හෝටල්, ආපනශාලා සහ තේ පැන් ශාලාවල සීනි භාවිතය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) නිකුත් කළා.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල වැඩමුළු, රැස්වීම් සහ උත්සවවලදී සංග්‍රහ සඳහා තේ, කෝපි හෝ කිරි තේ පිළිගන්වන විට ඒවා සීනි රහිතව සකස් කළ යුතු වනවා.
සීනි බඳුන සහ තේ හැඳි වෙනම සපයා පුද්ගලයාට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීමට පහසුකම් සැලසිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
‘‘සීනි අඩුවෙන් පරිභෝජනය කර දියවැඩියා වැනි රෝගවලින් වැළකෙමු’’ යනුවෙන් ස්ටිකරයක් සීනි බඳුනෙහි ඇලවීමට වගබලා ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ හෝටල්, තේ පැන් ශාලාවල ද මෙම කි‍්‍රයාමාර්ග අනුගමනය කළ යුතු බවයි. නව චක්‍රලේඛයට අනුව බෝ නොවන රෝග සහ සීනි භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ මහජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩල ද දැනුවත් කළ යුතු වනවා.
පාසල් ආපනශාලා තුළ ලුණු, සීනි සහ තෙල් අධික ආහාර අලෙවි කිරීම ද අවම කළ යුතු බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. දියවැඩියාව මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බැවින් මෙම පියවර අනුගමනය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.