මේ නැවේ තෙල් එළියට කාන්දු උනොත් ?
සංගමන් කන්දට නාවුක සැතපුම් 38 ක් දුරින් ඇති මුහුදේ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා ගුවන් හමුදාව යොදවා ඇති බව වාර්තා වනවා.
නැවේ නම ගම එක්ක සර්ච් කරලා බැලුවම ඔයිල් ටෑන්කර් එකක්. පැනමා ධජය යටතේ තමයි යාත්‍රා කරන්නෙ. නැවේ ගමනාන්තය ලෙස සඳහන් වෙන්නෙ ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ප්‍රදීප් වරාය. නැව පිටත් වෙලා තියෙන්නෙ කුවේටයේ මිනා අල් අහ්මදි වරායෙන්. ඒ කියන්නෙ තෙල් ලෝඩඩ් තාම. නැවේ ඉසිලුම් ධාරිතාව චෙක් කරලා බැලුවා ඒක සටහන් වෙන්නෙ ටොන් 299986 ලෙස. ඇඟ හිරි වැටිලා ගියා ඒක දැක්කම.
මේකේ තෙල් එලියට ගියොත් සාගර තරංග රටාව අනුව ලංකාවේ දකුණු, නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයන්ට දැඩි හානි වෙන්න පුළුවන්. එහෙම එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්චර පාරිසරික ව්‍යවසනයකට අපිට මේ වෙලාවේ ෆේස් කරන්න අමාරුයි. ඒ තත්වෙ බරපතලයි සක්‍රිය වෙලා තියෙන මෝසමත් එක්ක. සංගමන් වල ඉඳන් නාවුක සැතපුම් 35 විතර සීමාවේ තමයි විශාල තල්මස් ගහනයක් පවතින්නේත්. මේකට සාර්ථකව මුහුණ දීල හානිය අවමකරගන්න අපේ නාවික විරුවන්ට හැකි වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ඔය තියෙන්නෙ ගිනි ගන්නවය කියන MT New Diamond නැවේ පින්තූරයක්.
සටහන - Don Supz