තේක්ක ගස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක ගස් තියෙනවනම් අපි ගන්නවා.
    කපලා බිමදාලා මොරටුවට ගෙනත් දෙන්න පුලුවන්නම් වඩා හොදයි.
    එහෙම ගෙනත් දෙනවනම් කියුබික් අඩි ගාන බලලා මිල කියන්න පුලුවන්.
    වැඩි මිලකට දෙන්න පුලුවන් විකුනුම්කරුම පර්මිට් හදලා ගස් කපලා මොරටුවට විකුනනවනම්.
    හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. මුදලක් වැයකරන්න වෙනවා වැඩේට.
    මොරටුවේ ලොරියෙන් ගස්ටික බාන වෙලේට සල්ලි දෙනවා.

    අපි ගස් විදියට තියෙද්දි ගන්නවනම් පර්මිට් හදන වැඩේ ඉදන් මොරටුවට ගේන එක දක්වා වැඩ ටික අපිට කරන්න වෙනවා ඒක අපිට ටිකක් කරදරයි. උදාහරනෙකට කියනවනම් මම වයික්කාල් වත්තක් ගත්තා ගස් 80ක්. ඕකේ වැඩ වලට 13 වතාවක් යන්න වුනා. මාසෙක කාලයක් ගියා ගස් ටික මොරටුවට ගේන්න. ගස් ගත්තේ ලක්ශ 5ට. අනිත් වියදම් වලට 3.80ක් ගියා. ඔක්කොම ලක්ශ 8.80ක්. මොරටුවේ බාන මිල ලක්ශ 10ක්. මාසයක් කට්ට කාලා 1.20ක් අරන් තේරුමක් නෑ. ඊට ලේසියි ලක්ශ 10 දීලා ලෝඩ් එක අරන් 10.50ට දෙන එක.

    ලෝඩ් එකකට කියුබික් අඩි 400-500 අතර පටවන්න පුලුවන්. ගස් 40ක් වගේ පුලුවන්. ලොකු ගස්නම් 30ක් විතර.

    මොරටුවට ගෙනත් දෙන්න හරි, ගස් විදියට දෙන්න හරි තේක්ක තිබ්බොත් කියන්න.

    ගෙනත් දෙනවනම් කියුබික් අඩියට
    2න් පහල 1000
    2න් උඩ 2000
    30න් උඩ 2100
    3න් උඩ 2500
    ඕක මනිද්දි වට අගල් දෙකක් අඩුවෙන් මනින්නේ.
    පටවන්න කලින් ඇවිත් මැනලා කියුබික් අඩි ගාන බලනවා.

    ගස් විදියට දෙනවනම් ඔය උඩ මිලෙන් 1/3 වගේ මිලක් දෙන්නේ. උඩ කියපු මොරටුවට ගේන ගස්වල මිල ලක්ශ 10ක් නම් ගස් විදියට ගද්දි 330000ක් වගේ දෙන්නේ.
    ගස් විදියට ගන්නවනම් අඩුම කියුබික් අඩි 400ක් තියෙන්න ඕනා පොඩි ගස්නම් 40ක් වගේ ලොකු ගස්නම් 30ක් වගේ.

    කියුබික් අඩි මනින්නේ ගහේ වට ප්‍රමානය අරන් ගහේ දිගින් වැඩි කරලා. වට ගද්දි ගහේ හරි මැදින් ගන්නේ. ඕකට පොතක් තියෙනවා ඒකෙන් බලනවනම් ලේසියි.
    නැත්තන් කැල් එකෙන් හදනවනම්
    වට අඟල් x වට අඟල් x දිග අඩි ÷ 2304 = කියුබික් අඩි ප්‍රමානය

    ගස් තිබ්බොත් කියන්න. කලින් සයිඩ් බිස්නස් එකක් විදියට කලේ දැන් ෆුල් ටයිම් බැහැලා කරන්න යන්නේ. කල් යන්නේ නෑ ඉක්මනින් මිලදී ගන්නවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,489
    113
    වට අඟල් x වට අඟල් x දිග අඩි ÷ 2304 = කියුබික් අඩි ප්‍රමානය
    මේක හරිද බන්?

    D = 2 x pi x r --> r = D / (2 x pi )

    A = pi x r ^ 2 --> A = pi ( D / (2 x pi) ) ^ 2 --> A = ( D ^ 2 ) / ( 4 x pi )

    V = A x H

    If d / 12 = D (inches to feet)

    V = ( d / 12 ) ^ 2 / ( 4 x pi ) x H --> V = d x d x H x ( 1 / ( 12 x 12 x 4 x 3.14 ) = d x d x H / 1809
     
    • Like
    Reactions: XibitZ and Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,575
    8,316
    113
    තේක්ක අනුරාදපුරේ කිට්ටු වෙන්න වගේ නෙද තියෙන්නෙ ගොඩක්. අපේ වත්තේ තිබිල සේරම කැපුවා කාලෙකට කලින්. කිසිම දෙයක් වත්තේ හරියන්නේ නැහැ ඔවගේ කොල වැටුනම. ආයේ ලොකු වෙන්න දෙන්නෙත් නහැ. පොල් ගස් ඉවරයි ඔව නිසා.
     
    • Like
    • Wow
    Reactions: XibitZ and Asmodeus

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔච්චර හිගමනෙට වැටුනද

    මොකෝ එහෙම කිව්වේ?

    මේක හරිද බන්?

    D = 2 x pi x r --> r = D / (2 x pi )

    A = pi x r ^ 2 --> A = pi ( D / (2 x pi) ) ^ 2 --> A = ( D ^ 2 ) / ( 4 x pi )

    V = A x H

    If d / 12 = D (inches to feet)

    V = ( d / 12 ) ^ 2 / ( 4 x pi ) x H --> V = d x d x H x ( 1 / ( 12 x 12 x 4 x 3.14 ) = d x d x H / 1809

    ඕක මට තේරෙන්නේ නෑ බන්.
    හිතපන් ගහේ වටේ අගල් 24 ගහක් කියලා උස අඩි 20ක් කියලා හිතමු.

    එතකොට
    24x24x20÷2304=5
    කියුබික් අඩි 5යි.


    තේක්ක අනුරාදපුරේ කිට්ටු වෙන්න වගේ නෙද තියෙන්නෙ ගොඩක්. අපේ වත්තේ තිබිල සේරම කැපුවා කාලෙකට කලින්. කිසිම දෙයක් වත්තේ හරියන්නේ නැහැ ඔවගේ කොල වැටුනම. ආයේ ලොකු වෙන්න දෙන්නෙත් නහැ. පොල් ගස් ඉවරයි ඔව නිසා.

    ගොඩක් තියෙන්නේ කුරුනැගල
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,575
    8,316
    113
    මොකෝ එහෙම කිව්වේ?



    ඕක මට තේරෙන්නේ නෑ බන්.
    හිතපන් ගහේ වටේ අගල් 24 ගහක් කියලා උස අඩි 20ක් කියලා හිතමු.

    එතකොට
    24x24x20÷2304=5
    කියුබික් අඩි 5යි.




    ගොඩක් තියෙන්නේ කුරුනැගල
    permit nam epa wenawa ban. Kurunegala ape gedara mee gahak genna gihin epama una. teak walata nam lesi athi
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලංකාවේ එක එක පැති අනුව පර්මිට් එක වෙනස් තේක්ක වලටත්.
    මම එකපාරක් අනුරාදපුරේ ගස් වත්තක් ගත්තා. ඒකේ ගස් කපන්න කලින් කැපුම් අවසරයක් ගන්න ඕනා. එපාමවුනා ඒකනම් මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ සිතියම් හොයන්නයි විකාරයක්.

    ගොඩක් පැතිවල තේක්ක කපන්න කැපුම් අවසරය ඕනේ නෑ. කපලා බිමදාලා ප්‍රවාහන බලපත්‍රය හදාගන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: netnet