තේ, කෝපි, කිරි පිළිගන්වන විට සීනි රහිතව - චක්&

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෝටල්, ආපනශාලා සහ තේ පැන් ශාලාවල සීනි භාවිතය පිළිබඳ විශේෂ චක‍්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (12) නිකුත් කළා.

    ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල වැඩමුළු, රැස්වීම් සහ උත්සවවලදී සංග‍්‍රහ සඳහා තේ, කෝපි හෝ කිරි තේ පිළිගන්වන විට ඒවා සීනි රහිතව සකස් කළ යුතු වනවා.

    සීනි බඳුන සහ තේ හැඳි වෙනම සපයා පුද්ගලයාට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීමට පහසුකම් සැලසිය යුතු බවයි එහි දැක්වෙන්නේ.

    ‘‘සීනි අඩුවෙන් පරිභෝජනය කර දියවැඩියා වැනි රෝගවලින් වැළකෙමු’’ යනුවෙන් ස්ටිකරයක් සීනි බඳුනෙහි ඇලවීමට වගබලා ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ හෝටල්, තේ පැන් ශාලාවල ද මෙම කි‍්‍රයාමාර්ග අනුගමනය කළ යුතු බවයි. නව චක‍්‍රලේඛයට අනුව බෝ නොවන රෝග සහ සීනි භාවිතයේ අහිතකර ප‍්‍රතිඵල පිළිබඳ මහජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩල ද දැනුවත් කළ යුතු වනවා.

    පාසල් ආපනශාලා තුළ ලුණු, සීනි සහ තෙල් අධික ආහාර අලෙවි කිරීම ද අවම කළ යුතු බවටයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. දියවැඩියාව මේ වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බැවින් මෙම පියවර අනුගමනය කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇත්තටම හොඳ දෙයක්. ඔය දියවැඩියාව හැදුනම රඟේ දන්නේ ඒ මිනිස්සු විතරයි. අපෝ ලෙඩ සනීප වෙන්නේ නෑ, තුවාල සනීප නැති උනාම තුවාල කුණු වෙනවා. ඊට පස්සේ ඇඟේ කෑලි කපනවා. මගේ අන්කල් කෙනෙකුට ඔය ලෙඩේ තිබුණා. පටන් ගත්තේ කකුලේ මහපට ඇඟිල්ලේ පොඩි තුවාලයකින්. සනීප උනේ නෑ. ඊට පස්සේ ඇඟිල්ල කැපුවා. සනීප උනේ නෑ ඒ තුවාලේ අන්තිමට කකුලම කැපුවා දනියට පහලින්. වැඩි කල් ගියේ නෑ ජිවත් උනේ නෑ. හොඳ දෙයක් මේක දැන්වත් කරපු එක.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ටිකක් ගොබ්බයි වගේ පෙනුනට හොද කන්සෙප්ට් එකක්,සිනි නිසා ලන්කාවෙ මිනිස්සු කොයිතරම් බෙහෙත් කොම්පනි පෝසත් කරනවද,දියවැඩියාවට අවුරුදු 15-20 බෙහෙත් බොනව.

    මේ වගේ දේවල් ට්‍රෙන්ඩ් කරන්න ඕන.එතකොට සීනි නැතුව තේ බොන එක ට්‍රෙන්ඩ් එකක් කරගන්නව තරුන පරපුර.
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වැඩේ නම් හොදයි:):), හැබැයි ඕවා නිති නැතිව රිති උනානම් හොදයි නේ:),,,,නැත්නම් සිනි තේ එකට දාල දුන්න කියලා නඩු දායි:P, ඒවගේ කුප්ප ඩයල් ඉන්නේ ලංකාවේ:lol::lol:...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වර්ථමානයේ අප භාවිත කරන සීනි වල ඉතාම සුළු වශයෙන් හෝ පිළිකාකාරක අඩංගු වන බව මා අසා අැත. :(:(