තෙල් මිල වැඩිවීම ඇත්තටම අසාධාරණ ද? පැතුම් කියන මේ කතාව අහන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    තෙල් මිළට මාස් පතා දවසක් වෙන් කරන්න වෙනවා. හැබැයි පැය 24 ක් ඇති.

    අර ඒ දවස් වල මහින්ද ෆුට් බයිසිකල් පැද්දා වගේ, සජිත් ගොන් කරත්ත වල ගියා වගේ, දැන් තියෙන්නේ බුකියේ අමුවට බැනලා, පෝස්ට් හදලා දාලා කැම්පේන් එකක් යන වැඩක්. දැන් ඒකේ ශුද්ධ ලාබය දවස ගත වෙච්චි එක විතරයි. තෙල් මිළ අඩු වෙන්නෙත් නෑ, ජීව්තේ වෙනස් වෙන්නෙත් නෑ.

    මාස් පතා මිළ සූත්‍රය අනුව තෙල් මිළ සංශෝධනය වෙනවා. ඒ ගෝලීය තෙල් වෙළෙඳපොළේ මිළ ගණන් අනුව සහ ඩොලරයේ උස් පහත් වීම අනුව. බොහෝ රටවල ඒක real time එකේ, ඒ කියන්නේ දිනපතා ඒ මොහොතේම වෙනවා. අපේ රජය විසින් මෙතෙක් මිළ පාලනය කරලා පුරුද්ද නිසා ජනතාවට තාම පුරුදු එක පාර නිළ නිවේදනයක් දීලා මිළ කියන ක්‍රමයක්. ඒකයි මේ මාස් පතා කෙරෙන වැඩක් වෙලා තියෙන්නේ.

    මේ අවුරුද්දේ ඊළඟ මාස කීපය දැනට තියෙන පුරෝකථනයන් අනුව තෙල් මිළ වැඩි වීමට නියමිතයි. ඒ වගේම චීනයේ කකුල් මාට්ටු නිසා ඇතිවී තිබෙන IMF ප්‍රමාදයෙන් ඩොලරයේ මිළත් ඉහළ යාවි. ඒ දෙකේ සමස්ථ ප්‍රථිපලය ඊළඟ මාසෙත් තෙල් මිළ ඉහළ යෑමක්ම තමයි. ඒ නිසා ආයේ ඊළඟ මාසේත් පළවෙනිදා දෙවෙනිදා වෙනකොට වෙළෙඳපොළට, තරඟකාරීත්වයට බනින්න සූදානම් වෙලා ඉන්න.

    සිනොපෙක් සහ තවත් සමාගම් ඇවිත් තරගකාරීත්වය හදනවා, එවිට තරගකාරී මිළකට තෙල් ලැබෙනවා කිව්ව එක නොතේරුණ පිරිස බොහෝමයි. සමහරුන්ට නම් ඒක තේරුණත්, ඔවුන්ගේ හැබෑ විරෝධය තියෙන්නේ තමන් මේ දවස් වල විශ්වාස කරන දේශපාලන කඳවුර විසින් දරණ මතයට එය නොගැලපීම. ඔවුන්ගේ මතවාදය අනුව සිපෙට්කෝ තෙල් මොනෝපොලිය එහෙමම තියෙන්න ඕනේ. ලෝක වෙළෙඳපොළ මිළ කීය උනත් ජනතාවට සහන මිළට තෙල් දෙන්න ඕනේ. හැබැයි සිපෙට්කෝව පාඩු ලබන්නත් බෑ, සේවකයෝ අඩු කරන්නත් බෑ, සහනාධාර වලට ගෙවන්න බදු ගහන්නත් බෑ, ණයට ගන්නත් බෑ. ඉතිං බුකියේ ඔවුන් විශ්වාස කරන පිරිස හැසිරෙන්නේ ඒ අදහස් විශ්වාස කරගෙන.

    වෙනදට තෙල් මිළ ඉහළ ගියාට බනින්නේ ආණ්ඩුවට. අර ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ මහින්දගේ "ලෝක වෙළෙඳපොළේ තෙල් ගණන් ගියහම මෙහෙත් ගණන් යනවා නම් ආණ්ඩුවක් මොකටද" කියලා. ඔව්, ආණ්ඩුවට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් ලොකු ස්ටොක් එකක් තියා ගන්න. අනික හෙජින් ගිවිසුම වගේ ස්ථාවර මිළකට තෙල් ගන්න ගිවිසුමක් ගහන්න. අනික ගන්න මිළ කීය උනත් සහනාධාර ක්‍රමයට අඩුවට දීලා පාඩුව බදු ගෙවන අයට පට වන්න. හෙජින් ගිවිසුමෙන් පාඩමක් අපි ඉගෙන ගත්තා. සහනාධාර පාඩම දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ලොකු ස්ටොක් එකක් ගන්න සල්ලිත් නෑ, ගබඩාත් නෑ. ත්‍රිකුණාමලයේ ටික මෙච්චර කල් හැදුවෙත් නෑ. දැන්නම් ඉතිං ඒ ටික ඉන්දියාවේ.

    ඒ නිසා අර්බුදයෙන් ගොඩ එන කාලේ එකම විසඳුම ලෝක වෙළෙඳපොළ තෙල් මිළයි, ඩොලරයේ මිළයි අනුව මිළ සූත්‍රය දාන එක විතරයි. ඒකට සමාගම් කීයක් තියෙනවා ද කියන එක අදාල නෑ. හැබැයි සමාගම් තියෙනවා නම්, ඒවායේ මිළ නිදහසේ තීරණය වෙනවා නම්, ලෝක වෙළෙඳපොළෙන් අඩුවටම තෙල් හොයා ගෙන, තමන්ගේ operating cost අඩුවටම තියා ගෙන තෙල් විකුණන සමාගම ඔබට තෙල් දෙන්න පුළුවන් අඩුම මිළට දෙයි.

    ආයේ ඊළඟ මාසේ වෙනකම් ඔබට සුබ ගමන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත