තුන් වන ලෝක යුද්දයක පෙරනිමිති වැලැක්වූ වීරයා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    CD10C6F8-1D90-437A-985A-E5B9016E1398.jpeg



    ගැඹුරු සාගර පතුලේ සබ්මැරීනයක නාවික නිළධාරීන් තුන්දෙනෙක් බොහොම තද විවාදයක.. විවාදයකටත් වඩා ආවේගශීලී අදහස් හුවමාරුවක කිව්වොත් වඩාත් නිවැරදියි.
    බැලූ බැල්මට නිළධාරීන් දෙදෙනෙකුගේ පොදු අදහසකට එක් නිළධාරියෙක් විරුද්ධ ආකාරයටයි මේ වාදය යන්නෙ.
    එයා කියනව... බෑ බෑ... මේක මේ තරම් ඉක්මනට කරන්න බෑ... මේක බොහොම බරපතල තීරණයක්... මිත්‍රවරුනි තව ටිකක් කල් දෙන්න.. තව පොඩ්ඩක් ඉවසන්න කියල.
    මේ නිළධාරියා බය වෙලාද.. තැති අරන්ද.. ඇයි මේ තරම් කලබලයක්..?
    ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නෙ.
    ඔක්තෝබර් මාසයේ මුහුදු වතුර කොහොමත් සීතලයි.. විශේෂයෙන්ම උතුරු ආක්ටික් සාගරයේ වගේම.. ගැඹුරු අත්ලාන්තික් සාගරයේත් මේ කාලෙට මුහුද සීතලම සීතලයි .
    මේ සීතල සාගර පතුලෙ B 59 සබ්මැරීන එකක් නෙවේ හතරක් බොහොම සීරුවෙන් රහසින් ගමන් කරනව ඇමරිකා එක්සත් ජනපදය කිට්ටුවෙන්ම.
    මේ සබ්මැරීන් එන්නෙ උතුරු ආක්ටික් මුහුදෙ සෝවියට් රුසියාවට අයිති නොදන්න නාවික කඳවුරක ඉඳල.
    ඒ විතරක් නෙවේ එක මනුස්සයෙක් ඇරෙන්න අනිත් කවුරුවත් දන්නෙ නෑ එයාලගෙ ගමනාන්තය වගේම මේ සබ්මැරීන් අරගෙන යන්නෙ මොනවද කියල.
    ඒ අයට කියල තිබුනෙ ..වෙලාව ආවම ඔබ යා යුතු තැන සඳහන් කරනව.. ඒ වෙනකල් දැනුම් දීල තියෙන මාර්ගයේ යා යුතුයි කියල.
    අනිත් කාරණේ මේ සබ්මැරීන් වලට උපදෙස් ලැබෙන්නෙ කෙලින්ම ක්‍රෙම්ලිනයේ ඉඳල.
    හැමෝම දැනගෙන හිටිය මේක හරි බයානක ගමනක් කියල .
    මේ හැම යාත්‍රාවකම නායකයා එහෙමත් නැත්නම් කැප්ටන්ට වගකීමක් පවරල තිබුනා .
    ඒ තමයි ඕනෑම හදිසි යුධ තත්වයකදී ..නියෝග එනකල් නොසිට ක්ශණිකව පහර දීමේ වගකීම.
    මේ සබ්මැරීන හැම එකකම න්‍යශ්ඨික බලය තියන ටෝපිඩෝවක් ( Torpédo) තියනව.. යුධ ගැටුමක් ඇතිවුනොත් ඒ ආයුධයෙන් පහර දෙන්න පුළුවන් නිළධාරීන් තුන්දෙනෙක්ගේ එකඟතාවයෙන්.
    මොකද්ද මේ ටෝපිඩෝව කියන්නෙ..
    ටෝපිඩෝවක් කියන්නෙ වතුර යට ඉඳල වෙනත් සබ්මැරීන් වලටත්.. නැව් වලටත් පහර දෙන්න පුළුවන් මිසයිලයක් කියල අපි සරලව තේරුම් ගමු.
    හැබැයි මේ ටෝපිඩෝවල න්‍යශ්ඨික බලය දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝශිමා නුවරට අත හැරපු න්‍යශ්ඨික බෝම්බය තරම්ම ප්‍රභලයි විනාශ කාරීයි.
    එතකොට කවුද මේ නිළධාරීන් තුන්දෙනා න්‍යශ්ඨික බලය තියෙන ටෝපිඩෝවෙන් ප්‍රහාර එල්ල කරන්න තීරණය කරන.
