තෙල්_බැම්මේ විනය
http://transyl2014.blogspot.com/
ශිෂ්‍යයන් අත් කොට කමිසයත්, දිග කලිසමත් හැද යටකර සපත්තු දමා පැමිණිය යුතුය. කොණ්ඩය කොටට කපා රැුවුල බෑම අනිවාර්යය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැද විලූඹ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇ`දිය යුතුය. රබර් සෙරප්පු පැළදිය යුතුය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක්‍රියාත්මකව තබාගැනීම තහනම්ය. ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙකම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හි`දගැනීම තහනම්ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකිය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිතය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම ඉදිරියෙන් දිවෙන ප්‍රධාන මාර්ගය භාවිත කළ යුතුය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප්රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන්ය. (මවගෙන් පටන්ගතහොත් කුණුබැනුම්ය) .




