තූතන්කාමුන් ගේ වගතුග

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    තූතන්කාමුන් ගේ වගතුග

    ඊජිප්තුවේ පාරාවෝ රජෙක් ගැන ඇහුවොත් ඕන කෙනෙක් දන්න නමක් තමයි
    තූතන්කාමන් රජු කියන්නේ.
    තුතන්කාමුන් ගේ සාප ගැන තමයි ගොඩක් අය දන්නේ.
    මට හිතුනා සාප ගැන කතාව පටන් ගන්න කලින් තූතන්කාමන් ගැන කතා කරන්න.

    අනිවාර්යෙන්ම එලකිරිමේ මේ ගැන කතා වෙලා ඇති. ඉතිහාසය ගැන කොච්චර කතා කලත් මදි නැනේ.
    මේ සියල්ල සංවාදයට විවෘතයි.

    KARFDQu.jpg


    මිසරයේ පාරාවෝ රජවරුන් අතරින් දැනට ප්‍රසිද්ධම පරාවෝ රජු තූතන්කාමන්(තුතන්කාමුන්) රජු වුවත්, 1922 වසරේ කාටර් විසින් තූතන්කාමන් මමිය සොයාගන්නා තෙක් ඔහු එතරම් ප්‍රකට රජෙක් නෙවෙයි. රාජ්‍ය සමය තුල දිත් එතරම් කැපි පෙනෙන වැඩක් කරන්නට තූතන්කාමන්ට හැකියාවක් ලැබෙන්නේ නැ.


    දැනට වාර්තා වන විදිහට තූතන්කාමන් (තූතන්කාමුන්) උපත ලබන්නේ ක්‍රි.පූ 1341 වසරේදියි. ඔහුගේ පියා වන්නේ ආකේනටේන් (Akhenaten) පාරාවෝ රජතුමායි. ආකේනටෙන් රජු ක්‍රි.පූ 1336 - 1336 කාලය අතරතුර මිය යනවා. ඔහුගේ මරණය ඝාතනයක්ද ස්වභාවික මරණයක්ද යන්න ගැන විවිධ මත පලවෙනවා.

    ආකේනටෙන් රජු (පියරජු)
    XXao1Ji.jpg


    ඉන්පසු භාරකාර රජුන් දෙදෙනකුගේ පාලනයෙන් පසුව ලමා තූතන්කාමන් අතට කිරිටය බාර වෙනවා. ඒ වන විට තූතන් ගේ වයස අවුරුදු 9ක් පමණ ඇති. ඔයාලාට තේරෙනවානේ, මෙවැනි කුඩා වයසකින් රාජ්‍ය පාලනය බාර වුනාම, නිතැතින්ම රාජ සබාවේ බලවන්තයන්ගේ අදිසි පාලනයට පුංචි රජතුමා නතුවනවා කියලා. තූතන් හටත් ඒකම වුනා.


    තම රාජ වංශයේ පැවැත්ම තහවුරු කරනු වස් තූතන්කාමන්ට තම සහෝදරියක වූ Ankhesenamun සමග විවාහ වෙන්නට සිදු වෙනවා. Ankhesenamun තූතන්ගේ අර්ධ සොයුරියක්. මීට පෙර ඇය තූතන්ගේ පියා වූ ආකේනටෙන් රජු සමගත් විවාහ ව සිට ඇති බව ද සදහන් වෙනවා. Ankhesenamun රජ බිසව වුනත් ඇය සතුව එතරම් බල අධිකාරියක් තිබි නැ. ඒ මොකද කියලා ඉදිරි කියවිම් වලින් වැටහේවි.

    fdWETcl.jpg

    තූතන්කාමන් ගේ රාජ්‍යපාලනය තුල එතරම් කැපි පෙනෙන දේවල් සිදුකරලා නැ. කැපි පෙනෙන දෙයක් කරන්න තරම් ඔහු රාජ්‍ය පාලන සමය දීගු නොවිමත් එක් හේතුවක් වෙන්න පුලුවන්.

    නමුත් ඔහු විසින් කරපු ආගමික ප්‍රතිසංස්කරණ එක් වැදගත් වෙනසක් ලෙස සැලකිය හැකි. පියරජු විසින් හිරු දෙවියන් වන්දනාමානය මූලික ආගමික ප්‍රතිපත්තියක් අනුගමනය කලාත්, තූතන් විසින් ‘‘අමුන්‘‘ දෙවියන් මූලික ආගමික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඔහු විසින් අාගමික මධ්‍යස්ථානය ලෙස නැවත තිබිස් නම්කරනවා.

    තූතන්කාමුන්ට සෙන්පති Horemheb හා පුරෝහිත Ay ප්‍රභල උපදේශකයින් දෙනෙකු සිටියා. මොවුන් දෙදෙනාම තූතන්කාමන්ගේ මරණින් පසු රජවරුන් බවට පත්වෙනවා.

