සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් සිවුදෙනකු ආරක්ෂාවට යොදවා තිබියදී වන අලි ප්‍රහාරයට ලක්ව හානියට පත් ගොඩනැගිලි ඉදිකර ගැනීමට සිවිල් ආරක්ෂක බළකායෙන් ශ්‍රමදායකත්වය ලබාදෙන බවට පොරොන්දු වුවද එම බළකායේ කිසිදු උසස් නිලධාරියකු තම දුරකථන ඇමැතුම් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවත් මීට පෙරද තමාගේ හිසට වෙඩි තබන අවස්ථාවේදී පවා සිවිල් ආරක්ෂක බළකායෙන් සිටියද වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති වීම පිළිබඳව රටේ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය වහා යොමු විය යුතු බවට පවසමින් මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළහ.
මෙම තත්ත්වයන් මත තම විහාරස්ථානයට ගිනි අවි හා මත්ද්‍රව්‍ය ගෙනැවිත් දමා තමන් නැවත වරක් සිරගත කිරීමට සිවිල් ආරක්ෂක බළකායේ ඇතැම් නිලධාරීන් රහසිගතවැඩපිළිවෙළක් සිදුකරගෙන යන බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ කඩිනම් අවධානය යොමු කර තමන්ට මෙන්ම විහාරස්ථානයට විධිමත් ආරක්ෂාවක් සලසන ලෙසද අම්පිටියේ සුමනරතන නාහිමියෝ පැවැසූහ.
දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්, දායකකාරකාදීන්, ලබාදුන් මුදල් වලින් ඉදිකරගත් දාන ශාලාව සහ විශ්‍රාම ශාලාවේ මුර සේවයට යොදවා සිටියදී වන අලින් විසින් විනාශ කළ බවත් එය මෙතෙක් ඉදිකිරීමට කිසිදු අංශයක අවධානය යොමු වී නොමැති බවත් සුමනරතන
නාහිමියන් පැවැසූහ.
වසර තිහක් පැවති කුරිරු යුද්ධයට තමන් වහන් සේ යුද්ධයෙන් බැටකා ප්‍රදේශයේ ජනතාව සමඟ නොබියව සිටි බවත් විහාරස්ථාන 14ක් ආරක්ෂා කරගෙන සිටි බවත් පැවැති සෑම රජයක්ම නැගෙනහිර පළාතේ වෙහෙර විහාරස්ථාන වලට මෙන්ම තම විහාරස්ථානයට කුඩමගේ සැලකිලි දැක්වූ බවත් නැගෙනහිර පළාතේ පුරාවිදන ස්ථාන යම් යම් සංවිධාන විනාශ කළද ඊට කිසිදු අවධානයක් නොමැති බව අම්පිටියේ සුමනරතන නාහිමියෝ චෝදනා කළහ.