තේජෝ ධාතුව....

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
තේජෝ ධාතුව....

මම මේ කියන්න යන්නෙ බුදු දහමේ එන සතර මහා ධාතු වලින් එකක් වෙන තේජෝ ධාතුව ගැන..

මේක ගැන මම කියන්නෙ, ගොඩක් අය මේ තේජෝ ධාඅතුව කියන්නෙ මොකද්ද කියල හරියට අවබෝධ කරගෙන නෑ.. මෙ තේජෝ ධාතුව කියන සංකල්පය ඉතාම සංකීර්ණ වගේම අවබෝධ කරගත්තොත් ඉතාමත්ම ප්‍රථිඵල දායක කාරණයක්..
ඒක නිවන් යන්න විතරක් නෙමෙයි තමන්ගෙ මේ ජීවිතයටත් ඉතාමත්ම වැදගත් දෙයක්..

ඕනෙනම් තව රහසක් කියන්නම්, මම මේ කියන කාරනය අඩු ගානෙ තාම නවීන විද්‍යාවෙන්වත් හොයාගෙන නෑ, ගණිතය හදාරපු කෙනෙක්ට මේ සංකල්පය භාවිතා කරල අවශ්‍යනම් මොකක් හරි theory එකක් develop කරන්නත් පුලුවන්. මේ දේ අපේ ඇහැට පෙනි පෙනී තීයන දෙයක්, ඒත් අපි මේක බලන්නෙ නැති එකයි අවුල.

All Intelligent property Rights will be passed to the reader..

කාරණයට බහිමු..ඇත්තටම මේක මම අවබෝධ කරගෙන ටිකක් කල්.. ඒත් මේක එලකිරියට ලියන්නෙ කොහොමද කියල තමයි මම හිත හිත හිටියෙ. මොකද මේක හරියටම පැහැදිලි කරන්න නම් මට පිටු 100ක් විතර ලියන්න ඕනෙ. මේක ටිකක් ගැඹුරු කාරණයක්.
කියවන එකාට තේරුම් කරවන විදිහට ලියන එක ලේසි නෑ.
කමක් නෑ මම try එකක් දෙන්නම්. මොකද මම දන්න දේ කොහෙ හරි preserve වෙන්නත් ඕනනෙ.

කට්ටිය බනියි දැන් ලොකු talk දෙනව කියල, ඕන මඟුලක් කියපල්ල,
මෙකයි කාරනේ,
බුදු හාමුදුරුවො කිව්ව විදිහ්ට ලෝකෙට් තියෙන්නෙ නාම, හා රූප කියන දෙක විතරයි. දැනට නිර්වානය පැත්තකින් තියමු.

ඔතනින් රූපය, කොටස් 4 කට බෙදනව, ආපෙ, තේජෝ, වායො, පඨවි කියල,

ඔතන සරලව ගම්මු..
1.ආපෝ - ද්‍රව තත්වය
2.පඨවි - ඝණ තත්වය
3.වායෝ - වායුමය ස්වභාවය

4.තේජෝ - ගින්දර/උණුසුම...

මෙතනදි ඔය කිව්ව වර්ග 4 ටම පොදු ලක්ශණය මොකද්ද? ඕව ඔක්කොම රූප කලාපනෙ. ඔය ඔක්කොම ඇතිවෙලා චිත්තක්ෂණ 17කට පස්සෙ විනාශ වෙනවා.

ඔතනින් පලවෙනි 3 න ගැනම අපිට ප්‍රශ්නයක් නෑනෙ.

ඔය පලවෙනි 3 නම ' පදාර්ථය'/matter ලෙස ගන්න පුලුවන්.

එතකොට තේජො ධාතුව එහෙමත් නැත්තම් උශ්ණත්වය, ඒක මොකද්ද? ඒක පදාර්ථය නෙමේද?
ඔක්කොම රූප කලාපනම් එකක් විතරක් අනිත් 3න් වෙනස් වෙන්න බෑනෙ..

ඒ නිසා තේජෝ ධාතුවත්/temperature කියන property එකත් පදාර්ථයම තමයි..

ඒ කියන්නෙ temperature එකටත් mass එකක් තියනව.

හරි භෞතික විද්‍යාව පැත්තකින් තියමු. නැත්තං අපි අලුත් Theory නිර්මාණය කරයි. ඒව කැමතිනම් උඹල කරපල්ල..

අනික බුද්ධාගමේ සඳහන් වෙන දේවල් scale free.. ඒ කියන්නෙ පඨවි දාතුව විදිහට පරමාණුව ගන්නත් පුලුවන්, ඕනෙනම් මුලු පෘතුවියම ගන්නත් පුලුවන්. ප්‍රශ්නයක් නෑ..

ආපෝ ධාතුව විදිහට ජල පරමානුව්වක් ගන්නත් පුලුවන්. මේ සප්තමහා සාගරය ගන්නත් පුලුවන්. ගැටලුවක් නෑ. ඒත් පුලුවන් තරම් big scale එකෙන් හිතන්න. එතකොට අවබෝද කරගන්න ලේසියි.

බුද්ධ කාලෙ අන්වීක්ෂ තිබ්බෙ නෑනෙ. ඒත් ඔය ඔක්කොම අවබෝද කරානෙ නුවනින්.

අනික් ප්‍රධානම කාරනේ තමා එක් ධාතු ආකාරයක් විදිහට සලකන දෙය ඒ මොහොතේම අනික් ඕනෙම ධාතු ආකාරයක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.

ඒකියන්නෙ පඨවි ධාතුවට මේ මොහොතේම තේජෝ ධාතුව ලෙසත්, ආපෝ ධාතුව ලෙසත්, වායෝ ධාතුව ලෙසත් එකම මොහොතේ හැසිරෙන්න පුලුවන්.

උදාහරණෙකට අපි පෘතුවිය ගම්මු. පෘතුවියට එකම මොහොතෙ ආපේ, තේජෝ, වායෝ, පඨවි කියන ධාතු ආකාර 4න් ම හැසිරෙන්න පුලුවන්.

කොහොමද එහෙම වෙන්නෙ? හත් දෙය්යනේ මේක කොහොමද විස්තර කරන්නෙ? ප්‍රශ්න කෝටියක් උබලට එයි..

සරලවම කිව්වොත්, එක් රූප කලාපයක් විසින් තවත් රූප කලාපයක් වෙනසකට භාජනය කිරීම තේජෝ ධාතුවයි..

එතකොට පඨවි ධාතු ප්‍රමානය වැඩි වෙද්දි එක පඨවි ධාතුවකට තවත් පඨවි ධාතුවක් වෙනස් කිරීමත තියන හැකියාව වැඩි වෙනවා. අන්න අපිට පේනව තේජෝ ධාතුව වැඩි වෙනව.

PV=nRT කියන සමීකරණයෙන් කියන්නෙත් ඕකමනෙ..

වැදගත්ම දේ තමා ඕකෙ තියන practical use එක.. දෙය්යනෙ, අපෙ ඉපැරනි සිංහල ආයුර්වේදය ට ආයෙ යන්න හිතෙනව මේ දේ ඇස් ඇරල බැලුවොත්..

ඔය කිව්ව විදිහට බැලුවොත් temperature කියන property එක absolute එකක් නෙමේ. නිකම්ම නිකම් සාපේක්ෂ දෙයක්. අපෙ උපකරන වල limit එකට අනුව ඒකත් වෙනස් වෙනව.

හරියට හිතුවොත් superconductivity කියන phenomenon එකත් මේ විදිහට ලේසියෙන්ම පහදන්න පුලුවන්. ඒව උබල ඕනෙනම් කරපල්ල. මම ඊට වඩා වැදගත් දෙයක් කියන්නයි හදන්නෙ..

හරි ඔය theory එකට අනුව, උෂ්ණත්වය අඩු වෙද්දි පඨවි ධාතුව අඩු වෙන්න්න ඕනනෙ.

හරි ඒ කියන්නෙ cool වෙන්න වෙන්න, අපි හරිම සුව පහසුවට ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනනෙ.. මම කිව්ව දේ තේරුනානම් එහෙම වෙන්න ඕනෙ කියල තේරෙනව. ඒකෙ අවුලක් පේන්නෙ නැත්තං හරියට තේරිල නෑ. අයේ කියවල පොඩ්ඩක් හිතපං..

cool වෙන්න වෙන්න interact කරන්න තියන පඨවි ධාතුව අඩු වෙනවනෙ. ඒ කියන්නෙ අපිට අවුලක් වෙන්න බෑනෙ.

ඒත් අපි දන්නවනෙ රත් වෙද්දි අපිව මැරෙනව වගේ, ඕනෙවට වඩා cool කරත් අපිව මැරෙනවනෙ? ඇයි එහෙම වෙන්නෙ?

උත්තරේ දෙන්න පුලුවන්නම් උබ real genius කෙනෙක්

හිතන්න පුලුවන් එවුන් දැන් කියවන එක නවත්තල හිතපල්ල, අනිත් එවුන් කියවපල්ල..

මේකයි හේතුව,

අපේ ඇඟේ පැවැත්ම සඳහා තේජෝ ධාතුව යම් ප්‍රශස්ථ මට්ටමකට ඕනෙ කරනව.

තේජො ධාතුව කියන්නෙ තියුනු දාර සහිත පඨවි ධාතුවක් කියල හිතන්න. එතකොට මේ තේජෝ ධාතුව කියන රූප කලාපය විසින් අපේ ඇඟෙ ක්‍රියාවලිය පවත්වා ගන්නෙ ඇඟේ තියනව වැඩිපුර කෑලි කපල කොටල ඉවත් කිරීමෙන්. අපිව ගින්නට අහු වුනාම අපේ ඇඟෙන් රූප කලාප අඩුවෙනව වගේම අපි අධික ශීතලට ලක් උනාම අපේ ඇන්ගට වැඩිපුර රූප කලාප එකතු වෙනව. ඔය තත්ව දෙකම හානිකරයි..

තව කියන්න නම් බොහෝ දේ ඇත, ප්‍රශ්න තියනවනම් අහපල්ල..
 
Last edited:
  • Like
Reactions: hiranlahiru2015

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔයාගේ අදහස් ඔයා මොකක් අනුසාරයෙන්ද ඉදිරිපත් කරන්නේ ?
    ඕව 100% ඇත්ත කියල කොහොමද පිලිගන්නේ?
    ඔයාට මේ වගේ තියරි ඉදිරිපත් කරන්න තියෙන සුදුසුකම මොකක්ද?
    බුද්දාගමේ දෙශනා කරපු දෙයක් නම් කමක් නැ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තේජෝ කියන්නේ උෂ්ණත්වය කියලා කියන්න අමාරුයි නේද :nerd:

    ඕක නියම තේරුම තමයි තෙද ගැන්වීම එහෙම නැත්තම් නැවත නැවත බලවත් කිරීමේ ලක්ෂණය
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔයාගේ අදහස් ඔයා මොකක් අනුසාරයෙන්ද ඉදිරිපත් කරන්නේ ?
    ඕව 100% ඇත්ත කියල කොහොමද පිලිගන්නේ?
    ඔයාට මේ වගේ තියරි ඉදිරිපත් කරන්න තියෙන සුදුසුකම මොකක්ද?
    බුද්දාගමේ දෙශනා කරපු දෙයක් නම් කමක් නැ

    මේව මම කෝච්චියෙ යද්දි කල්පනා කරන ඒව බං.. එහෙම පිලිගන්න එපා. ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ. යථාර්ථය අවබෝධ කරගන්න මම දරන උත්සාහයේ ප්‍රථිඵල තමයි මේ.

