samahara karunu hari.
habayi harsh words tikak highlight karanna wenawa lankawe condition ekka.
ලංකාවේ ලෙඩෙක්ගේ කම්ප්ලේන් එකකට වර්ජනයක් කරලා තියෙනවද දොස්තර කෙනෙක්. ඒ වචන පේළිය හුඟක් අය කරනවා වගේ වැල යන අතට මැස්ස ගහන තේරුමක් නැති වචන ටිකක්. ඔබ තුමාගේ හුඟක් කමෙන්ට් කියවපු මට ඒ පේළිය ගැන කණගාටුයි. මොකද ඒ ටික පට්ටපල් බොරුවක්.
මම අලුතෙන් දෙයක් කියන්නම්.
අර කලින් කෙනෙක් ඉන්ශුවරන්ස් ගැන කියපු කතාව ගැන. පෞද්ගලික රෝහලක් සහ මේ දැන් තියෙන තරමටවත් නිදහස් සෞඛ්‍ය සේවා සහිත රජයේ රෝහලක් අතරත් සිස්ටම් එක ගැන. රජයේ රෝහලක දොස්තර කෙනෙකුට නිදහසෙ හුස්මක් ගන්නවත් නැති තරමට ලෙඩ්ඩු වැඩියි. දුශ්කර පැතිවල රෝහල් වලට පහසුකම් ලොකුවට නැති නිසා ප්‍රධාන නගරවල තිබෙන රෝහල් හැමපැත්තෙන්ම ට්‍රාන්සර් වෙලා එන ලෙඩ්ඩුන්ගෙන් පුරවලා. බෝ නොවන රෝග අංශ වල දිග පෝලිම්. ඉන්ශුවරන්ස් එකේ කොලේ පිරෙව්වේ නැති උනාට රජයේ සිස්ටම් එක තුල රෝගියා ආපු වෙලාවේ ඉඳන් යනකම් ඒ ඒ අංශ පුරවනවා සෑහෙන කොල ප්‍රමාණයක්. ඒ රෝගියාට රෝහල තුල සිදුකරන සෑම ප්‍රතිකාරයක්ම වඩාත් පිළිවෙලකට විස්වාසදායීව වැරැද්දක් නොවෙන්න උපරිම සහතික වන්න. ලෙඩ්ඩුන්ගේ ඝනත්වයත් එක්ක වෛද්‍යවරයාත් ඉන්නේ පුදුම ස්ට්‍රෙස් එකක රෝහල තුල. දුව දුව. කෑම බීම කල ද දා. අර ගමයා ඉන්ශුවරන්ස් නිලධාරියෙක් විදියට දකින්නේ ඔහුගේ පැත්ත විදියමයි. මම රෝගියෙක් විදියට රජයේ රෝහලේ නැවතිලා ඉන්නකොට ඔය කෑ ගහනවා බනිනවා කියන රෝහල් සේවක් මණ්ඩලය තුල සැඟවුනු මනුස්සකම කරුණාව අත් විඳ තිබෙනවා.
ඉන්ශුවරන්ස් ගන්න අවශ්‍ය සියලු තොර්තුරු තුණ්ඩුවේ තියෙනවා. නිදහසක් නැති වෛද්‍යවරයා ඉන්ශුවරන්ස් කොලේ පිරෙව්වෙ නැහැයි කියලා චෝදනා කරන්න ඕනේත් නෑ,, පිටරට ෆෝමැට් එකම මෙහේ කරන්නේ නැතුව තත්වය තේරුම් ගන්නවනම් හුඟක් වටිනවා.