තේක්ක වතු/ගස් (2019 Business)

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    කෑලි තුනේ තේක්ක අල්මාරියක් හදන්න ඔය කියන 5000 වගේ තේක්ක ගස් කීයක් විතර ඕන වෙනවද බන්?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එලකිරියෙන් ගස් ගන්න එක හරියන්නේ නැති වැඩක්. . තේක්ක ගහක් ලක්ශ ගානක් කියලා කට්ටිය හිතන් ඉන්නේ. .
    තේක්ක ගස් ගැන දැනගන්න ඕනනම් මිල දැනගන්න ඕනනම් හොදමදේ මොරටුවට ඇවිත් ගස් විකුනන වත්තකට ගිහින් ගනන් දැනගන්න එක. .

    අනිත්දේ සිංගර් වගේ එකකින් තේක්ක ලීබඩු වල මිල බලලා තේක්ක පට්ට ගනන්නේ කියන මතේට එන්න එපා. . උන් 200% විතර ලාබයක් තියාගන්නවා. .
    උදාහරනෙකට මොරටුවේ රු 50000 විකුනන කෑම මේස කට්ටලය උන්ගේ 150000ක්. .




    මේ කැබිනට් එක ගන්නකෝ. .


    sJoE8u0.jpg





    ඕකට කියුබික් අඩි 8ක ලී යනවා. . ඒ කියන්නේ අගල් 24 වට තියෙන අඩි විස්ස දිග ගස් 3ක්. . (මෙතනදි පටලව ගන්න එපා ගහ යට කදේ වට 24 තිබ්බට උඩ වට 15ට විතර අඩුවෙනවා, යටත් 24ක් තිබිලා උඩත් වට 24 තියෙන ගස් නෑ)
    එතකොට ගස් 3 අරන් ලෑලි ඉරලා මඩුවට එද්දි ලී වලට රු 10000ක් වගේ වෙනවා. . බාස්ගේ කුලියයි, ගම්, ඇන වගේ දේවල් එක්ක කැබිනට් එකේ මඩුවේ කොස්ට් එක 16000ක් වෙනවා. . එතකොට මඩුවේ ලාබේ රු 2000ක් එක්ක අමුවෙන් කැබිනට් එක වෙන්නේ 18000යි. . එතකොට ලීබඩු සාප්පුවක් ඕක විකුනන්නේ 20000ට. .
    අපිට ඕක මඩුවෙන් 18000ට අරන් ස්පේ කරලා, වීදුරු අල්ලලා, ලොක් සරනේරු ගහලා කම්ප්ලීට් කරන්න කොස්ට් වෙනවා 30000ක්. . අපි ඕක විකුනන්නේ තොග මිල 34000ට විතර. . ඔය කැබිනට් එක මොරටුවෙන් පිට ශොප්ස් වල 55000ට විතර විකිනෙනවා. . ඕක සිංගර් වගේ එකක විකිනුනොත් ලක්ශයක් වත් වෙනවා. .

    මන් මේ දේවල් කියන්නේ ඉගෙනගන්න යමක් තියෙන නිසා. . මන් මොරටුවේ ලී බඩු බිස්නස් එක නවත්තන්න ප්‍රදානම හේතුවක් වුනේ ලාබේ අඩුකම. . මෙහෙ ශොප්ස් 200ක් විතර තරගෙට ලීබඩු විකුනනවා ඉතින් 10% ලාබේ තියගන්නත් අමාරුයි, වෙන මහන්සියත් එක්ක ගත්තම ඒ ලාබේ කොහොමත් සාදාරන නෑ. . ලී බඩු ශොප්ස් පටන් ගන්න පාරේ මුල ශොප්ස් ඒ කියන්නේ ගෝල් රෝඩ් ඉදන් සොයිසා රෝඩ් එක පටන්ගන්න තැන මුලින්ම තියෙන ශොප්ස් නම් 30% ලාබයක් තියාගන්නවා. . ඒවල පාකින් තියෙනවා. . ඒවලින් ලී බඩු ගන්න එන අය මිල බලන්නේ නෑ, පාකින් එකයි කාඩ් පේමන්ට් එකයි තමයි බලන්නේ. . සිංගර් ෆර්නිචර් යන අය වගේ. . ඒ හරියෙන් අපිට ශොප් එකක් දාන්න බෑ හේතුව පර්ච් එකක් ලක්ශ 30ක් වෙනවා. .


    ලී බඩු ශොප් එකක් කරන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවනම් හොද ටව්න් එකක් බලලා මොරටුවෙන් ලී බඩු අරන් ගිහින් විකුනන්න. .
    එහෙම නැත්තන් ප්‍රදාන නම් තියෙන කම්පැනියක ඩීලර් කෙනෙක් වෙන්න බලන්න. .
    30% ලාබයක් ලේසියෙන්ම ගත්තැකි. .
     
    • Love
    Reactions: wqe123

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Updated.

    Harine bn. Me podi gasne...
    Ape paththe thiyana thekka gahak 75k illalath dila na.


    මන් කලිනුත් කිව්වේ හැම ගහක්ම ලක්ශ ගානක් වෙන්නේ නෑ ලොකු ගස් පොඩි ගස් තියෙනවා වැඩියෙන්ම තියෙන්නේ පොඩි ගස් සහ අපිට අවශ්ය වෙන්නේ පොඩි ගස්. . වට 24 උස අඩි 20 ගහක් ලක්ශ ගානක් වෙනවා කියලා හිතනවනම් ඒක ඒ පුද්ගලයගේ මෝඩකම. .


    thekka lali ganda nadda kutti pitin da wikunanneth


    ලෑලි විකුනන තැන් තියෙනවා ඉක්මන් එකේ ඇති බලන්න. .



    දන්න කෙනෙක් කියන්නකෝ මේ අැදවල් හාෙදද කියල. පට්ට ලාබයි හැබැයි අවුරැද්දක් දෙකක් යද්දි කඩන් වැටෙයිද දන්නෙ නෑ.


    https://ikman.lk/en/ad/unique-new-6x6-teak-gloss-box-beds-for-sale-colombo-1


    අව්ලක් වෙන්නේ නෑ. . ලෑලි මිටිය සම්පූර්න තියෙනවද බලන්න. . ඕක මොරටුවේ 20ක් වගේ වෙන්නේ. . ඩිලිවරිනම් නෑ. .


    සිල්පර කොටං හොයාගන්න තියෙනවද?(ලී) පොඩි වැඩකට .කීයක් වෙයි ද?:rolleyes::rolleyes::rolleyes:



    images


    දන්නේ නෑ. .



    Ayeth prarana business ekema kotasak patan gaththa da ban?


    සයිඩ් බිස්නස් එකක් විදියට කරන්න බැලුවේ. . වැඩේ අව්ස්සලා බලද්දි කරන්න බැරි සීන් එකක් තියෙන්නේ. .





    අඩි 20ක් උස වට අඩි 2ක් නම්
    2 x 7/22 x අරය =2
    අරය = .3183 අඩි

    හරස් කඩ වර්ගපලය = 7/22 x (0.3183)2
    =0.31829 වර්ග අඩි
    දිග =20 අඩි
    පරිමාව = 0.31829 x 20
    =6.3658 ගන අඩි

    මේක වැරදිද?


    මචන් දැනගන්න ඇහුවෙ අනික 1000කට අරන් කපල පටවල ගෙනිහිල්ල ලාබයකුත් එක්ක ගහක් 1000 1500 කට විකුනන්නෙ කොහොමද බන්?
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:


    සූත්‍රේ නම් දන්නේ නෑ බන්. . අපි කියුබික් අඩි පොතකින් අඩිගාන බලාගන්නේ. .
    දැන් මෙහෙමයි කියුබික් අඩි පොතේ තියෙනවා වට 24 දිග අඩි 20 නම් කියුබික් අඩි 5 කියලා. .

    දැන් ඕක හරිද? ඔය විදියටම තියෙනවනම් හරිනේ. .
    මෙතන සීන් එක මෙහෙමයි. . දැන් ගහක් තියෙනවා කියන්නකෝ ඔය වටයි උසයි තියෙන. .
    ගොඩක් වෙලාවට මිනිහෙක් ගිහින් ඕකේ වටේ මනින්නේ ගහ ලගට ගිහින් හිටගෙන අත උස්සලා ඒ අතේ උස ප්‍රමානෙට. . එතකොට ගහේ වටේ මැනෙන්නේ අඩි 8ක් උසින්. . ඒත් ගහේ මැද නෙවේනේ. . සමහරක් මනිනවා තමන්ගේ කර ප්‍රමානෙට. . ඒකත් වැරදීනේ. . අනික ගහ කෙලින් නැති වීම. .
    ගහ මනිද්දි හරි මැදින් වට අරන් ඒකෙන් අගල් 3ක් අඩුකරන්න ඕනා ඒ අඩුකරන්නෙ ගහ කපලා බිම දාලා වේලෙද්දි ඕකේ වට ප්‍රමානේ අඩුවෙනවා ගහ ඇකිලෙනවා, අනික පොත්තට අඩුකරන්න ඕනා. . එතකොට ඔය ගහක් විදියට වට 24ක් තිබිලා උස අඩි 20 ගහ කොටයක් විදියට ගත්තම කියුබික් අඩි 3ක් වගේ උපරිම තියෙන්නේ. . ප්‍රායෝගික තත්වේ ඕකයි. .