    අපිට අතීතයේ තිබ්බ ගොඩක් දේවල් අහිමි වෙලා ඉවරයි දැන්.. මම ඉතින් මේ පොඩි ට්‍රයි එකක් දෙන්නෙ අපිට නැති වුන දේ ආයෙ ලබා ගන්න..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සොයන්නා;22775089 said:
    තේජෝ කියන්නේ උෂ්ණත්වය කියලා කියන්න අමාරුයි නේද :nerd:

    ඕක නියම තේරුම තමයි තෙද ගැන්වීම එහෙම නැත්තම් නැවත නැවත බලවත් කිරීමේ ලක්ෂණය

    බුදු හාමුදුරුවො කිව්වනෙ බං තේජෝ ධාතුව වැඩිපුරම තියෙන්නෙ ගින්දර වල කියල..
    ඒක එච්චර ප්‍රශ්නයක් නෑ බන්. කෙනෙකුට ඕනෙනම් තේජෝ ධාතුව විදිහට ගින්න , ඉර, උනුසුම, සීතල, වතුව, ..ඔය ඕනෙම එකක් ගන්න පුලුවන්..

    ඒ නිසා උෂ්ණත්වය නොකිව්වට අවුලක් නෑ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මේව මම කෝච්චියෙ යද්දි කල්පනා කරන ඒව බං.. එහෙම පිලිගන්න එපා. ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ. යථාර්ථය අවබෝධ කරගන්න මම දරන උත්සාහයේ ප්‍රථිඵල තමයි මේ.

    අපිට අතීතයේ තිබ්බ ගොඩක් දේවල් අහිමි වෙලා ඉවරයි දැන්.. මම ඉතින් මේ පොඩි ට්‍රයි එකක් දෙන්නෙ අපිට නැති වුන දේ ආයෙ ලබා ගන්න..

    මෙහෙමයි මචන් මේව ඔයා කල්පනා කරන දේවල් කියල ඔයාවත් දන්නෙ නැනෙ 100% හරි කියල

    හොදම දෙ තමයි ඔයාට හිතෙන දේවල් කොලේක හරි ලියගෙන මෙ සම්බන්ද දැනුමක් තියෙන අපේ හාමුදුරු කෙනෙක්ව හම්බ වෙලා මේව ගැන සාකච්චා කරල හරි වැරැද්ද තෝර බේර ගන්න එක
    නැත්නම් මේ ඔයා කරන දෙයින් වෙන්නේ සමාජෙටත් ලොකු වැරැද්දක් ඔයාටත් ලොකුම වැරැද්දක් ඔයා කර ගන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,494
    113
    tfs

    4.තේජෝ - ගින්දර/උණුසුම...

    thejo kiyanne unusuma kiwwath hari thamai eth, thejo kiyala kiyanne yamaka ushnathwaya kiyana swabhawayata. sisil ho unusum swabhawayata
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මෙහෙමයි මචන් මේව ඔයා කල්පනා කරන දේවල් කියල ඔයාවත් දන්නෙ නැනෙ 100% හරි කියල

    හොදම දෙ තමයි ඔයාට හිතෙන දේවල් කොලේක හරි ලියගෙන මෙ සම්බන්ද දැනුමක් තියෙන අපේ හාමුදුරු කෙනෙක්ව හම්බ වෙලා මේව ගැන සාකච්චා කරල හරි වැරැද්ද තෝර බේර ගන්න එක
    නැත්නම් මේ ඔයා කරන දෙයින් වෙන්නේ සමාජෙටත් ලොකු වැරැද්දක් ඔයාටත් ලොකුම වැරැද්දක් ඔයා කර ගන්නේ

    හ්ම්ම්.. මම මෙතන කියල නෑනෙ බං. මේව බුදුහාමුදුරුවො කිව්ව දේවල් කියල. එහෙම නොකීවෙත් ඔය හේතුව නිසා තමයි. මම ධර්මය විකෘති කරන්නෙ නෑ. බය වෙන්න එපා. මේක මගෙ අදහසක් විදිහටයි යන්නෙ...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ ඉස්සර බුද්ධාගම ඉගැන්නුවේ සැර හාමුදුරු කෙනෙක්. පට්ට සැරයි. ඔය හතර මහා ධාතු පාඩමේදි ඔය ටික කිව්වා. ආපෝ,තේජෝ,වායෝ,පඨවි. මම ආතල් එකටත් එක්ක ආපෝ කියන එක හාාා..පෝ.. කියල කිව්වා. ළඟට ඇවිත් ගැහුවා කනට කන කීං ගාන්න. දණ ගස්සවලා තිබුණා පීරියඩ් එක ඉවර වෙනකන්. පස්සෙදි මගේ ළඟට ඇවිත් ඇහුවා රිදුණද පුතේ කියලා. මම කිව්වා නෑ කියලා. පස්සෙදි මම සමාවෙන්න කියල වැන්දා. ගත්තු ආතල් ගුටිකාපුවා තාම මතකයි. ආයෙ අමතක වෙන්නෙ නෑ ඉස්කෝල ජීවිතේ. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තේජෝ කියන්නේ ශක්තිය කියන්න පුළුවන් නේද ඕනේ නං. මොකෝ ශක්තියයි පදාර්ථයයි දෙකම එකයි කියලනේ කියන්නේ දැන්. එතකොට පඨවි ආපෝ පදාර්ථ වෙලා තේජෝ කියන්නේ පදාර්ථ නොවෙන්නේ ඇයි කියන එකට උත්තරේ හම්බෙනවා. උෂ්ණත්වය කියන්නේ මිනිස්සුන්ට ලේසියෙන් තේරෙන ශක්තිය පවතින අවස්තාවක් නිසා බුදුහාමුදුරුවෝ තේජෝ කියන්නේ උණුසුම කියල තේරෙන්න කිව්වා වෙන්න පුළුවන් කියල මට නිකන් හිතෙනව.
     
    ඒක ගැලපෙන්නෙ නෑ බං රූප කියන සංකල්පයට. මොකද ඔය ධාතු 4 ම අන්තිමේදි බැලුවොත් රූප කලාපයක්.

    ශක්තිය විදිහට තේජෝ ධාතුව ගත්තොත් ඒක අනිත් ධාතු වලට වඩා සියුම් වෙනව. එහෙම වෙන්න බෑ. සම් කිසි ධාතුවක් එකම මොහොතෙ අනික් ඕනෙම ධාතු ආකාරයකට හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ශක්තිය කියන්නෙ සරලව ගත්තොත් ආයෙත් පඨවි ධාතුවමයි. ආලෝකය කියන්නෙත් පඨවි ධාතුව, විදුලිය කියන්නෙත් වෙගයෙන් ගමන් කරල ඉලෙක්ට්‍රෝනනෙ. ඉලෙක්ට්‍රෝන කියන්නෙත් පඨවිදාතුව.
    විදුලියෙ සියලුම properties ටික simulate කරන්න පුලුවන් වතුර ගෙනියන නල පද්දතියකින්.
    quantum physics පවා පහදන්න පුලුවන්.

    ඇත්තටම කිව්වොත් quantum superposition කියන්නෙ ආලෝකයේ වෙගයට වඩා වේගයෙන් චලනය වෙන පඨවි ධාතුවක්. ඒත් ආලෝකයේ වේගයට වඩා ඉතාම අධික වේගයක් මනින්න අමාරු නිසා, එකම වස්තුව තැන් දෙකක තියනව වගේ අපිට පේනව.

    සත්වය කියන්නෙත් ඕකටම තමයි. ඉතාම වැඩි වේගයකින් තොරතුරු process කරන නිසා හේතුඵල දහම අපිට නොපේනී යනව.

    computers උනත් තව බලවත් උනොත් අනාගතයෙදි ඒවට හිතන්න පුලුවන් කියල අපි වැරදියට හිතන්න ඉඩ තියනව. ඇත්තටම ගත්තොත් අපිටවත් free thinking නෑ.
     
    ඉතින් තේජෝ කියන්නේ උෂ්ණත්වය ය, අනික් තුනත් ස්කන්ධ තියෙන පදාර්ථ ඒ නිසා උෂ්ණත්වයටත් ස්කන්ධයක් තියෙනවාය කියන එක ඊට වඩා නොගැලපෙන දෙයක් නෙ. :oo: ශක්තිය සරලව ගද්දි ආයෙත් පඨවි වීම අවුලක් නෑනෙ එහෙම බැලුවොත් ආපෝ,වායෝ කියන්නෙත් ඊටත් වඩා පඨවිට ආසන්න දේවල් නෙ. තේජෝ කියන එක ඒ තුනට සමානකමක් නෑ පිටින් ගෙනත් තියල වගේ. ඒකයි මම කිවේ ඒ ඇවිල්ලා ශක්තිය වෙන්න ඇති කියල. මොකෝ ශක්තිය කියන්නෙත් පදාර්ථ වලම තවත් අවස්තාවක් නිසා.

    යම් කිසි ධාතුවක් එකම මොහොතෙ අනික් ඕනෙම ධාතු ආකාරයකට හැසිරෙන්න පුලුවන් වෙන්න ඕනෙ නං තේජෝ කියන එක කොහොමද එතකොට පඨවි ආපෝ වායෝ වගේ හැසිරෙන්නේ එකම අවස්ථාවේ කියන එකත් පැහැදිලි මදි :yes:
     
    ඒක තමයි තාම විද්‍යාවෙන් හොයාගත්තෙ නැති කාරනය. උෂ්ණත්වයට ස්කන්ධයක් තියනව. ඒකට අදාල equation එක හොයාගත්තොත් උබත් einstein වගේ වෙයි. ගුරුත්වාකර්ෂනයත් ඉස්සර ඉඳන් තිබ්බට ඒකට අදාල සමීකරනය හොයාගත්තෙ නිව්ටන්නෙ.

    ඕක explain කරල මම තියනව මදි කියල මම දන්නව. කොහොමද උෂ්ණත්වයට ස්කන්ධයක් එන්නෙ කියන එක. ඕක ලේසි වැඩක් නෙමේ.

    සරලව මෙහෙම ගනින්කො,

    උබට එකම අවස්ථාවේදී පඨවි ධාතුව, ආපෝ ධාතුව විදිහට හැසිරෙන එක ගැන ගැටලුවක් නෑනෙ? උදාහරණෙකට ගත්තොත් අපිට ද්‍රවයක් විදිහට පෙනෙන රසදිය වගේ දෙයක් කූම්බියෙකුට ඝන ද්‍රව්‍යක් විදිහට ඒ මොහොතෙම පේන්න පුලුවන්.

    ඒ වගේම ඉතාම අඩු ජීවිත කාලයක් තියන ජීවීන්ට උනත් අපිට ද්‍රව විදිහට පේන දේවල් උන්ට ඝන ලෙස පේන්න පුලුවන්.

    ඒ වගේම දෙවියො වගේ ඉතාම අධික ජීවිත කාලයක් තියන ජීවීන්ට අපිට ද්‍රව වගේ පේන දේවල් එයාලට ඝන වගේ පේන්න පුලුවන්.

    තව ගොඩක් කියන්න පුලුවන්... එතකොට මොනවද ඉතුරු වෙන්නෙ?

    වායෝ, ආපෝ දාතු නැතුව මේ ලෝකෙම පඨවි ධාතුවෙන් විතරක් උනත් explain කරන්න පුලුවන් නේද?

    මොකක් හරි අඩුවක් පේනවද?