    ඒ තමයි.. මේ සබ්මැරීන හතරෙ කණ්ඩායමේ ප්‍රධාන නාවික නිළධාරියා හෙවත් චීෆ් ඔෆ් ස්ටාෆ්.. අදාල සබ්මැරීනයේ අණ දෙන නිළධාරියා සහ රජය නියෝජනය කරන නිළධාරියා.
    මේ වගේ වගකීමක් පළපුරුදු නාවික නිළධාරියෙක්ට වුනත් දරා ගන්න පහසු නෑ.
    ඇමරිකා එක්සත් ජනපදය කිට්ටුවට එන්න මේ අය වෙහෙසකාරී හැතැප්ම 7000 කට අධික දුරක් ගෙවල තියනව.
    මේ 1962 අවුරුද්ද.. මාසය ඔක්තෝබර්
    මේ අයගෙ ගමනාන්තය තමයි කියුබාව. ඒ අයගෙ රාජකාරිය තමයි ඇමරිකා එක්සත් ජනපදයට පහර දිය හැකි මිසයිල කියුබාවේ ස්ථාන ගත කිරීම.
    ඒ මොකටද ..
    ඒකට හේතුව තමයි 1959 දි සිදුවූ කියුබා විප්ලවයත් එක්කම කියුබාව සමාජවාදී රජයක් බවට පත්වීම.
    මේ විප්ලවයත් එක්කම කියුබාව සෝවියට් සමූහාන්ඩුවේ මිතුරෙක් බවටත් ඇමරිකා එක්සත් ජනපදයේ සතුරෙක් බවටත් පත්වෙනව.
    කියුබාව පිහිටල තියෙන්නෙ ඇමරිකානු බිමට හැතැප්ම හාරසීයක් වගේ ලඟින්. ඒ කියන්නෙ කියුබාවෙ ඉඳල ඉතාම ලේසියෙන් ඇමරිකාවට මිසයිල ප්‍රහාර එල්ල කරල විනාශ කරල දාන්න පුළුවන්.
    මේ කාලෙ ඇමරිකානු ජනාධිපති තමයි කඩවසම් ජෝන් එෆ් කෙනඩි.
    මේ මහත්තයා තීරණය කරනව කියුබාවට පහර දෙන්න.. හේතුව මේ කොමියුනිස්ට් අසල් වැසියත් එක්ක ජීවිතේ ගෙවන එක ලේසි නෑ කියල එයාගෙ උපදේශක මන්ඩලයේ උපදෙස් ලැබීම.
    ඒ වුනාට 1961 අප්‍රේල් මාසෙදි ඉතාම අසාර්ථක උත්සාහයකින් ඇමරිකානුවො පහු බහිනව.
    මේකට තමයි කියන්නෙ ඔපරේශන් පිග් බේ කියල. ( Operation Pigbay)
    මේ අසාර්ථක ප්‍රහාරයත් එක්කම කියුබාවත් සෝවියට් දේශයත් තේරුම් ගන්නව ඇමරිකානුවො කොයිම වෙලාවක හරි කියුබාව ආක්‍රමණය කරයි කියල.
    මෙන්න මේ ආක්‍රමණයෙන් වැලකෙන්න තමයි සෝවියට් වරු න්‍යශ්ඨික මිසයිල කියුබානු බිමේ ස්ථාන ගත කරන්න තීරණය කරන්නෙ.
    දැන් අපි දන්නව මේ තරම් ඈත ඉඳල මේ සබ්මැරීන් හතර අත්ලාන්තික් සාගරයට එන්නෙ මොකද කියල.
    සෝවියට් රුසියාව තමන්ට කිලෝමීටර් 9000 කට දුරින් තියන කියුබාවට දේශපාලන හා ආරක්ශක රැකවරණ දෙන්නෙ මොකද.?
    ඒක තමයි ලෝක දේශපාලනය.
    ඒක තමයි ලෝකයේ බල අරගලය..
    මේ විදිහටම තමයි ඇමරිකානුවන් තුර්කියේ මිසයිල ස්ථාන ගත කරේ සෝවියට් දේශය ඉලක්ක කරල.
    ඇමරිකානුවන් බොහොම සෙවිල්ලෙන් ඉන්නෙ කියුබාව අවට මුහුද ගැන.
