ඉතින් බන් ඔය නැෂනල් ජියෝග්රපි, බිබිසි වගේ එවුනුත් කුරුළු කූඩු /පැටව් ඉන්න වීඩියෝ /ෆොටෝ දානවනේ ??? තව ඒ වගේ ෆොටෝ වලට සම්මාන පවා ලැබිල තියනවා නේ???? මේක නීතියක් ලෙස කොහේහරි සදහන් වෙනවද ? එහෙම නැත්නම් යම් පිරිසක් පමණක් සිරිතක් ලෙස වැලකි සිටිමක්ද ?
(මමත් පුද්ගලිකව සත්ව හිංසනයට කැමති නෑ)
ඕක මචං එක්තරා රීතියක්.
මගේ Wildlife පොටෝ ගහන යාලුවෙක් කිව්වේ.සාමාන්‍ය කුරුල්ලෝ පොටෝ ගන්න එකයි, කුරුළු කුඩ පොටෝ ගන්න එකයි දෙකක්.
කුරුළු කුඩ පොටෝ ගන්න නම් ඒ වෙනුවෙන් පූර්ව අධ්‍යනයක් කරන්න ඕනේ. ඒ කිව්වේ කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා කුරුල්ලන්ගේ හැසිරීම් රටා අධ්‍යනය කරලා කරන්න අවශ්‍ය දෙයක්.
ඕකෙදි නියමිත දුරක් පවත්වා ගන්න ඕනේ.
මව් කුරුල්ලන් ගැවසෙන වෙලාවක් වෙන්න ඕනේ.
Feeding time ( කෑම දෙන වෙලාව ) මගහරින්න ඕනේ.
බිත්තර තියෙන නම් පින්තුර ගන්න එකෙන් වලකින්න ඕනේ
ඔය වගේ රීති අනුගමනය කරනවා බන්...
කුරුළු කුඩ ඡයාරුපකරණයේ තව වැඩිපුර විස්තර මේ Guide line වල තියෙනවා....
https://nestwatch.org/connect/news/nest-photography-guidelines/










