තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත! ☺️

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි

    රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි

    නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය

    බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි

    ෆිල්ම් පිස්සා- සීට් එක කඩාගෙන කකුල් එලියට දමාගෙන ෆෝන් එකේ ෆිල්ම් බලයි

    උපාසක- මැදියම් රෑ වුවද පිරිත් දමාගෙන අසයි

    බෙබා- ඩිකියේ බෝතලේ තියාගෙන ගසයි. වටේ වාහන වල උන්ටද ශොට් එකක් දෙකක් දෙයි

    ට්‍රැෆික් පොලිස්- පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පලල පිලිබද මනා අඅවබෝධයකින් යුක්තය

    දාර්ශනිකයා- තෙල් ප්‍රශ්නයට විසදුම් යෝජනා කරයි

    කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි

    අන්කල් චමින්ද- පුතා ටෝල්ක් එකෙන් කතා කරයි. සෑහෙන දැනුමක් සතුය. ආදී කාලේ දේවල් ගැන කතා කරයි

    ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය

    ලෝඩ් පකීර්- අනිත් අය සමග කතා නැත. තනිවම වාහනේ AC දමාගෙන ඇතුලට වී සිටි. එලියට බහින්නේම නැත. හිනාවෙන්නේද නැත

    දායකයා- බිස්කට්, බීම, තේ වැනි දෑ වලින් අහල පහල සෙට් එකටම සංග්‍රහ කරයි. පවුල් වල අයද ෆුල් සපෝට්‍ එක දෙයි. කෝපි වැනිදෑ සැරින් සැරේ ගෙදර ගොස් හදාගෙන එයි

    අහිගුන්ටකයා- මුලු පවුලම වාහනේය. ගෙදර ඉන්නවා සේ කාලය ගත කරයි

    පොලිටික්කා- පක්ශ විග්‍රහයක් කරයි. එක එක පක්ශ ආණ්ඩු කරන විදිහ කරයි. එක එක පක්ශ මේ ප්‍රශ්න විසදන විදිහ විග්‍රහ කරයි

    සූදු අන්තුවා- කාඩ් පැක් එක හැම වෙලේම සාක්කුවේය. මල්ලී කාඩ් අතක් ගහමුද යන වචන හැම වෙලේම මුමුණයි

    බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි

    පෝලිමේ හිටපු එක දවසක්වත්, එපා වුනේ නැත්තේ මෙන්න මේ වගෙ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. එකෙන්ම ආදරෙයි ලංකාවෙ උන්ට. 😍

    Source: Facebook
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හවස 3 ඉදන් පහුවදා උදේ 10.30 වෙනකන් පෝලිමේ ඉදලා තෙල් ටික ගහ ගත්තා
    මුලින්ම බියර් එකක් තියාගෙන ගැහුවා. දවල්ට කාලා නැති නිසා වයිෆ්ට කියලා කෑම එකක් ගෙන්න ගත්තා
    වයිෆ් සහ පොඩි එකායි දෙන්නම වාහනේ හිටියා රෑ 10 වෙනකම්
    උන් දෙන්නා ලැප් එකෙන් ෆිල්ම් බැලුවා ඒ වෙනකන්, මම පාරෙ අනිත් උන් එක්ක චැට් එකක් දාගෙන හිටියා
    තව පෝලිමේ යාලුවෙක් සෙට් උනා. වයින් ස්ටෝස් එකට ගිහින් එකක් ගත්තා 9 ට කලින්
    වයිෆ් ඇන්ඩ් බබා ගෙදරට යැව්වා 10 ට
    යාලුවත් එක්ක උගෙ වාහනේට වෙලා අඩියක් ගැහුවා. පෝලිම පනින උන් එක්ක ගේම ඉල්ලලා පැන්නුවා
    පාන්දර 2 ඉදන් 4.30 වෙනකන් ඇලට් එකක් ගැහුවා වාහනේට වෙලා. පාන්දර 5ට බඩු දෙන්න පටන් ගත්තා
    අහන්න සතුටුයි මිත්‍රවරුනි බයි ටෝක් දෙන එකෙක් නෑ පෝලිමේ, ඔක්කොම කියන්නෙ පුළුවන් නම් රට පැනපන් කියලා
    පෝලිමේ උඩ පහල ගියා. ශෙඩ් එකේ හොරෙන් ගහන්න පොලිස් මල්ලිලාට ගේම ඉල්ලුවා
    (කියන්න සතුටුයි අන්තිමට 8000ක ගහන්න කියලා උට ගාන ගහන්න අමතක වෙලා ෆුල්ටෑන්ක් වැදුනා)
    ඒ සතුටත් හිතේ තියාගෙන ගෙදර ආවා.

    දැන් මම අයිති මොන කැටගරියටද?
     
    • Like
    Reactions: SK29

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම කරන්නෙ පුලුවන් තරම් පෝලිම නැති කරනන් එක.

    සැරින් සැරෙ ඉස්සරහට ගිහින් එන ගමන් මිනිස්සුන්ට කියනවා අන්තිම හරියෙ වගෙ ගහන්නෙ , අපිට චාන්ස් නැති වෙයි කියල. එතකොට වයසක පොරවල් දමල ගහල යනව

    ඊලගට අහවල් ශෙඩ් එකෙ තියනවා, පොලිම් අඩුයි කියනව.

    නැත්නන් අහවල් පොලිමට තව පැය දෙකෙන් ලෝඩ් එක එනව කියනව.

    මේ වගෙ බොරු කියල, පුලුවන් තරම් මිනිස්සු ආපහු යවන්න තම බලන්නෙ.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම කරන්නෙ පුලුවන් තරම් පෝලිම නැති කරනන් එක.

    සැරින් සැරෙ ඉස්සරහට ගිහින් එන ගමන් මිනිස්සුන්ට කියනවා අන්තිම හරියෙ වගෙ ගහන්නෙ , අපිට චාන්ස් නැති වෙයි කියල. එතකොට වයසක පොරවල් දමල ගහල යනව

    ඊලගට අහවල් ශෙඩ් එකෙ තියනවා, පොලිම් අඩුයි කියනව.

    නැත්නන් අහවල් පොලිමට තව පැය දෙකෙන් ලෝඩ් එක එනව කියනව.

    මේ වගෙ බොරු කියල, පුලුවන් තරම් මිනිස්සු ආපහු යවන්න තම බලන්නෙ.
    මූ යකෝ :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හෙට අනිද්දාම පෝලිම් නැතුව තෙල් ගහගන්න බලාන ඉන්න අපිත් කුම්භකරණ ගොඩට තමයි වැටෙන්නේ 😂
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Me

    ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය
     
    • Haha
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    මම කරන්නෙ පුලුවන් තරම් පෝලිම නැති කරනන් එක.

    සැරින් සැරෙ ඉස්සරහට ගිහින් එන ගමන් මිනිස්සුන්ට කියනවා අන්තිම හරියෙ වගෙ ගහන්නෙ , අපිට චාන්ස් නැති වෙයි කියල. එතකොට වයසක පොරවල් දමල ගහල යනව

    ඊලගට අහවල් ශෙඩ් එකෙ තියනවා, පොලිම් අඩුයි කියනව.

    නැත්නන් අහවල් පොලිමට තව පැය දෙකෙන් ලෝඩ් එක එනව කියනව.

    මේ වගෙ බොරු කියල, පුලුවන් තරම් මිනිස්සු ආපහු යවන්න තම බලන්නෙ.
    මට උබෙ ගෑනිවද කොහෙද ගෑස් පෝලිමේදි සෙට් උනේ. "මේකෙ ඉඳල වැඩක් නෑ, ටෝකන් දීල ඉවරයි, අද පොඩි ගෑස් එන්නෙ නෑ කිව්වා."
    මාර නෙගටිව් ටෝක්ස් දෙන්නෙ. :angry::angry::angry:
     
    • Haha
    Reactions: Solo Rider