තෙල් ගෑස් සහ යුද්ධ-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    තෙල් ගෑස් සහ යුද්ධ-2

    03r6rF9.jpg

    තෙල් ගෑස් සහ යුද්ධ ලිපියේ දෙවන කොටසින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ලොව පුරා විහිදී තිබෙන වැදගත් සහ තීරණාත්මක තෙල් සහ ගෑස් ප්‍රවාහන නළ මාර්ග ගැනයි.මින් සමහරක් තවමත් සැලසුම්වලට පමණ සීමා වී තිබෙන අතර තවත් සමහරක් ඉදිකිරීම් අරඹා තිබේ.ලෝක භූදේශපාලනික සිතියම වෙනස් වීමට එක් හේතුවක් ලෙස ඉහළ යන බලශක්ති ඉල්ලුම විශාල බලපෑමක් කර තිබේ.වේගවත් සංවර්ධනයක් පෙන්වන චීනය සහ ඉන්දියාව බලශක්ති පිපාසයකින් පෙළේ.තම සුපිරි බලය පවත්වාගෙන යෑමට එක්සත් ජනපදය බලශක්ති මූලාශ්‍ර අත්පත් කරගැනීමේ ලෝක යුද්ධයක නිරතව සිටින්නේ කාලයක පටන්ය.රුසියාව සිය පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළඳපොල පුළුල් කරගැනීමේ අභියෝගයට මුහුණදී තිබේ.යුරෝපය සිය බලශක්ති ඉල්ලුම සපුරාගැනීමට රුසියාව වෙනුවට ආදේශකයක් සොයමින් සිටියි.ඊට එක්සත් ජනපදයේද පූර්ණ සහාය ලැබී තිබේ.බොහෝදෙනා නොසැලකිලිමත්වන කාරණයක් වන්නේ සුපිරි බලවතුන් මැදිහත්වී තිබෙන බොහොමයක් අවි ගැටුම්/යුද්ධවලට හේතුව බලශක්තිය යන්නය.

    තෙල් සහ ගෑස් සංචිත විශාල ප්‍රමාණයක් ස්ථානගතවී තිබෙන කලාප වන්නේ මැදපෙරදිග සහ රුසියාවයි.ඊට අමතරව මධ්‍යම ආසියාවද බලශක්ති වෙළඳපොලේ තම ස්ථානය තහවුරු කරගනිමින් සිටියි.ලෝක ආර්ථික රඳා පවතින්නේ මෙම කලාප වලින් ඇරඹෙන තෙල් සහ ගෑස් නළ මාර්ග මතයි.



    TNUV6KK.jpg

    ඇමෙරිකානු ආශිර්වාදය ලබන TAPI නළ මාර්ගය

    ආරම්භය:තුර්ක්මෙනිස්ථානය

    අවසානය/සැපයුම:ඉන්දියාව

    ගෙන යන දෑ:ස්වාභාවික වායු

    ව්‍යාපෘතිය අවසන් කරන දිනය:නිශ්චිත දිනයක් නැත

    උපාය මාර්ගික බලපෑම:ඉරානය විසින් සැලසුම් කර තිබෙන ඉරාන-පාකිස්ථාන-ඉන්දියා නළ මාර්ගයේ(IPI) ප්‍රතිවාදියා ලෙස මෙය හැඳින්වේ.ඇමෙරිකානු රජයේ පූර්ණ ආශිර්වාදය ලබන තුර්ක්මෙනිස්ථාන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන-ඉන්දියා නළ මාර්ගය(TAPI) නිසා ඉන්දියාව සමග ගෑස් ගනුදෙනුවකට යෑමේ ඉරාන අපේක්ෂාව බොඳ වේ.නමුත් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය යන රටවල තිබෙන අනාරක්ෂිත ත්ත්වය නිසා TAPI නළ මාර්ගය තවමත් සිහිනයක් පමණි.





    hvlcKRC.gif

    උතුරු ඇමෙරිකාව:ඩෙනාලි නළ මාර්ගය

    ආරම්භය:ඇලස්කාවේ උතුරු බෑවුමෙන්

    සැපයුම:ඇල්බර්ටා,කැනඩාව,ඉන්පසු ඇමෙරිකාවේ මධ්‍යම-බටහිර ප්‍රදේශවලට

    ප්‍රවාහනය කරන දෑ:ස්වාභාවික වායු

    අවසන් කරන දිනය:නොදනියි

    වැදගත්කම:දැනට මෙම ව්‍යාපෘතිය ලබාගැනීම සඳහා කණ්ඩායම් දෙකක් තරඟ වැදියි තිබේ.මේ හරහා ඇලස්කාවේ ස්වාභාවික වායු නිෂ්පාදන කර්මාන්තයේ සැලකිය යුතු වෙනසක් සිදුවේවි.





    ZDBEAnk.png

    උතුරු ඇමෙරිකාව:කීස්ටෝන් නළ මාර්ගය

    ආරම්භය:ඇල්බර්ටා,කැනඩාව.

    සැපයුම:ඉලිනොයිස් සහ ඔක්ලහෝමා

    ප්‍රවාහනය කරන දෑ:ඛනිජ තෙල්

    අවසන් කරන දිනය:අදියර 4කින් සමන්විත නළ මාර්ගයේ තුන්වන කොටස දක්වා ඉදිකිරීම් 2014 වර්ෂයේදී අවසන් කරන ලදි.

    වැදගත්කම:උතුරු ඇමෙරිකාව තුල පොසිල ඉන්ධන පුළුල් ලෙස භාවිතා කිරීමට හැකිවේ.උතුරු ඇමෙරිකානු නොවන තෙල් ප්‍රභව මත යැපීම අවම කල හැකිය.





    bJJpPjl.jpg

    යුරෝපයේ ස්වාධීනත්වය:තුර්කි-ග්‍රීක-ඉතාලි නළ මාර්ගය

    ආරම්භය:තුර්කිය

    සැපයුම:ඉතාලිය

    ප්‍රවාහනය කරන දෑ:ස්වාභාවික වායු

    අවසන් කල දිනය:තුර්කි-ග්‍රීක අධියරය පමණක් අවසන් කර තිබේ(2007)

    වැදගත්කම:ගෑස් අවශ්‍යතාවය සඳහා යුරෝපා රටවල් රුසියාව මත යැපීම අවම කෙරේ.මන්ද මෙම නළ මාර්ගයට අසර්බයිජානයේ ගෑස් නළ මාර්ග සම්බන්ධ කල හැකි වීමයි.





    BpK5NsG.jpg

    රුසියානු ආධිපත්‍යය:මොස්ඩොක් නළ මාර්ගය

    ආරම්භය:අසර්බයිජානය

    සැපයුම:රුසියාව

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කල දිනය:2010 වර්ෂයේ පටන් බෙදා හැරීම් කටයුතු සිදුකෙරේ.

    වැදගත්කම:මෙම නළ මාර්ගය උපායමාර්ගික අතින් අතිශය වැදගත් වන්නේ එය උතුරු ඔසෙටියා ,චෙච්නියාව සහ ඩජෙස්තාන් යන ප්‍රදේශ හරහා වැටී තිබීමයි.තවද එය බෝම්බ ප්‍රහාරවලට පවා ලක්වන නළ මාර්ගයකි.වරක් රුසියාව ජෝර්ජියාව සමග යුද වැදුනේද මේ කලාපයේය.





    774xlHG.jpg

    රුසියානු ආධිපත්‍යය: ඇල්ටායි නළ මාර්ගය

    ආරම්භය:රුසියාව

    සැපයුම:චීනය

    ප්‍රවාහනය කරන දෑ:ගෑස්

    අවසන් කරන දිනය:නියමයක් නැත.

    වැදගත්කම:රුසියානු ගෑස් සෘජුවම චීනයට සැපයීම මෙහි අරමුණයි.මේ හරහා රුසියානු-චීන සබදතා තවත් ශක්තිමත් කෙරේ.





    5LVIEda.png


    රුසියානු ආධිපත්‍යය:සවුත් ස්ට්‍රීම් නළ මාර්ගය

    ආරම්භය:රුසියාව

    සැපයුම:ඕස්ට්‍රියාව.උතුරු-නැගෙනහිර යුරෝපය පුරා

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කරන දිනය:2014 වර්ෂයේදී අවලංගු කරන ලදි.

    වැදගත්කම:අර්බුදකාරී යුක්‍රේනය ආශ්‍රිත කලාපය මඟ හැර සිය ගෑස් යුරෝපයට සැපයීමට රුසියාවට අවශ්‍යව තිබිණි.නමුත් 2014 වර්ෂයේ ව්‍යාපෘතිය නවතා දමන ලද බව ජනපති පුටීන් විසින් නිවේදනය කරන ලදි.ඊට හේතු ලෙස දැක්වූයේ බටහිර සම්බාධක සහ ඉදිකිරීම් කටයුතු සඳහා යුරෝපා සංගමයේ අවසරය නොලැබීම ආදියයි.​





    RIqG6TF.png


    රුසියානු ආධිපත්‍යය:නෝර්ඩ් ස්ට්‍රීම්

    ආරම්භය:රුසියාව

    සැපයුම:ජර්මනිය

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කල දිනය:2012

    වැදගත්කම:යුරෝපා ගෑස් වෙළපොලේ රුසියානු ඒකාධිකාරය තවදුරටත් තහවුරු කෙරිණි.





    swuiepP.jpg

    රුසියාවට එරෙහිව:ට්‍රාන්ස් කැස්පියන් නළ මාර්ගය

    ආරම්භය:තුර්ක්මෙනිස්ථානය

    සැපයුම:අසර්බයිජානය

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කරන දිනය:නියමයක් නැත.

    වැදගත්කම:රුසියාවෙන් ස්වාධීනව යුරෝපයට ගෑස් ලබාගත හැකි තවත් මාර්ගයක් විවෘත වේ.නමුත් නළ මාර්ගය කැස්පියන් මුහුද හරහා ගමන් කිරීමට නියමිත නිසා රුසියාව සහ ඉරානය ඊට විරුද්ධය.​





    KGYxOpf.jpg

    රුසියාවට එරෙහිව:වයිට් ස්ට්‍රීම් නළ මාර්ගය

    ආරම්භය:ජෝර්ජියාව

    සැපයුම:රුමේනියාව,ඉන්පසු බටහිර යුරෝපයට

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කරන දිනය:නියමයක් නැත

    වැදගත්කම:යුරෝපයේ රුසියානු ගෑස් ඒකාධිකාරයට එල්ල වන තවත් අභියෝගයකි.රුසියාවේ අසල්වැසි සතුරා වන ජෝර්ජියාවේ සිට කළු මුහුද හරහා දිවෙන මෙම නළ මාර්ගයෙන් මධ්‍යම ආසියානු රටවල ගෑස් යුරෝපයට සැපයීමට සැලසුම් කර තිබේ.





    ZDTy4gE.png

    යුරෝපානු ස්වාධීනත්වය:නබුක්කො නළ මාර්ගය

    ආරම්භය:තුර්කිය

    සැපයුම:ඕස්ට්‍රියාව සහ ගිනිකොණදිග යුරෝපය

    අවසන් කරන දිනය:2018

    වැදගත්කම:යුරෝපා බලශක්ති වෙළඳපොල මත රුසියානු බලපෑම අවම කිරීම.මධ්‍යම ආසියානු ගෑස් යුරෝපයට ගෙන්වා ගැනීම.





    iuthyPo.gif


    චීනයේ පිපාසය:කසක්ස්ථාන-චීන නළ මාර්ගය

    ආරම්භය:කසක්ස්ථානය

    සැපයුම:ඛනිජ තෙල්

    අවසන් කරන දිනය:2003

    වැදගත්කම:චීනය සෘජුවම තෙල් ආනයන කිරීමට නිර්මාණය කල පළමු නළ මාර්ගය මෙයයි.මධ්‍යම ආසියාවේ බලශක්ති මූලාශ්‍රවලට ඇතුලුවීමට චීනයට ඉඩ ලැබේ.





    yoiSCX6.gif


    රුසියා-චීන මිත්‍රත්වය:නැගෙනහිර සයිබීරියා-පැසිෆික් නළ මාර්ගය

    ආරම්භය:රුසියාව

    සැපයුම:චීනය

    ප්‍රවාහනය කරන දෑ:ඛනිජ තෙල්

    අවසන් කල දිනය:2009 වර්ෂයේදී පළමු කොටසේ ඉදිකිරීම් අවසන් විය.

    වැදගත්කම:රුසියානු-චීන සබඳතා තවත් ශක්තිමත් කෙරේ.චීනයට රුසියානු තෙල් පහසුවෙන් ලබාගත හැකිවීම.





    Z5RfA5k.jpg

    ඉරානය:පර්සියානු නළ මාර්ගය

    ආරම්භය:ඉරානය

    සැපයුම:තුර්කිය

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කරන දිනය:නියමයක් නැත

    වැදගත්කම:ඉරාන ගෑස්වලට යුරෝපා වෙළඳපොලට පිවිසීමට අවස්ථාව හිමිවේ.නමුත් එය රුසියාව සමග තරඟ වැදීමකි.තවද ඉරානය සහ තුර්කිය අතර සබදතා තරවීමට හේතුවකි.ඉරානය මත ඇමෙරිකාව යොදන පීඩනය අවම කිරීමට එය සාධකයක් වනු ඇත.





    4N9aP5U.jpg

    ඉරාන-පාකිස්ථාන-ඉන්දියා නළ මාර්ගය

    ආරම්භය:ඉරානය

    සැපයුම:පාකිස්ථානය සහ ඉන්දියාව

    ප්‍රවාහනය කරන දෑ:ස්වභාවික වායු

    අවසන් කරන දිනය:නියමයක් නැත

    වැදගත්කම:දැනට ඉන්දියාව මෙම ව්‍යාපෘතියෙන් ඉවත්ව තිබේ.නල මාර්ගය සම්පුර්ණ වුවහොත් පාකිස්ථානයේ බලශක්ති ඌණතාවය ඉන් පිරිමසිනු ඇත.



    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරු නියමයි,
    කොල්ලා අයි දැන් ත්රෙඅඩ් දානවා
    ඔක්කොම ත්‍රඩ් හොයාගන්න index එකක් නැති එක තම අවුල.:confused::confused: