තෙල් මිල නැවතත් පහලට!
රෑ වැඩි කරපු තෙල් මිල උදේ අඩු කරයි - ජනපති නියමයෙන් තෙල් මිල නැවතත් පහලට!
මිල ඉහල දැමූ ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා. ඉන්ධන මිල වැඩි කිරීම අත්හිටුවා පෙර පැවති මිලටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ජනපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.
මුදල් අමාත්‍යංශයේ නියෝග අනුව ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු7කින්, ඩීසල් ලීටරයක් රු:9කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:10 කින් ඊයේ රාත්‍රීයේ (05) සිට ඉහල දමා තිබුනා.
ඒ අනුව ඉන්ධන ලීටරයක වැඩි කළ නව මිල ලෙස සටහන් වූයේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.145, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.155, ඩීසල් ලීටරයක් රු.118 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.129 ක් ලෙසයි.
කෙසේ වෙතත් ජනපති නියමයෙන් මෙම වැඩි කළ මිල ගණන් අහෝසී කරමින් ඉන්ධන මිල නැවතත් පෙර තිබූ මිල දක්වා පහත දමා තිබේ.
ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.

Code:
nethgossip.lk