විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.
මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.
ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.
ඇස් හුරුකරගන්න ළමයි දැන්ම
RM Parks of USA
මෙන්න මේක තමා විස්වාස නැත්තේ
( රාජපක්ෂ සුවදයි)