තුන් සිංහලේ සීමාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,123
    113
    තුන් සිංහලේ සීමාව දැනගෙන හිටියද😁

    මේ තියෙන්නේ කටුගස්තොට තියෙන ත්‍රී සිංහල සීමාරාමය.මේක අනුරාධපුරේ,පොලොන්නරුවේ ඉඳලා එන අයනම් අනිවා දැකලා ඇති.අර උස බුදු පිලිමයක් එහෙම තියෙන්නේ ඒ මෙතන.ඉතින් මේකට ත්‍රී සිංහල සීමාරාමය කිව්වේ ඇයි කියලා දන්නවද.ඔයාලා දන්නවා ඇති දුටුගැමුණු රජතුමා රට පාලනය කරන කාලේ රුහුණු පිහිටි මායා කියලා කොටස් තුනකට බෙදලා තමයි පාලනය කරේ.ඒකෙන් මහවැලි ගඟට එහාපැත්තේ කොටස රුහුණු රට.මෙහා පැත්තේ පිඟා ඔයෙන් අනුරාධපුර යන පාර පිහිටි රට(ජයශ්‍රීමහ බෝධිය පිහිටි නිසා).එතනින් එහාට කුරුණෑගල පැත්ත මායා රට.එතකොට තුන් සිංහලේ සීමාව තමා කටුගස්තොට කියන්නේ.ඒ වගේම කටුගස්තොටට නම හැදිලා තියෙන්නේ ගැමුණු රජ්ජුරුවෝ කඩුගත්තොට නිසා කියලත් කියනවා😁.පොල්ගොල්ල ජලාශය හදලා ගඟ පිරෙන්ට කලින් ගඟ මැද්දේ සෙල්ලිපියක් තිබ්බා කියලා මෙහෙ වයසක මිනිස්සු කියනවා.නුවර ඉඳලා කටුගස්තොටට එන කෙනෙක් රුහුණු රටේ ඉඳලා ඇවිල්ලා පාලමෙන් එගොඩ වෙලා මායා රටට එනවා.ඊටපස්සේ මායා රටේ ටික දුරක් ඇවිල්ලා පිහිටි රටට ඇතුල් වෙනවා😋.ඒ හා සම්බන්ධ කවියක් එකතු කරන්නම්කෝ.
    සමන් ගිරි කුලින් මහවැලි ගඟ වැටුණු
    ගිමන් හැර ගලන පිඟා ඔයද දැනගනු
    මෙවගේ ලකුණු තුන් තුන් මායිමට ගනු
    කියන් මතු මේ තුන්හෙලේ සීමා ලකුණු

    ( උපුටාගත්තකි -හෙලමුඛ අටුව)

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,123
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,123
    113
    දුටුගැමුණු රජතුමාත් දකුණේ ගැම්මක් තමයි. ඔරිජිනල් සිංහයෝ.
    රුහුණු රටට තමා දැන් දකුණ. ඉස්සර දක්ඛිණ දේශේ කියන්නේ මායා රටට ඒ කියන්නේ දැන් බස්නාහිරට.

    කොහොම උනත් රුහුණු ඉතිහාසය ගොඩක් පොත් වල නෑ සෙල්ලිපි වල තියෙන්නේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සින්හයො කසිප්පු ගහන්නෙ නෑනෙ
    රජ කාලේ කසිප්පු තමයි තිබ්බේ. අරක්කු නැ, ඒ සම්ප්‍රදාය අපි තවම පවත්වාගෙන යනවා.
    රුහුණු රටට තමා දැන් දකුණ. ඉස්සර දක්ඛිණ දේශේ කියන්නේ මායා රටට ඒ කියන්නේ දැන් බස්නාහිරට.

    කොහොම උනත් රුහුණු ඉතිහාසය ගොඩක් පොත් වල නෑ සෙල්ලිපි වල තියෙන්නේ.
    ඔව් ගොඩක් සෙල් ලිපි වලින් තමයි ඒ ඉතිහාසය ගැන දන ගන්නේ. තවත් ගොඩක් දේවල් ඇති ඉදිරියට හොයා ගන්න අපේ රටේ ඉතිහාසය ගැන. දැක්ක නේද අර දිබුලාගල සෙල් ලිපිය. එච්චර ලොකු සෙල් ලිප්ත් තියනව කියන්නේ තවම හොයාගෙන නැති.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දුටුගැමුණු රජතුමාත් දකුණේ ගැම්මක් තමයි. ඔරිජිනල් සිංහයෝ.
    Kingdom_of_Polonnaruwa.svg


    Galla ruhune nemei. :lol: :lol: :lol:

    meka harida mama danne na.