග වන්නේ නොදරුවන්‍ නොවේ. වැඩිහිටි පිරිමි හා ගැහැණුන් ය.

    ඒ රට ජර්මනිය වී මේ රට ශ්‍රී ලංකාව වී ඇත්තේ ඒ නිසා විය යුතු ය.

    මේ යන විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම විතරක් සමරා ඉන්නට ලැබෙතොත් ඒකත් ලොකු දෙයකි. නැතිවන්නට නියමිත තව බොහෝ දේ තියෙන බව නම් දැනේ. ඒවාත් සමරන්නට ලංකාවේ තවදුරටත් රැදෙන මිනිසුන්ට සිදුවනු ඇත්තේ ය.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    yes,i have not that i have copied from wordpress........thats my fault....i admit it........what about the content....you think its not good ?????

    can't u put the source link??? ek people may think this article is written by ur self but u hv been stolen..


    mata reputation adu kale oya mama waraddak karapu nisade? mata oya magul reputation awulak na... oya waraddak kala nam eka hadanna.. waradi karama api reputation adu karanawa.. ekai mama oyage rep adu kale..