    කියුබාව හා ඇමරිකාව අතර මුහුදේ මුර රාජකාරි වල යෙදිල ඉන්න ඇමරිකානු නාවික යාත්‍රාවලට දැනගන්න ලැබෙනව අමුතු රේඩියෝ සිග්නල් හුවමාරුවක් තමන්ගෙ කලාපෙ සිද්ධ වෙනව කියල.
    මේ අය සැක කරනව තමන්ගෙ නැව් යාත්‍රා වලට යටින් සබ්මැරීන් ගමන් කරන බවට.
    මේ අය මොකද කරන්නෙ.... දිගට හරහට ඩෙප්ත් චාර්ජ අතාරිනව මුහුදට.
    ඩෙප්ත් චාජර් කියන්නෙ මුහුදෙ ගැඹුරට අතාරින බෝම්බ විශේෂයක්.. විශේෂයෙන්ම සබ්මැරීන් වලට පහර දෙන්න නිර්මාණය කරපු.
    දැන් මොකද වෙන්නෙ..?
    මුහුද යට ඉන්න සබ්මැරීන් බොහොම තද අණතුරකටයි මුහුණ දෙන්නෙ.
    ඒ අය ඩෙප්ත් චාජර් වලින් බේරෙන්න මුහුදෙ පතුලෙ ගැඹුරටම යනව.
    මේ හේතුව හින්දම ක්‍රෙම්ලිනය එක්ක පණිවිඩ හුවමාරුවත් ඇණ හිටිනව.
    මේ වෙලාවෙදි තමයි චීෆ් ඔෆ් ස්ටාෆ් හෙවත් කණ්ඩායමේ අණ දෙන නිළධාරියා ඉන්න සබ්මැරීනයේ කපිතාන් තීරණය කරන්නෙ න්‍යශ්ඨික ටෝපිඩෝවෙන් පහර දීල මේ ඇමරිකානු යාත්‍රා විනාශ කල යුතුයි කියල.
    ඒ තීරණය තව දෙන්නෙක් අනුමත කරන්න ඕනෙ බව අපි දැන් දන්නව. රජයේ නිළධාරියා එක පයින් මේ තීරණය අනුමත කරත් කන්ඩායමේ අණදෙන නිළධාරියා මේකට කැමති වෙන්නෙ නෑ.
    කන්ඩායමේ අණදෙන නිළධාරියා තමයි අද්මිරාල් වසිලි ආර්කිපොව්.
    අකිපොව් කියන්නෙ ඉතාම නිහඬ.. සෘජු වගේම දක්ශ නිළධාරියෙක්.
    අනිත් නිළධාරීන්ට වඩා තරමක් කණිශ්ඨ වුනත් මීට කලින් පෙන්නපු දක්ශ කම් නිසා එයාගෙ ප්‍රථිරූපය හරි බලසම්පන්නයි.
    නමුත් අනිත් නිළධාරීන් දෙන්න තර්ක කරනව වහාම පහර දිය යුතුයි කියල.
    වසිලි අකිපොව් හොඳින්ම දන්නව එක බොත්තමක් තද කරල එක පාරින් ඇමරිකානු යාත්‍රා විනාශ කරන්න පුළුවන් වුනත් මේ බොත්තම තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය බව.
    ඒ විතරක් නෙවේ... මේ පටන් ගන්නෙ න්‍යශ්ඨික යුද්ධයක්.. ඒක බොහෝ විට මිනිසාගේ අවසානය වෙන්න පුළුවන්.
    වසිලි නොකිව්වට එයාගෙ හිත දන්නව මේ එක ප්‍රහාරයකින් වතුර මතුපිට තියන ඇමරිකානු නාවික යාත්‍රා බල ඇනියම සුනු විසුනු වෙලා යන බවත්.. එයින් ඇතිවන විකිරණශීලීත්වයෙන් මිනිස්සු විතරක් නෙවේ.. මුහුදු ජීවීන්.. පැලෑටි.. වතුර අවුරුදු සිය ගණනක් ගත වෙනකල් විශ සහිත වෙනව කියල.
    ඒ විතරක් නෙවේ... මේකට ප්‍රථිප්‍රහාර දෙන්න ඇමරිකානුවන් කිසිම විටක පසුබට වෙන්නෙ නැති බවත් එයා දන්නව.
    මිසයිල ප්‍රහාර මොසකව්.. සෙන්ට්පීටර්ස්බර්ග්... බ්ලැඩ්වොස්ටොක්.. කිව්..වගේ ප්‍රධාන නගර වලට එල්ල වේවි.. නගර පිටින් සුන්නත් දූලි වේවි.
    සෝවියට් වරුන්ගේ ප්‍රථි ප්‍රහාර වලින් ඇමරිකානු නගර අළු වෙලා යාවි.
    ඉපදෙන දරුවන් ..සතුන්.. පරම්පරා ගණනාවක් යන තෙක් අංග විකල වේවි.
    මේ පෘථිවිය තව අවුරුදු දාස් ගාණකට මිනිස් වාසයට සුදුසු නොවේවි.
    මේ හින්දයි මේ ප්‍රහාරය වැලකිය යුතු... මේ නිසයි උපදෙස් එනතෙක් කල් ගත යුතු.
    එයා කියන්නෙ තව ඉවසිය යුතුයි.. ඉඩක් ලැබුනු වහාම ක්‍රෙම්ලිනයෙන් උපදෙස් ගත යුතුයි කියල.
    මෙන්න මේකයි සීතල මුහුදේ නිළධාරීන් තුන්දෙනාගේ වාදය.
    තීරණාත්මක මිනිත්තු ගණනාවක් ගත වෙනව. ඩෙප්ත් චාජර් හෙවත් බෝම්බ ප්‍රහාර ටිකෙන් ටික අඩු වෙනව.
    නමුත් අධික ගැඹුරේ වැඩි වෙලාවක් ඉන්න මේ අයට හැකියාවක් නෑ.
    අධික උශ්ණත්වයෙන් සබ්මැරීන නාවිකයන් හෙම්බත් වෙද්දි .. අන්තිමේදි මේ යාත්‍රා මුහුද මතුපිටට එන්නෙත්.. නැවත සැරයක් සෝවියට්‍ රුසියාව බලා පිටත්ව යන්නෙත් මුළු ලෝකයේම වාසනාවට.
    සමහර වාර්ථා සඳහන් කරන්නෙ ඇමරිකානු නාවික හමුදාව විසින් සෝවියට් යාත්‍රා වලට ආපහු ගමන් කරන්න ඉඩ සලසා දුන්න කියලයි.
    ආපහු තමන්ගෙ රටට ගිය ගමන් මේ අයව ක්‍රෙම්ලිනයට කැඳවනව.
    මේ නිළධාරීන්ට වෙන වෙනම විනය පරීක්ශණ පැවත්වෙන්නෙ තදබල දෝශාරෝපණ එක්කයි.
    ලෝක විනාශය වැලැක්වීම ගැන සම්මාන හා ප්‍රශංසා වෙනුවට කෙලවරක් නැති පරීක්ශණ වලට මුහුන දෙන්නයි ආර්කිපොව්ට සිද්ධ වෙන්නෙ.
    විශේෂයෙන්ම උපදෙස් හා අණ නොපිලිපැදීම ගැන වසිලි ආර්කිපොව් දඬුවම් ලබනව.
    සෝවියට් නිළධාරීන් ලෝකයට කියන්නෙ ඩීසල් සබ්මැරීන හතරක් කියුබාවේ පුහුණු සංචාරයකට ගියපු බවයි.
    වැලන්ටින් සවිට්ස්කි (Valentin Grigorievitch Savitsky, ) සහ ඉවාන් මස්ලෙනිකොව් (Ivan Semonovich Maslennikov) තමයි න්‍යශ්ඨික ප්‍රහාරය වහාම දියත් කරන්න ඕනෙ කියල තීරණය කරපු නිළධාරීන් දෙන්නා.
    නමුත් 2002 අවුරුද්දේදී විශ්‍රාම ගිය සෝවියට් අද්මිරාල් වරයෙක් ( Vadim Pavlovich Orlov) ප්‍රධාන පෙලේ පුවත් පත් සාකච්ඡාවකදී ලෝකයට හෙලි කරනව ඇත්තටම සිද්ධ වුණු දේ.
    ඒ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ශක ලේඛම් වූ රොබට් මැක්නාමරා කියනව..
    අපි සෙන්ටි මීටරයක් දුරින් හිටියෙ ලෝක විනාශෙට... ඒ විනාශය වලක්වපු වසිලි ආර්කිපෝව්ට මුලු ලෝකයේම ආදරයත් ගෞරවයත් ලැබෙන්න ඕනෙ කියල.
    1961 සිද්ධියෙන් පස්සෙත් දිගටම සේවයේ යෙදුනු අකිපොව් අසූව දශකය වෙනකල්ම නාවික සේවයේ යෙදෙනව.
    1988 අගෝස්තු දහනම වෙනිදා ඒ විශිෂ්ඨ මනුස්සයා මිය යන තෙක්ම එයාට හිමි ගෞරවය ලෝකයෙන් ලැබුනෙ නෑ.
    නමුත් හමුදා නිළධාරියෙක් විදිහට කිසිම දවසක එයා ඒ ගැන කිසිම සඳහනක් කලේ නෑ.
    1926 දී දුප්පත් ගොවි පවුලක ඉපදුනු වසිලි මිය යද්දි පෙනහළු හා වකුගඩු පිලිකාකින් පීඩා වින්දෙ න්‍යශ්ඨික සබ්මැරීන වල දිගු කාලයක් සේවය කල නිසාත්.. 1961 දී මුහුන දුන් අණතුරත් හේතු කොටගෙනයි.
    පහු කාලෙකදි එයාගෙ බිරිඳ කිව්වෙ..වසිලි ලෝකය බේරගත් බව මම දැනගෙන හිටියෙ නෑ.
    රාජකාරිය හරියට නොකල නිසා සුළු දඬුවමක් ලැබුනු බව විතරයි එයා කීවෙ.. ඒ එයාගෙ හැටි.
    වසිලි ආර්කිපොව් බොහොම නිහඬ .. ආචාරශීලි මනුස්සයෙක් විදිහටයි හැමෝම දන්නෙ.
    එදා ක්‍රෙම්ලිනයට පුළුවන් වුනා නම් මේ සබ්මැරීන් අමතන්න..
    වසිලි එකඟ වුනා නම් ටෝපිඩෝ ප්‍රහාරය දියත් කරන්න... මේ කියවන ඔබවත්.. මේ ලියන මමවත් ජීවත්ව නොඉඳීවි.
    වසිලි වගේ සැබෑ වීරයො ඉන්නෙ පොඩ්ඩක් පැත්තකට වෙලා.
    ස්ටාලින්.. රේගන්.. ට්‍රම්ප්.. පුටින් වගේ කාඩ් බෝඩ් වීරයො ඉස්සරහ මල් මාලා වැටෙද්දි වසිලි වගේ මිනිස්සු නිහඬවම තමන්ගෙ යුතුකම ඉටු කරල යන්න යනව.
    එදා වගේම අදත් අපි ඉන්නෙ අර න්‍යශ්ඨික බෝම්බෙ පුපුරවන බොත්තමට බොහොම ලඟින්.
    කරුණු කාරනා තේරුම් ගන්න බැරි පොඩි ඔළු තියන මිනිස්සු අහනව ඇයි යුරෝපය බය.. ඇයි ඇමරිකානුවන් හෝ නේටෝව පහර නොදෙන්නෙ.
    ඒ වගේම කරුංක ගෙඩියක් තරම් මොලයක් නැති මෝඩ මිනිසුන් පුටින් මහත්තයාට වර්ණනා ලිපි ලියනව මේ කරන අලුගුත්තේරු වැඩ වලට.
    ඇයි බලය ඇති මිනිස්සු ඉවසන්නෙ.. ඒ ..මෝඩ දේශපාලකයො අතර කල්පනා කරන්න පුළුවන් වසිලි වගේ මිනිස්සු කිහිප දෙනෙක් ඉතිරි වෙලා ඉන්න නිසයි.
    එක මෝඩ තීරණයකින් ලෝකයම අළු වෙලා යන්න පුළුවන් කියල දන්න.. තේරුම් ගත්ත නිළධාරීන්.. නායකයන්.. කීප දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්න නිසා විනාශකාරී ලෝක යුද්ධයකින් අපි දැනට ගැලවිලා ඉන්නව.
    අවුරුදු කීපයකට කලින් උතුරු කොරියානු නායකයා කියනව ඇමරිකාව අළු කරන්න පුළුවන් බොත්තමක් මගෙ ලඟ තියනව කියල.. ඒකට පිළිතුරු දුන්නු ඇමරිකානු ගොබ්බ නායකයා කියනව මගෙ බොත්තම උඹගෙ බොත්තමට වඩා ලොකුයි.. ඒක එබුවොත් උඹල ඔක්කොම අළු වෙයි කියල.
    මේ මෝඩ මිනිස්සු තේරුම් ගන්නෙ නෑ මේ අළු වෙන්නෙ මුළු ලෝකෙම කියල.
    මෙන්න මේ වගේ මෝඩ නායකයෙක් නිසා යුක්‍රේන් වැසියන් මේ මොහොතෙදිත් කළුවරේ හීතලේ ඉන්න තැනක් හොයනව.
    වසිලි ආර්කිපොව් වගේ සැබෑම මිනිස්සු නිසා අපි තවමත් ජීවත් වෙනව.

    Vasily Arkhipov වසිලි ආර්කිපොෆ්.. (1926-1988)





     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    dan US ewun hodaai neh ? unta ona ukrain wala military base gahala rusia walata gahnna forward base ekak hadaganna + guerrilla war ekak hari denna.
    ww 3 kawada hari enawa enakota forward base ekak thibbama un gahana nuke kudukarannai unta gahannai wade goda neh ?
    US thama oke pitipasse inne nathuwa wena ekek neme unta ona supremacy wenna. western widiyata oke karakawanna
    china kohomath loke allagannawa US wadi kal yanna kalin kelawenawa
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Cuban Missile Crisis. ලොකු military super powers ලග ඉන්න රටවල් බොහොම පරිස්සමෙන් diplomatically වැඩ කරන්න ඕනෙ කියන්නෙ මෙන්න මේක තමය. Ukraine ජනාධිපති ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත්තනම්. ලෝකෙ සාධාරණය කියල දෙයක් නෑ.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Cuban Missile Crisis. ලොකු military super powers ලග ඉන්න රටවල් බොහොම පරිස්සමෙන් diplomatically වැඩ කරන්න ඕනෙ කියන්නෙ මෙන්න මේක තමය. Ukraine ජනාධිපති ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත්තනම්. ලෝකෙ සාධාරණය කියල දෙයක් නෑ.
    okata ithin dan karanna deyak na US karayo backup inanwa kiyala udapanagena puka hapagatta neh dan ithin hapagena inna wenawa. uta puluwan 3rd ww patan ganne nathuwa yatath wela rusia ekka peace talks daala goda daganna
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    Api hamoma wagabala ganna one kisima ratak kisima ratakata mona hethuwak nisawath paramanuka awiyakin pahara nodena thanakata prasnaya wisanda ganna
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ අවුරුදු 60 ක් තිබ්බ කැරිදෙමල කැපිලි කෙටිලි බෝබ්ම නවත්තපු අපේ ලොක්කා උබලට අමතකයි. මට නම් කිසිදෙයක් කියන්න හිතෙන්නෙ නෑඇ ඒ මනුස්සයට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකෝ මේ රුසියාවෙන් බටහිරට නොගහපු ඒව එක පාට්ට ශෙයා වෙන්නෙ, 🤣
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    okata ithin dan karanna deyak na US karayo backup inanwa kiyala udapanagena puka hapagatta neh dan ithin hapagena inna wenawa. uta puluwan 3rd ww patan ganne nathuwa yatath wela rusia ekka peace talks daala goda daganna
    ඔව් මිනිහ මෝඩ උනා දෙපැත්තම balance එකේ තියාගෙන ගේමක් ගැහුවනම් හරි. මේක යුද්ධයක් දක්වා ගිය එකත් ලෝකයට වැරදි පූර්වාදර්ශයක්. බලවත් රටක් හිතූමනාපයට තවත් ස්වෙයිරී රටක් ආක්‍රමණය සුලුවෙන් තකන්න බෑ. මේ දෙස ලෝකය දක්වන ප්‍රතිචාරය චීනය හොදින් නිරීක්ෂණය කරනවා ඇති, කුමක්නිසාද යත් තායිවානය සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබෙන අර්බුදය නිසා.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,722
    113
    🙄🤔😬
    මොකෝ මේ රුසියාවෙන් බටහිරට නොගහපු ඒව එක පාට්ට ශෙයා වෙන්නෙ, 🤣
    Oya mokakda kiyanna hadanne?
    Mama kiyanna uthsaha karanne api minissu widiyata nuclear weapons pawichchi karanna yanawa kiyana eke wipaka monawada kiyala danagena inna one kiyana eka

    යකෝ අවුරුදු 60 ක් තිබ්බ කැරිදෙමල කැපිලි කෙටිලි බෝබ්ම නවත්තපු අපේ ලොක්කා උබලට අමතකයි. මට නම් කිසිදෙයක් කියන්න හිතෙන්නෙ නෑඇ ඒ මනුස්සයට
    Mahinda lokka yudde dinawala dunna eka amathaka karanne kohomada ban. E nisane api nidahase inne ada
    ------ Post added on Feb 28, 2022 at 12:24 PM
     
    Last edited:
    • Like
    Reactions: manjulabw