තේ වලටත් කනකොකා හඩනවා.......
මගේ තාත්තත් ගොවියෙක්. එයාගෙ ප්‍රධාන ජීවනෝපාය වුනේ තේ වගාව. පහුගිය අවුරුදු 40 ඇතුළෙ අමු තේ දළු වල මිල අස්වාභාවික විදියට උච්චාවචනය වුන එකේ ප්‍රතිඵලයක් විදියට තාත්තට ගොඩක් වෙලාවට පාර්ට් ටයිම් කම්කරුවෙක් විදියටත් වැඩ කරන්න සිද්ධ වුනා. එහෙම වුනේ පවුලෙ එකම ආදායම් මාර්ගය වුන තේ වගාවෙන් පවුලක් නඩත්තු කරන්න බැරි වුන නිසා.
මං උඩදි කිව්වෙ පරණ කතාවක්. ඒත් අද මම ගමට ගියාම ඒ මගේ පරණ කතාවට සමාන කතා දහස් ගණනක් අද වෙද්දිත් ඒ පොළොවෙ ඒ විදියටම ලියවිලා තියෙනවා ඇස් දෙකෙන්ම දැක්කා.
වාර්ථාවලට අනුව තේ කර්මාන්තය කියන්නෙ වසරකට ලංකාවට රුපියල් බිලියන 250 ක විතර විදේශ විනිමයක් ලබාදෙන ඉන්ඩස්ට්‍රි එකක්. රැකියාවල ගුණාත්මක භාවය සහ කම්කරු අයිතිවාසිකම් කොයිතරම් දුරකට ආරක්ෂා වෙලා තියෙනවද කියන එක ගැන ගැටළු තිබුණත් මගේ දැනුමට අනුව තේ කර්මාන්තය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුන සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය මිලියනයකට ආසන්නයි.
තේ ගැන කතා කරද්දි විශාල ප්‍රමාණයේ වතු, කර්මාන්තශාලා, Tea Brands විතරක් අපේ ඔලුවට ආවත් ඒ දැවැන්ත ව්‍යාපාරිකයො ඉන්ඩස්ට්‍රි එකට දක්වන දායකත්වයට සමාන හෝ ඊට වඩා වැඩි දායකත්වයක් මම කලින් කියපු කුඩා තේ වතු හිමියන්ගෙනුත් ලැබෙනවා.
තේ ගස් එක්ක හැප්පෙන මේ කුඩා තේ වතු හිමියන්ගේ ජීවිත හරිම කටුකයි. මම මේ ගැන කලිනුත් ලිව්වා. කෙටියෙන්ම කිව්වොත් මේ පිරිස ජීවත් වෙන්න දහඩිය, කඳුලු විතරක් නෙමෙයි දිනපතා ලේ හලන මිනිස්සු පිරිසක්. කූඩැල්ලෙක් දැක්කම බයේ කෑමොර දෙන මිනිස්සු ඉන්න රටක මේ මිනිස්සුන්ව හැම දවසකම කූඩැල්ලො කීප දෙනෙක්ගෙ ගොදුරක් බවට පත් වෙනවා. එතනින් එහාට විෂ සහිත සත්තු ගැවසෙන, තමන් හිටගෙන ඉන්න පොළොව තමන්ටවත් නොපෙනෙන තැනක දවසම ගතකරන්නත් සිද්ධ වෙනවා.
මේ බාහිර ප්‍රශ්න වලට වඩා බරපතළ සමාජ ප්‍රශ්න ගොඩකුත් මේ අයගෙ ජීවිත ඇතුළෙ තියෙනවා. ඒක වෙනමම කතා කලයුතු ඉතාම සංකීර්ණ මාතෘකාවක්.
ඉතාම දුක්ඛිත ජීවිත ගත කරන ගමන් රටට විදේශ විනිමයක් ගේන්න වැඩ කරන මේ පිරිසට පහුගිය අවුරුදු 40 -50 ක ඉතිහාසය තුළ ආපු කිසිම ආණ්ඩුවක් සාධාරණයක් ඉටු කරල නැහැ. අවම වශයෙන් ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න වලටවත් දිගු කාලීන විසඳුම් ලබාදීලා නැහැ. සහනාධාර කෙසේ වෙතත් ඔවුන්ගේ නිශ්පාදනවලට සාධාරණ සහ ස්ථාවර මිලක් ලබා දෙන්න රජය අසමත් වෙලා තියෙනවා. වර්ථමාන ආණ්ඩුව කාලෙ විතරක් නෙමෙයි, පහුගිය දශක කීපය තුළම මේ පිරිස දිගින් දිගටම අසාධාරණයට ලක් වුනා.
මේ ප්‍රශ්න දිගටම මේ විදියට තියෙද්දි පැවතුණු හැම රජයක්ම කරේ මේ අය කබලෙන් ලිපට ඇදල දාන්න වැඩ කරපු එක. මුලින්ම ඉංදියාවෙන් බාල (Low Quality) තේ ආනයනය කරලා ලංකාවෙ හොඳ තේ එක්ක මිශ්‍ර කරලා සිලෝන් ටී නමින් අපනයනය කරන්න පටන් ගත්තා. ඒ තක්කඩි වැඩේ මාට්ටු වුනාට පස්සෙ අපේ තේ වලට තිබුණ ඉල්ලුම සෑහෙන මට්ටමකින් අඩු වුනා. අපිට තිබුණ මාර්කට් ශෙයාර් එක කෙන්යාව වගේ තේ වලට අලුත් රටවල් අතට ගියා.
මේ වෙද්දි ඒ අර්බුදයම ඊට් වඩා බරපතළ තැනකට තල්ලු වෙලා. අද වෙද්දි වියට්නාමයෙන් Bulk Tea ආනයනය කරලා ලංකාවෙ තේ එක්ක පනහට පනහ (50:50) මිශ්‍ර කරලා ප්‍රතිඅපනයනය කරන්න රජය අනුමැතිය දීලා තියෙනවා. අද වෙද්දි ගොවියන්ට අමු තේ දළු කිලෝවකට ලැබෙන මුදල තීරණය කරන්නෙ මේ කියන මාෆියා එක. මාස කීපයකට කලින් අමු තේ දළු කිලෝවකට ලැබුණු මුදල රුපියල් 100 ක්. ඒත් පහුගිය මාසෙ වෙද්දි ඒක රුපියල් 70 කට අඩු වෙලා. ජූලි මාසෙදි ලැබෙන මුදල ගැන අද වෙද්දිත් (මාසෙ මැද) කිසිම ගොවියෙකුට අදහසක් නැහැ.
තේ කියන්නෙ ලංකාවට ගැලපෙන බෝගයක් ද ? මේ ඉන්ඩස්ට්‍රි එක අපිට ගැලපෙනවද ? තේ වගාව සහ පරිසර අර්බුදය වගේ දේවලුත් සාකච්ඡා කරන එක වැදගත්. ඒත් මේ වෙද්දි අපි මුහුණ දීල ඉන්න ප්‍රායෝගික ගැටලුවට විසඳුම් හොයන එක රජයට මගහැරිය නොහැකි වගකීමක්.
මේක ගොවියො එකට එකතුවෙලා තමන්ගෙ අයිතිවාසිකම් දිනාගන්න අරගල කරන්න ඕන වෙලාවක්. ඒත් මේ වෙද්දි ඇත්තටම සිද්ධ වෙන්නෙ එක එක දේශපාලඥයන්ගෙ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් මේ අහිංසක ප්‍රජාව කෑලි වලට කඩලා නැවත නැවතත් පහත් විදියට පාවිච්චි කරන එක.
බිම් මට්ටම ගැන පැහැදිලි අවබෝධයක් තියෙන සැබෑ වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් රටේ තිබුණනම් මේ නිශ්චිත ප්‍රශ්නය/ තත්වය ලංකාවෙ දේශපාලනයෙ හැරවුම් ලක්ෂයක් විදියට ඉතිහාසගත වෙන්නත් ඉඩ තිබුණා.....
බුකියෙන් ගත්ත එකක්.... ඒත් කනගාටුදායක ඇත්ත කතාවක්.....

Last edited: