තුන් සිංහලේ සීමාව දැනගෙන හිටියද
මේ තියෙන්නේ කටුගස්තොට තියෙන ත්‍රී සිංහල සීමාරාමය.මේක අනුරාධපුරේ,පොලොන්නරුවේ ඉඳලා එන අයනම් අනිවා දැකලා ඇති.අර උස බුදු පිලිමයක් එහෙම තියෙන්නේ ඒ මෙතන.ඉතින් මේකට ත්‍රී සිංහල සීමාරාමය කිව්වේ ඇයි කියලා දන්නවද.ඔයාලා දන්නවා ඇති දුටුගැමුණු රජතුමා රට පාලනය කරන කාලේ රුහුණු පිහිටි මායා කියලා කොටස් තුනකට බෙදලා තමයි පාලනය කරේ.ඒකෙන් මහවැලි ගඟට එහාපැත්තේ කොටස රුහුණු රට.මෙහා පැත්තේ පිඟා ඔයෙන් අනුරාධපුර යන පාර පිහිටි රට(ජයශ්‍රීමහ බෝධිය පිහිටි නිසා).එතනින් එහාට කුරුණෑගල පැත්ත මායා රට.එතකොට තුන් සිංහලේ සීමාව තමා කටුගස්තොට කියන්නේ.ඒ වගේම කටුගස්තොටට නම හැදිලා තියෙන්නේ ගැමුණු රජ්ජුරුවෝ කඩුගත්තොට නිසා කියලත් කියනවා
.පොල්ගොල්ල ජලාශය හදලා ගඟ පිරෙන්ට කලින් ගඟ මැද්දේ සෙල්ලිපියක් තිබ්බා කියලා මෙහෙ වයසක මිනිස්සු කියනවා.නුවර ඉඳලා කටුගස්තොටට එන කෙනෙක් රුහුණු රටේ ඉඳලා ඇවිල්ලා පාලමෙන් එගොඩ වෙලා මායා රටට එනවා.ඊටපස්සේ මායා රටේ ටික දුරක් ඇවිල්ලා පිහිටි රටට ඇතුල් වෙනවා
.ඒ හා සම්බන්ධ කවියක් එකතු කරන්නම්කෝ.
සමන් ගිරි කුලින් මහවැලි ගඟ වැටුණු
ගිමන් හැර ගලන පිඟා ඔයද දැනගනු
මෙවගේ ලකුණු තුන් තුන් මායිමට ගනු
කියන් මතු මේ තුන්හෙලේ සීමා ලකුණු
( උපුටාගත්තකි -හෙලමුඛ අටුව)