    මට හිතුනා තූතන්කාමුන්ගේ සමකාලින පාලකයින් හා බලවතුන් ගැන පොඩි සොයාබැලිමක් කරන්න.

    ay

    fuQkVMV.jpg



    තුතන්කාමුන්ගේ උපදේශකයෙකි. තූතන්ගේ පියාගේ අගබිසව වූ නෙෆටිටි රැජිනගේ පියා වීම නිසා ඥාතිකයෙකුද වේ. තුතන්කාමුන්ගේ පාලනයේ අදිසි හස්තය ලෙස සැලකිම වරදක් නොවූ අතර තූතන්කාමුන්ගේ මරණයෙන් පසුව ඊලග පාරාවේ ලෙස ‘‘අයි‘‘ පත්විම මගින් ඔහුගේ බලය පෙනේ.
    එමෙන්ම තූතන්කාමුන්ගේ වැන්දඹූ බිසව Ankhesenamun විවාහා පත්කරගත්තේද ඔහුයි.


    Horemheb


    හමුදාපතිවරයායි. රජුගේ උපදේශකයෙකි.
    තූතන්කාමුන් මරණයෙන් පසු පාරාවෝ ලෙස පත්වූ ‘‘අයි‘‘, බලයෙන් පහකරමින් ඔහු පාරාවෝ බවට පත්වේ.
    එමෙන්ම තූතන්කාමුන්ගේ පරම්පරාවේ මතකසටහන් රැසක් ඔහු විසින් විනාශකර දමන ලදි. එමනිසා වැදගත් සාධක විශාල සංඛ්‍යාවක් අහිමි විය.
    තූතන්කාමුන්ගේ මරණයෙන් පසු ඔහු හැසිරුනු ආකාරය අනුව තූතන්කාමුන් වෙත ඔහු දැක්වූ පක්ෂපාතිත්වය ගැන සැකයක් ඇතිවේ.

    ඔහුගෙන් පසු බලයට පත්වන්නේ සුප්‍රකට පලමු රැම්සේස් පරාවෝ ය.

    Suppiluliuma I

    හිටයිටි අධිරාජ්‍යයේ සමකාලින පාලකයායි. ඔහු විසින් ඊජිප්තුවටද තර්ජනයක් වෙමින්, මිටන්නි බල ප්‍රදේශ අත්පත්කරගනිමින් තම අධිරාජ්‍යය පතුරවාහරින ලදි.
    තූතන්කාමුන් මරණයෙන් පසු Ankhesenamun රැජින ඔහුගේ පුත්‍රයකු වෙත විවාහා යෝජනාවක් සිදුකල අතර ඊට ප්‍රතිචාර ලෙස තම පුත්‍රයකු වූ Zannanza කුමරු ඊජිප්තුව වෙත පිටත්කරන නමුත් ගමනේදි කුමාරයා මරණයට (ඝාතනයක් ලෙසද පැවසෙනවා) පත්වනවා. මේ නිසා රාජ්‍ය අතර විරසකයක් හටගන්නවා.


    තූතන්කාමන් තරුණ පාලකයෙක් වුනත් සෞඛ්‍යමත් පුද්ගලයකු වුනේ නැ. ඔහු අස්ථි රෝග වලින් පෙලුණු බව මමිය පරික්ෂා කිරිමේදි අනාවරණය වුනා. පාරාවෝ රජවරුන් අතර සෞඛ්‍ය සම්පන්න නොවන රජවරුන් සිටිමට හේතුව ඥාතින් අතර අතර සිදුවන විවාහා විය හැකියි. DNA පරික්ෂණ වලින් හෙලිවූ කරුනු අනුව තූතන්ගේ පියා විවාහව ඇත්තේ ඔහුගේ සහෝදරියක සමග බව හෙලිවුනා. තූතන් විවාහ වුයේ ද ඔහුගේ සහෝදරියක සමගයි.

    තූතන්කාමන්ට දාව උපන් බිලිදියන් දෙදෙනාම උපන් ගෙයි මිය ගියා. එම බිලිදියන් දෙදෙනාගේ මමිකරණය කරන ලද සිරුරු තූතන්කාමුන්ගේ සොහොන් ගෙය තුලින් හමුවුනා.

    තූතන්කාමුන් ගේ මරණය ගැන වාද විවාද පවතිනවා. දැනට පිලිගන්නා මතය අනුව තූතන්කාමුන්ගේ මරණය සිදුව ඇත්තේ අනතුරක් නිසා පාදයේ ඇතිවූ අස්ථි බිදිමක් ආසාධනය විමෙන්. එකල දරුණු අස්ථි බිදිමකදි කල යුතු ප්‍රතිකාර සම්බන්ද නිසි තාක්ෂණයක් තිබි නැ. ඒ නිසා ඇතිවූ ආසාධන තත්ත්වය නිසා තූතන් මිය යන්නට ඇතැයි විස්වාස කරනවා. මිට අමතරව මමිය සම්බන්දව සිදුකල පරික්ෂණ වලදි මැලේරියා රෝගය කිප වරක්ම වැලදි ඇති බවටද සාධක හමුව තිබෙනවා. ඒ නිසා මැලේරියා රෝගය උත්සන්න විමෙන් සිදුවු මරණයක්ද විය හැකියි.

    තූතන්ගේ මමියේ හිසේ කුහරයක් ඇති අතර, එම සිදුර සාක්ෂියක් කොට ගනිමින් තූතන්කාමුන් ඝාතනය කල බවට මතයක් ඇතිවුවත්, පසුව අනාවරණය වූයේ තූතන්කාමන්ගේ සිරුර මමිකරණය කිරිමේදි මේ සිදුර ඇතිව ඇති බවටයි.


    වයස 18 -19 අතර කාලයේ සිදුවූ තූතන්කාමන්ගේ මරණයෙන් පසුව චාරිත්‍රානුකුලව සිරුර මමිකරණයට ලක්කරන ලදි. සොහොනේ ප්‍රමානය හා මමියට පැලදූ රන් මුහුනේ ප්‍රමාණය අනුව තූතන්ගේ අවසන් කටයුතු ඉක්මනින් සිදුකර ඇති බව පෙනියනවා.

    රජුගේ උපදේශක වූ ay ගේ බලපැම් මත අවසන් කටයුතු ඉක්මනින් සිදුකලා වෙන්නට පුලුවන්. මොකද තූතන්කාමුන්ට පසු රජකම ලබාගන්නේ ay විසින්. ay විසින් තම රජකම තහවුරු කරගැනිම සදහා වැන්දඹු බිසවද විවාහා කරගන්නවා.

    තූතන්කාමන් ගේ සිරුර තැන්පත් කරන්නේ පිරමිඩයක් තුල නෙවෙයි. රජවරුන්ගේ නිම්නයේ සෑදු සොහොන් ගෙයක් තුල තැම්පත් කල සිරුර සමග රන්මුතු සහිත විශාල ධනස්කන්දයක් තැන්පත් කරනවා.

    කාලයේ වැල්ලෙන් වැසි යන තූතන්කාමන් ගේ සොහොන නැවත ජනතාව අතරට පැමිනෙන්නේ කාටර් විසින් 1922 වසරේදි සිදුකල අනාවරණයන් සමගයි. ඔහු සොහොනම සුද්ද කලා කිව්වොත් හරි.
    තූතන්කාමුන් හා පුරාවස්තු ඊජිප්තුවෙන් විතැන් කිරිම අරබන්නේ ඔහු.


    -රොෂීන් ප්‍රනාන්දු

    ජනේලය

    සංවාදයට විවෘතයි
    කෙටි ප්‍රතිචාරයද මහත් කොට සලකමි.
    පෙර ප්‍රතිචාර වලට බොහෝ පිං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.තුතාන්කාමන්ගෙ අම්ම තාත්ත දෙන්නම ලේ නෑදෑයො...ඒ කියන්නෙ සහෝදර සහෝදරියො...ඒක නිසා තුතාන්කාමන් ජාන විකුර්තියකින් පීඩා විදල තියෙනව...

    2.තුතාන්කාමන් මැරිල තියෙන්නෙ මැලේරියාව හැදිල....

    ඔව තමයි අලුත්ම සොයා ගැනීම් තුතාන්කාමන් සම්බන්ධව.
    ..
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Ankhesenamun මාර බඩුවක්නෙ බන්. වටේම ගේම ගහල ලස්සනට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙන ප්‍රසිද්ද කතාවක් නේ මචන් ඔය සොහොන විවුරුත කරපු දවසේ ඉදන් ඒ කරපු කට්ටිය මැරුණේ සාපයක් හින්දා කියල
    එක එකා මැරිලා තියෙනව නේ ඉක්මනාට අබූත හේතු වලට
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    හෙන ප්‍රසිද්ද කතාවක් නේ මචන් ඔය සොහොන විවුරුත කරපු දවසේ ඉදන් ඒ කරපු කට්ටිය මැරුණේ සාපයක් හින්දා කියල
    එක එකා මැරිලා තියෙනව නේ ඉක්මනාට අබූත හේතු වලට


    මම බැලුව මචන් මේක ගැන තියෙන documentary එකක් , එකේ කියන විදිහට සාපයක් නෙමෙයිලු , එක දිලීර කේස් එකක්ලු.








    තව මෙන්න මේ දෙකත් වටිනවා.



     
    • Like
    Reactions: Thoppi_Chaminda