තේරවිලි...

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කටු වානෙන් කෙටුවා වැනි කොලේ සැටි
රතු නුලෙන් ගෙතුවා වැනි මලේ සැටි
තුන් මස පිරෙනකොට කුකුලෙක් විතර ඇති
සාර මසට පැසෙනා ගෙඩි කියන සකී

අන්නාසි
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පාටකුයි ගහක නමකුයි වතුර තියෙන තැනකුයි එකතු වෙලා හැදෙන ගම කියපන් බලන්න.
    රත්මල්විල :cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අතයි පයයි මිස කොයින්ද බඩ කට
    පය සිටුවා අත කැරකෙයි පය වට
    අත මිස පය නැත විහිදෙන ඈතට
    පය ළඟටම යළි එයි මග හෙළි කොට
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අතයි පයයි මිස කොයින්ද බඩ කට
    පය සිටුවා අත කැරකෙයි පය වට
    අත මිස පය නැත විහිදෙන ඈතට
    පය ළඟටම යළි එයි මග හෙළි කොට

    oralosuwada???????????
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කැරලි බිසවුන් නේ - දිය පිට බිජුලන් නේ
    සුළගට මෝරන් නේ - නුවණින් තෝරන්නේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    හදන කෙනා හදන්නේ උගේ පාවිච්චියට නෙමෙයි , ගන්න කෙනා ගන්නේත් උගේ පාවිච්චියට නෙමෙයි , පාවිච්චි කරන කෙනා දන්නේ නෑ උ එක පාවිච්චි කරනවා කියලා ..... මොකක්ද ?