තුහිනයක් සේ ඔබ ඇවිදින්........

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
තුහිනයක් සේ ඔබ ඇවිදින්........


කොළ හතරක කැඩි‍චිච සිංහලෙන් ඔයා ලියලා එවපු අමාරැ ලියමන මාව තැති ගන්වනවා. කදුඑ ලේ බවට පරිවර්තනය වෙලා, ලේ තීන්ත බවට වෙස් පෙරළිලා ඔයාගේ වර්ථමාන කතාව ආයෙත් මට ලියලා එවලා. මං ලග පොදි ගහලා ගිය හීනයි, ඔයාගේ සවිස්තරාත්මක ලියමනයි ගලප ගන්න බැරිව මං හතර අත කල්පනා කරනවා. ඔයා හැමදාම කිවිවා වගේ හීන ඔයාගේ ජිවිතය තුල යතාර්ථයක් නොවන බව මට දැං පසක් වෙනවා. සංවිධානයෙන් ඔයා අයින් වුණේ මගෙන් රැකවරනයක් බලාපොරොත්තුව. ඔයා මං ලග ගුලි ගැහුණේ නැති වුණ ජිවිතය හොයාගෙන, ඔයා ආයේමත් ගමට ගියේඅතීතය වළලන්න හිතාගෙන. එත්...... අද ඔයා මට තුස්තවාදී ලියමනක් එවලා.......

ජිවිත වල මිල ගණන් කැදවනවා කියලා ඔයා එකේ ලියලා තිබුණම, මම වැඩිපුර බය වුණේ ඔයාට අතීතයේ තිබුණු සබදතා ටික එචිචර හොද නැති නිසා. එහෙත් කරන්න වෙන විකල්පයක් නැති නිසා ම ඔයා නැවත සංවිධානයට බැදුනා කිවිවම මම ටිකක් සංසුන් වුණා. එත් ඔයා ගැන පරණ තිබුණු භීතිය තවම එහෙමිමයි. මට තිබුණේ මං ගැන බයකට වඩා ඔයා ගැන බියක්. ඔයාමයි මගෙන් අවසර ඉල්ලුවෙ අඑතින් ජිවිතේ පටන් ගන්න උදවි කරන්න කියලා. එත් ඔයා නවත්වපු පරණ තැනින් පරන ගමනෙම යෙදිලා. කිසිම දවසක ආදරය අත්විදලා නොතිබුණු ඔයා මගේ පපුව උඩ ගුලි ගැහුණේ උණුහුම හොයන පුංචි කෙල්ලක් වගේ, ඇත්තටම මට දැං ඔයාව නැති කරගන්න ලෝබයි . ඔයා ලග තියෙන පිචිච මල් සුවද නැතිව මගේ හිත තොන්තු වෙලා. එත් මෙ ලියමනින් ඔයා මගේ හිත ආයේමත් පහුරැ ගානවා .සමහර විට මම ආත්මාර්තකාමි ඇති එත් පරාර්තකාමි ඔයාගේ අරගලයට වඩා මට ඔයාව ඔන වෙමින් තියනවා.




කිළිටි අඩිපාරවල්
තවම මගේ ජිවිතය මත
නුඹ ගිය පසුත්
කුංකුම තැවරැමි
තවම මගේ පපුව මත
වැතිර හිද
නුඹ ගිය පසුත්
නාය යමින් තිබෙන පුර්තනා පොදියත්
තවම බරට මගේ පපුව උඩ
කදුඑ තවරා
නුඹ ගිය පසුත්


උඩින් දාපු බෝමිබ වලින් ඔයාගේ ගමෙ මිනිස්සු ගොඩකගේ ජිවිත නැති වුනා කියලා ඔයා කියලා තිබිබා. කවදාවත්ම මට නොකියා තිබිබ අමිමයි අප්පයිත් මිය ගිහින් කියලා ඔයා කියලා තිබිබා. ඔයාව නැවත සංවිධානය දෙසට තල්ලු කරන්න එක ලොකු හේතුවක් කියලත් ඔයා කියලා තිබිබා. තව මොන මොනවදෝත් ඔයා කියලා තිබිබා. මං ඔයා ලග නොහිටපු අඩුව ඔයාට ගොඩක් දැණුනා නේද?? මැරෙන්න හරි මට ඔයත් එක්ක යන්න එන්න තිබුණේ. ඇත්තටම ඔයයි මාව නැවැත්තුවෙ එහෙමනමි ඔයා සංවිධානයට යන්නේ නැතිව මගේ පපුව ඇතුලටම කිදා බහීවී. තිලකයක් තියපු ගැහැණියෙක්ව අරං මං කොහොම හරි ඔමන්තේ පනිනවා එහෙනමි.



