තරගකාරීත්වය නොතේරුණ දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ තියෙන නිසා ඔවුන් පතුරුවන්නේ සමූපකාර මානසිකත්වය.
මේ තියෙන්නේ අපි කියන තරගකාරීත්වය මත මිළ අඩුවෙන් දෙන අවස්ථාවක්.
ලෝක වෙළෙඳපොළෙන් තෙල් අරගෙන ලංකාව ඇතුලේ තෙල් විකුණන සමාගම්, මෙච්චර කල් මොනෝපොලියක් තියා ගෙන මිළ තීරණය කරපු CPC යට වඩා අඩුවට තෙල් දෙනවා. ඔවුන් පෙට්‍රල් විකුණන්නේ CPC සහ IOC මිළට වඩා රුපියල් 7 ක් අඩුවට.
ඒ තරගකාරීව වැඩිපුර පාරිභෝගිකයන් පිරිසක් තමන් වෙත අද්ද ගන්න. එවිට ඔවුන්ගේ වෙළඳාම සරු වෙනවා. දැන් CPCයට වගේම IOC යට සිදුවෙනවා තමන්ගේ මිළ අඩු කරන්න. නැත්නම් වැඩේ අතාරින්න.
මිළ මේ විදියට අඩුවට දෙන්න නම් එක්කෝ ලෝක වෙළෙඳපොළෙන් තෙල් මිළ අඩු තැනකින් බඩු හොයාගන්න ඕනේ. නැත්නම් තමන්ගේ වියදම අඩු කර ගන්න ඕනේ. මේ තමන්ගේ වියදම අඩු කර ගන්න ගියහම තෙල් සංස්ථාවට සේවකයන්ගේ බර සහ කාර්යක්ෂමතාවය පිළිබඳව ගැටළු මතු වෙනවා. ඒවා හදා ගත්තොත් පමණයි ඔවුන්ට සිය නිශ්පාදන වියදම අඩු කරන්න පුළුවන්. එසේ නොකොට සිනෝපෙක් සමග තරග කරන්න වෙන්නේ නෑ. එක්කො වෙනස් වෙන්න වෙනවා. නැත්නම් බංකොලොත් වෙන්න වෙනවා.
එය තමයි තරගකාරීතවයේ වාසිය. එම තරගකාරීත්වය මත ඔබට අඩු මිළක් ලැබෙනවා මිසක්, ලෝක වෙළෙඳපොළ මිළ ඉහළ යෑම තුල, මිළ ගණන් අඩු වීමක් වෙන්නෙ නෑ. එසේම රජය සතුව ඇති සංස්ථාවක් ලෙස ඛනිජ තෙල් සංස්ථාවට වෙනස් නොවී ඉන්න බැරි වෙනවා.
එලෙස සමාජයට නිශ්පාදන සපයන සමස්ථ වෙළෙඳපොළ පාර්ශව කරුවන්ට කාර්යක්ෂම වෙන්න බලකිරීමක් වෙළෙඳපොළ ක්‍රමය තුල නිර්මාණය වෙනවා. සිය වියදම අවමව, උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්වා ගෙන යෑමයි සමාජයට වඩාත් වාසිදායක වන්නේ.
තෙල් සංස්ථාව ඔය සංස්ථා මොඩල් එක ගලවලා පොදු සමාගම් මොඩල් එකට ගේන්න වෙනවා. ඒ වගේම ඉන් යම් ප්‍රමාණයක් කොටස් නිකුත් කරලා කොටස් වෙළෙඳපොළට ගෙනත් මහ ජනතාවට විවෘත කිරීම තුල එම සමාගමේ මූල්‍ය පාරදෘෂයභාවය ඇති කිරීමත්, කාර්යක්ෂම කිරීමත් කරන්න පුළුවන්.
එසේම අනිත් සමාගම් 2 ත් පැමිණි පසුව මේ තරගකාරීත්වය තවත් ඉහළ යනවා. එවිට මෙහි මුහුණුවර තවත් වෙනස් වේවි. එසේම වෙළෙඳපොළ මේ තරගකාරීත්වය පවත්වා ගෙන යෑමට නම් CPC යේ පැවැත්ම ඉතා වැදගත්. එහි කාර්යක්ෂමතාවය උසස් කොට වෙළෙඳපොළ සම්මතයන්ට අනුව පවත්වා ගෙන යෑම අනාගතයට අත්‍යාවශ්‍යයි. ඒ නිසා මුළු තෙල් වෙළෙඳපොළ තුල ඔවුන් 30-40% ක් අතර වෙළෙඳපොළ භාරයක් පවත්වා ගෙන යෑමට තරග කළ යුතුයි.
ඔබ කොච්චර නොමග ගියත්, මේක තමයි වෙළෙඳපොළ යථාර්ථය. ඔබ ඒකට අකමැති වෙලා තියෙන්නේ ඔබ මෙතෙක් කල් දැකපු දූෂිත දේශපාලන හා ආර්ථික ක්‍රමය හින්දා වගේම වෙළෙඳපොළ ගැන බිල්ලෝ මවපු වාමාංශික න්‍යායන් නිසා. හැබැයි එය ජය නොගෙන ඔබට හොඳ රටක් හදන්න ලැබෙන්නේ නෑ.
වෙනස් වෙන්න. ඔප්ෂන් නෑ.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #රටහදනහරිපාර