83 දී ඥාණදාස මාමට නවාතැන් දීලා අපේ අප්පචිචි මෙහේ උන් පුචිචලා මැරැවා, රට බෙර ගන්න ඔනේ කියලා අයියා ආමි එකට ගිහින් අද වෙනකං ආරංචියක් නැහැ, මෙ ඔක්කොම අතහැරලා මට ඔන වුණේ ඔයාව, ඔයාගේ පුංචි හිනාව. මතකද ආතේ ඇගිලි ගානටත් අඩුවෙන් හිනාවෙලා තිබුණු ඔයාව එක දිගට සතියක් මං හිනැස්සුවා. ඔයාගේ ඇස් වලින් කදුඑත් පැන්නා එතකොට ඔයා මගේ කමිස උරයෙන් ඒ කදුඑ පිහලා දැමිමා.



සමනළී.............. ඒ කදුඑ තාවම මා ගාව. අප්පචිචි නැති වුණ වෙලේ අමිමා අඩපු කදුඑත් තාවම මා ගාව, අයියා ගැන ආරංචියක් නැතිව උඩබලාගෙන අමිමා හුල්ලපු සුසුමි වැල් ටිකත් තාවම මා ගාව... මෙ පාප කර්ම ටික ඔක්කොම පියවෙලා යන්න කියලා මං හිතාගෙන හිටියේ ඔයාගේ ඇතුලේ දියවෙන්න.........


සමනළී....... කොණ්ඩ කරල් දෙකක් බැදගෙන යුනිෆෝමි එකක් ඇදගෙන ඔයා යුද්දෙට ගිහිල්ලා. මගේ අප්පචිචිටත් අයියටත් වුණ දේ ඔයාට වෙනවට මං බයයි පැයෙන් පැයේ මැරිචිච ගණන වෙන්දේසියේ දානවා වගේ කියවගෙන යනවා. මට ටීවී එක උස්සලා පොලවෙ ගහන්න හිතයී, එත් ඔයා ගැන හරි ඔයාගේ ජිවිතය ගැන හරි බලාපොරොත්තුවක් මට දැං එකෙන් තියෙනවා.



ඔයා කරන වැඩෙ හරිද වැරදිද කියලා මං දන්නේ නැහැ. එත් ඔයා ඉපදෙනකොටත් ඇහුණේ බෝමිබ සද්ද... ඔයා සෙල්ලමි කරෙත් බෝමිබත් එක්ක.... ඔයා හිතේ තද වෙන්න පුරවගෙන හිටියේ වෛරයක්...... එත් මං ඔයාට ආදරය දුන්නා..... වෙන කාටවත්ම දෙන්න බැරි වුණ පේමයෙන් ඔය හිතේ තිබිබ වෛරය මම මකලා දැමිමා ඉතිං ඔයා සින්නක්කර අයිති මට....... හෙට උදේ පෙන්වන මිනී කදු උඩ ඔයත් හිදිවි කියලා තමයි මගේ හිත කියන්නේ. එහෙම හොදයි තවදුරටත් බෙරිලා පැනලා ඇවීත් දහදුක් විදිනවට වඩා... යටත් වෙන්න කියලා කිවිවට උන් ඔයගොල්ලෝ හැමෝම එක වෙඩි පහරින් මරලා දාවි. මම උදේ ම පංසලට ගිහින් ඔයව පසාරැ කරගෙන යන වෙඩි උණ්ඩයෙන් ඔයට අවම රිද්දමක් තියෙන මරණයක් ගෙන්න කියලා පුර්ථනාවක් කරන්නද???



කවමදාවත් පිරිමියෙකුගේ පහසක් නොලබා තිබුණු ඔයාව මුලින් ම සිප ගත්තේ මම මතකද.............??? පිරිමි අත් දෙකකින් ඔය කඩා වැටෙන කොණ්ඩෙ පිචිච මල් වැලක් ගැහුවෙ මම මතකද...........???? බයෙන් බයෙන් හරි ඔයා මගේ අතේ එල්ලීලා මුඑ කොළඹ පුරා ඇවිද්දා මතකද.........???


බලන්න සමනළී ...........
මෙ කොළඹ ම පාඑවට ගිහින්
මුසල පැහැගෙන
ඔයා දගල දගල පාගපු මුහුදු වතුරත් රත් පැහැගෙන
ඉර මලානික වෙලා
සමනළී ඔයා අයිති මට, මගේ හිතේ විමුක්තිය උදුර ගත්තේ ඔයා

ජිවිතය ඔයාව හොයාගෙන එනකොට ම මරණය වෙඩි උණ්ඩත් එක්ක ඔයා පස්සෙමි ම ඇවිල්ලා ඔයාගේ, උන්ගේ ලේ වලින් තෙත බරිත වෙචිච මෙ පොළව උඩ පොරැවක් ගහලා ඔයාගේ මරණේට හිනා වුණ එකියක් එක්ක දීග යන්න කියලා හෙට මට සමාජයෙන් බල කරාවී, මටත් කියලා එවන්න පේමයෙන් පිරිචිච මනුස්සකමෙන් බැබලෙන හෙට දවසකට මමත් එනවා කොහේ හරි ලෝකයකට ඔයත් එක්ක





............මල් සුවද රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඩ ගසයි
අනේ අපි කවදාක
හින හෙමුද ඒ රටෙ..........

මම අරවින්ද
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් අපුරු සංවේදී රචනයක්..උඩුසිත නිසොල්මන්ව තිබියදී ඔබේ යටි හිත ඔබටත් නොදැනිම ඇත්ත එලි දැක්වු මොහොතක්...

මම ගොඩක් වින්දා සහෝදරයා...

ඔබ නැවත වරක් ජනතාවගේ හිත් පිරිපහදු කර ගන්නට හා එහි ඇතුලාන්තයත් ඒ හා ගැටෙන මිනිස්කමේ වැට කඩොලු හා සීමා මායිම් ගැනත් ගැඹුරින් පරිශීලනය කරන්නට අගනා අවස්තාවක් ලබා දී තිබෙනවා...

ඔබට ජය!!
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
සිතට දැනුනු අපූරු නිර්මාණයක් ...:):)
ස්තුතියි ...
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
ඉතාමත් අපුරු සංවේදී රචනයක්..උඩුසිත නිසොල්මන්ව තිබියදී ඔබේ යටි හිත ඔබටත් නොදැනිම ඇත්ත එලි දැක්වු මොහොතක්...

මම ගොඩක් වින්දා සහෝදරයා...

ඔබ නැවත වරක් ජනතාවගේ හිත් පිරිපහදු කර ගන්නට හා එහි ඇතුලාන්තයත් ඒ හා ගැටෙන මිනිස්කමේ වැට කඩොලු හා සීමා මායිම් ගැනත් ගැඹුරින් පරිශීලනය කරන්නට අගනා අවස්තාවක් ලබා දී තිබෙනවා...

ඔබට ජය!!

Thankx machan
 

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
A journey into the world of past
it was written nice and expressed even better... the feeling, emotions could be felt from yo words
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
ගොඞාක් සංවේදි වගේම හිතට හුගාක් දැනුන කථාවක් අරවින්ද අයියා.
ඇත්තටම මම මේකට ගොඞක් කැමතීයි.
ඇත්තම ඇත්ත කථාවක්ද කියලත් හිතුනා.
මොනව උනත් හරිම අපූරුයි.
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කියන්න වචන නෑ මචං.හිතට තදට දැනුනා. සමනලී කරපු දේ හරි උනත් වැරදි උනත් එයා ඒ තත්වෙට පත් වුනේ විහින්නම් නෙමේ. කවද හරි දවසක අරවින්ද වගේම මුළු ලංකාවම ඒක පිළිගනීවි. එදාට ඔය අත්පුඩි ගහපු අය ඒවට පොලිත් එක්ක අඩයි.
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    hmmmm mona kiyannada? oya kathawata samana katha one tharam athi.... lassanata liyala thiyanawa aravinda... mama hithenanawa oya prarthana karana ee rata dan goda nagemin thiyanawa... apeth prarthanawa eekane... eda wage atheethayak ekka satan karanna puluwan nam ada wage warthmanayak walada ganna apita puluwan aravinda... wishishta nirmanayak
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ගොඞාක් සංවේදි වගේම හිතට හුගාක් දැනුන කථාවක් අරවින්ද අයියා.
    ඇත්තටම මම මේකට ගොඞක් කැමතීයි.
    ඇත්තම ඇත්ත කථාවක්ද කියලත් හිතුනා.
    මොනව උනත් හරිම අපූරුයි.

    thankx dear
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    කතාවක් විදියට හුගාක් වින්දත්,
    පහුගිය කාලෙ හැබෑවක් වෙනවට කොයි කොල්ලත් අකමැති වෙන නරක
    හීනයක් ඔබ හුගක් සංවේදී විදයට ලියල තියෙනව.
    හොද උත්සාහයක්.:yes: